දේවවචනය නිධානයක් | යෙසායා 17-23
බලය අනිසි විදිහට පාවිච්චි කරන්න එපා
ෂෙබ්නා “මාලිගාව භාරව සිටින සේවකයා” විදිහට වැඩ කරන්න ඇත්තේ හෙසකියා රජු යටතේ වෙන්න ඇති. ෂෙබ්නා දෙවෙනි වුණේ රජුට විතරයි.
- යෙහෝවා දෙවිගේ සෙනඟ ගැන ෂෙබ්නාට සැලකිලිමත් වෙන්න තිබුණා 
- එයා හිතුවේ තමන්ගේ ගෞරවය ගැන විතරයි 
- යෙහෝවා දෙවි ෂෙබ්නා වෙනුවට එලියාකීම්ව පත් කළා 
- බලයත් අධිකාරියත් නියෝජනය වුණු ‘දාවිත්ගේ නිවසේ යතුර’ එලියාකීම්ට දුන්නා 
හිතන්න: ෂෙබ්නාට තමන්ගේ අධිකාරිය සෙනඟට උදව් කරන්න පාවිච්චි කරන්න තිබුණේ කොහොමද?