අනාගතවක්තෘ හබක්කුක් අපිට ආදර්ශයක්!
1. හබක්කුක්ට හැඟුණ විදිහ තේරුම්ගන්න පුළුවන් ඇයි?
1 හැම තැනම දුෂ්ටකම් වැඩි වෙලා! ඒ නිසා හබක්කුක්ට වගේ අපිටත් හැඟෙන්න පුළුවන්. ඔහු දෙවිගෙන් මෙහෙම ඇහුවා. “ඔබ මේ නපුරුකම් දෙස බලා සිටින්නේ කෙසේද? මා බලන බලන සෑම තැනම සොරකම්ද මැරවරකම්ද සිදු වෙයි.” (හබ. 1:3; 2 තිමෝ. 3:1, 13) හබක්කුක් කියපු පණිවිඩයයි ඔහුගේ ආදර්ශයයි ගැන ගැඹුරින් හිතනවා නම් දෙවිගේ විනිශ්චය දවස එන කල් නොසැලී බලාගෙන ඉන්න අපිට පුළුවන්.—2 පේතෘ. 3:7.
2. විශ්වාසවන්තකමින් ක්‍රියා කරනවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?
2 විශ්වාසවන්තකම නිසා ජීවිතය රැකෙයි: මොන තරම් දරුණු තත්වයන්ට මුහුණ දෙන්න වුණත් හබක්කුක් දෙවිට විශ්වාසවන්තව, උද්යෝගයෙන් සේවය කළා. (හබ. 2:1) තමන්ගේ වචන නියමිත කාලයේදී ඉටු වෙනවා කියලත් ‘ධර්මිෂ්ඨ තැනැත්තා විශ්වාසවන්තකමින් ක්‍රියා කරන නිසා ඔහුගේ ජීවිතය රැකෙනවා’ කියලත් දෙවි ඔහුට සහතික කෙරුවා (හබ. 2:2-4) අවසානය අද්දර ඉන්න අපිට ඒකෙන් ඉගෙනගන්න පුළුවන් මොකක්ද? අවසානය එන කාලය දැනගෙන ඉන්නවාට වඩා අනිවාර්යයෙන්ම විනාශය එනවා කියලා විශ්වාස කරන එක වැදගත්. ඒ විශ්වාසය දිගටම සෝදිසියෙන් ඉන්නත් සේවයට මුල් තැන දෙන්නත් අපිව පොලඹවනවා.—හෙබ්‍රෙ. 10:38, 39.
3. දෙවිට සේවය කරද්දී දිගටම සතුට තියාගන්න ඕන ඇයි?
3 දෙවි නිසා සතුටු වෙන්න: මාගොග් දේශයේ ගොග් දෙවිගේ සෙනඟට පහර දෙද්දී අපේ විශ්වාසය සෝදිසියට ලක් වෙනවා. (එස. 38:2, 10-12) සාමාන්‍යයෙන් සටනකදී ජය ගන්න අයට පවා දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා. ආහාර හිඟ වෙයි, දේපළ ඉඩකඩම් අහිමි වෙයි, පහසුකම් නැති වෙයි. ඒ වගේ තත්වයකදී අපි ක්‍රියා කරන්න ඕන කොහොමද? දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙයි කියලා දැනගෙන හිටිය හබක්කුක් දිගටම සතුටින් සේවය කරන්න අදිටන් කරගත්තා. (හබ. 3:16-19) අනාගතයේ විඳින්න වෙන දුෂ්කරතාවලට හොඳින් මුහුණ දෙන්න “දෙවි දෙන ප්‍රීතිය” අපිටත් උදව් වෙයි.—නෙහෙ. 8:10; හෙබ්‍රෙ. 12:2.
4. දැනුත් අනාගතයේදිත් අපි අද්දකින්නේ මොන වගේ සතුටක්ද?
4 විනිශ්චය දවසෙන් බේරෙන අයට දිගටම දෙවිගේ මාර්ග ගැන ඉගෙනගන්න ප්‍රස්තාව ලැබෙනවා. (හබ. 2:14) නැවත නැඟිටින අයටත් ඔහු ගැන ඉගෙනගන්න පුළුවන්. දැනුත් අපිට පුළුවන් යෙහෝවා දෙවි ගැන, ඔහු කරලා තියෙන පුදුමාකාර දේවල් ගැන හැම අවස්ථාවකම අනිත් අයට කියන්න.—ගීතා. 34:1; 71:17.