අත්හදා බැලීමට යෝජනා
අගෝස්තු මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු
“හැමෝම වගේ යාච්ඤා කරනවා. දෙවි කෙනෙක්ව විශ්වාස කරන්නැති අයට වුණත් කරදරේකදී මතක් වෙන්නෙ දෙවියන්ව. ඔයා හිතන විදිහට දෙවියන් හැමෝගෙම යාච්ඤා අහනවාද?” ප්‍රතිචාරයට ඉඩහරින්න. අගෝස්තු 1 මුරටැඹ සඟරාවේ අන්තිම පිටුවේ තියෙන ලිපිය පෙන්වන්න. පළවෙනි ප්‍රශ්නෙට අදාළ තොරතුරු සහ එක බයිබල් පදයක්වත් සාකච්ඡා කරන්න. සඟරාව දීලා අනිත් ප්‍රශ්නය සාකච්ඡා කරන්න දිනයක් කතා කරගන්න.
මේ යෝජනාව අගෝස්තු තුන්වෙනිදා පවත්වන ක්ෂේත්‍ර සේවා රැස්වීමේදී නිරූපණය කළ යුතුයි.
මුරටැඹ අගෝස්තු 1
“අද හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක් ගැන අපි කතා කෙරුවා. ඒ තමයි අසභ්‍ය පින්තූර බැලීමේ පුරුද්ද. හුඟක් අය හිතන්නෙ මේක වැරැද්දක් නෙමෙයි කියලා. ඔයා මොකද හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] යේසුස් කිව්වා යමක් හොඳද නරකද කියලා දැනගන්න පුළුවන් වෙන්නෙ ඒකෙන් ලැබෙන ප්‍රතිඵලවලින් කියලා. [මතෙව් 7:17 කියවන්න.] මේ සඟරාවේ අසභ්‍ය පින්තූර බැලීමෙන් ඇති වෙන නරක ප්‍රතිඵල ගැන කියනවා. ඒකෙන් ගොඩ එන හැටිත් කියලා තියෙනවා.”
පිබිදෙව්! අගෝස්තු
“අපි හැමෝම ආසයි ලෙඩක් දුකක් නැතුව පුළුවන් තරම් කාලයක් ජීවත් වෙන්න. දැන් විද්‍යාවත් දියුණුයිනෙ. ඔයා හිතනවද කවදා හරි දවසක මැරෙන්නැතුව හැමදාම ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බලන්න බයිබලේ දීලා තියෙන මේ පොරොන්දුව! [1 කොරින්ති 15:26 කියවන්න.] දෙවියන් මේ පොරොන්දුව ඉටු කරන්නෙ විද්‍යාවෙන්ද නැත්නම් වෙන ක්‍රමයකින්ද? ඇයි අපි වයසට ගිහිල්ලා මැරෙන්නේ? මේ සඟරාවේ ඒ ප්‍රශ්නවලට උත්තරේ තියෙනවා.”