දරුවන්ට උගන්වන්න වෙබ් අඩවිය යොදාගන්න
1. අපේ වෙබ් අඩවියේ “දරුවන්” යන කොටස සකස් කර තියෙන්නේ මොන අරමුණින්ද?
1 අපේ jw.org වෙබ් අඩවිය සාදා තියෙන්නේ බාල, මහලු කොයි කාටත් ගැළපෙන විදිහට. මේ වෙබ් අඩවියේ “දරුවන්” (බයිබල් ඉගැන්වීම් > දරුවන්) යන කොටස, දරුවන්ට දෙමාපියන් සමඟත් දෙවියන් සමඟත් හොඳ බැඳීමක් ඇති කරගන්න උදව් වෙනවා. (ද්වි. 6:6, 7) දරුවන්ට ඉගැන්වීමට මෙය යොදාගන්න පුළුවන් කොහොමද? (සිංහල භාෂාව සඳහා www.pr418.com/si)
2. ඉගැන්වීමේදී වයසට ගැළපෙන තොරතුරු හොයාගන්නේ කොහොමද?
2 ගැළපෙන දේ තෝරන්න: එක් එක් දරුවගේ අවශ්‍යතාවය වෙනස්. (1 කොරි. 13:11) ඔබේ දරුවාගේ වයසට ගැළපෙන තොරුතුරු හොයාගන්නේ කොහොමද? මේ විදිහට දරුවා ගැන හිතලා බලන්න. ‘දරුවා කැමති මොනවටද? තේරුම්ගන්න පුළුවන් මොන වගේ දේවල්ද? කොච්චර වෙලාවක් අවධානය දෙන්න පුළුවන්ද?’ අවුරුදු තුන සහ ඊට අඩු දරුවන් සඳහා “සිඟිත්තන්ට” යන කොටසේ ඇති කතන්දර යොදාගන්න පුළුවන්. වෙනත් දරුවන් සඳහා “ඔබේ දරුවන්ට උගන්වන්න” යන කොටසේ ඇති කතන්දර යොදාගන්න පුළුවන්. ඒ වගේම පහත සඳහන් යෝජනාත් අත්හදා බලන්න.
3. “පවුලේ නමස්කාරය සඳහා” යන කොටසේ ඇති තොරුතුරු ඉගැන්වීම සඳහා යොදාගන්න පුළුවන් කොහොමද?
3 පවුලේ නමස්කාරය සඳහා: මේ කොටස යොදාගෙන පවුල් මූලිකයන්ට පුළුවන් දරුවන්ට උගන්වන්න. එහි “ඩවුන්ලෝඩ් කරගන්න” කියා ඇති කොටුව ක්ලික් කර “දෙමාපියන්ගේ ප්‍රයෝජනයට” යටතේ ඇති මඟ පෙන්වීම් කියවා බලන්න. කුඩා දරුවන්ට ඉගැන්වීම සඳහා පින්තූර පාට කිරීම වැනි දේවල් ඇතුළත් චිත්‍ර පිටුව කියා කොටසක් තියෙනවා. වයසින් වැඩි දරුවන්ට පාඩම් පිටුව යන කොටසේ ඇති ක්‍රියාකාරකම් කිරීමට දිරිගන්වන්න. මේ හැම කොටසක්ම එකම බයිබල් කතන්දරයකට හෝ පාඩමකට යොමු දක්වන නිසා පවුලේ හැම කෙනෙක්ටම පවුලේ නමස්කාරයට එකට හවුල් වෙන්න පුළුවන්.
4. “යෙහෝවා දෙවිගේ යාළුවෝ” යන කොටසේ තියෙන්නේ මොනවාද?
4 යෙහෝවා දෙවිගේ යාළුවෝ: මේ කොටසේ ඇති වීඩියෝ, ගීතිකා සහ ක්‍රියාකාරකම් දෙවිගේ වචනය දරුවන්ගේ සිත් තුළට කාවද්දන්න දෙමාපියන්ට උදව් කරනවා. (ද්වි. 31:12) හැම වීඩියෝ එකක්ම සහ ක්‍රියාකාරකමක්ම දරුවන්ට වටිනා පාඩමක් උගන්වනවා. ඒ වගේම දරුවන් ගීතිකා ගයන්නත් ආස නිසා ඒවා ගායනා කිරීමෙන් ඔවුන් ඉගෙනගත් දේවල් මතක තියාගන්න පහසු වෙනවා. ඒ නිසා කලින් කලට, ගීතිකා සහ දරුවන් සඳහාම තැනූ ගීත අපේ වෙබ් අඩවියට ඇතුළත් කරනවා.
5. දෙමාපියන් දරුවන්ට ඉගැන්වීමේදී යෙහෝවා දෙවිගේ උපකාරය පතන්න ඕනේ ඇයි?
5 දෙමාපියෙනි, යෙහෝවා දෙවිට අවශ්‍ය ඔබ හොඳ මවක් සහ පියෙක් වෙනවා දකින්නයි. ඒ නිසා ඔබේ දරුවන්ට බයිබලයේ තියෙන සත්‍යය කියා දෙන්න ඔහුගේ උපකාරය පතන්න. (විනි. 13:8) යෙහෝවා දෙවිගේ උපකාරයෙන්, ගැලවීමට මඟ පාදන ‘ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි ඔබට තිබෙන විශ්වාසය මෙන්ම ඔබ ලබාගත් ඒ අවබෝධය’ ඔබේ දරුවන්ට ලබා දෙන්න ඔබටත් පුළුවන්.—2 තිමෝ. 3:15; හිතෝ. 4:1-4.