“යෙහෝවා දෙවිගේ යාළුවෝ” කියන කොටස සේවයේදී පාවිච්චි කරනවාද?
jw.org වෙබ් අඩවියේ “බයිබල් ඉගැන්වීම්” යටතේ “යෙහෝවා දෙවිගේ යාළුවෝ” කියලා කොටසක් දරුවන්ට තියෙනවා. ඒ කොටසට ගීතිකා, වීඩියෝ සහ ක්රියාකාරකම් ඇතුළත්. ඔබ සේවයේදී ඒවා පාවිච්චි කරලා තියෙනවාද? කුඩා දරුවන් ඉන්න දෙමව්පියෙක්ට ඔබ බයිබල් පාඩමක් කරනවා නම් ඒවා පෙන්නුවොත් වෙබ් අඩවියේ තියෙන අනිත් කොටස් බලන්නත් ඔහු පෙලඹෙයි.
‘රාජ්ය ආරංචි’ අංක 38 පත්රිකාව බෙදුව කාලේ සහෝදරයෙක් කාන්තාවකට ඒ පත්රිකාව දුන්නා. ඇය ඒක කියවන්න පටන්ගත්තා. ඇගේ කුඩා දරුවනුත් ඒක දිහා එබිලා බැලුවා. එතකොට ඒ සහෝදරයා ඒකේ තියෙන තොරතුරු කෙටියෙන් විස්තර කරලා අන්තිම පිටුවේ තියෙන අපේ වෙබ් ලිපිනය පෙන්නුවා. ඇය උනන්දුවක් දැක්වුව නිසා සහෝදරයා ඔහුගේ ෆෝන් එකෙන් ඇයටත් ඇගේ දරුවන්ටත් දුලේන්ගේ වීඩියෝ එකක් පෙන්නුවා.
අපේ වෙබ් අඩවියේ පවුලේ අයට හොඳ තොරතුරු තියෙනවා කියලා සහෝදරියක් ඇය එක්ක වැඩ කරන කාන්තාවකට කිව්වා. ඒ කාන්තාව දරුවන් එක්ක වෙබ් අඩවියට ගියා. පස්සේ ඇය සහෝදරියට කිව්වා ඇගේ දරුවන් “යෙහෝවා දෙවිගේ යාළුවෝ” කියන කොටසේ තියෙන “දෙවිගේ පණිවිඩය ගැන දේශනා කරන්න” කියන ගීතිකාව කියකිය ගේ පුරා දුවනවා කියලා.
jw.org වෙබ් අඩවිය ගැන දැනුවත් වෙලා ඒකේ තියෙන ගීතිකාවක්, වීඩියෝ එකක්, ක්රියාකාරකමක් ෆෝන් එකට හරි ටැබ් එකට හරි ඩවුන්ලෝඩ් කරගන්න. එතකොට ඒවා සේවයේදී පෙන්වන්න පුළුවන්. ඒක අපිට ස්වාමීන්ගේ දාසයන් හැටියට සේවය කරන්න ලැබිලා තියෙන වටිනා දීමනාවක්.—ක්රියා 20:19.