ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp20 අංක 3 7 පි.
  • දෙවියන් දුන්න ලියවිල්ල වෙනස් වෙලාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන් දුන්න ලියවිල්ල වෙනස් වෙලාද?
  • 2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ශුද්ධ ලියවිල්ලේ තියෙන පණිවිඩය අදටත් වෙනස් වෙලා නැහැ කියලා කියන්නේ කොහොමද?
  • බයිබලයේ තොරතුරු වෙනස් කරලාද?
    බයිබලයෙන් උත්තර
  • A3 බයිබලය අපේ අතට ආපු විදිහ
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • පොත ආරක්ෂා වුණේ කොහොමද?
    සියලුම ජනයා සඳහා පොතක්
  • මළ මුහුදේ ලියවිලි පිළිබඳ සැබෑව අනාවරණය කිරීම
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp20 අංක 3 7 පි.
ඉහළින් තියෙන්නේ මළ මුහුද අසලින් හොයාගත්ත යෙසායාගේ ලියවිල්ලේ කොටසක පින්තූරයක්. පහළින් තියෙන්නේ මෑත කාලවලදී අරාබි භාෂාවට පරිවර්තනය කරපු යෙසායාගේ ලියවිල්ලේ කොටසක පින්තූරයක්.

ඉහළින් තියෙන්නේ මළ මුහුද අසලින් හොයාගත්ත යෙසායාගේ ලියවිල්ලේ කොටසක පින්තූරයක්. පහළින් තියෙන්නේ මෑත කාලවලදී අරාබි භාෂාවට පරිවර්තනය කරපු යෙසායාගේ ලියවිල්ලේ කොටසක පින්තූරයක්. ඒ දෙක සසඳද්දී හොඳින්ම පැහැදිලි වෙනවා අදටත් දෙවියන්ගේ වචනයේ ඇතුළත් තොරතුරුවල කිසිම වෙනසක් වෙලා නැහැ කියලා

දෙවියන් දුන්න ලියවිල්ල වෙනස් වෙලාද?

සමහර අය කල්පනා කරනවා දෙවියන්ගේ වචනය වෙනස් කරලාද කියලා. හැබැයි අනාගතවක්තෘ යෙසායා කිව්වේ දෙවියන්ගේ වචනය “සදහටම පවතිනවා” කියලයි. (යෙසායා 40:8) දෙවියන්ගේ වචනයේ තියෙන පණිවිඩය පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ කියලා හරියටම කියන්නේ කොහොමද?

අතීතයේදී පිටපත්කරුවන් ශුද්ධ ලියවිල්ලේ පිටපත් සකස් කරද්දී මුල් ලියවිලිවල තිබුණු අදහසට යමක් එකතු වෙලාද නැත්නම් අයින් වෙලාද කියලා බලන්න හැම අකුරක්ම ගණන් කරලා බැලුවා. මිනිසුන් අතින් වැරදි වෙන නිසා සමහර පිටපත්කරුවන් අතින් සුළු අත්වැරදීම් කිහිපයක් වෙලා තියෙනවා. ඒත් මුල් අදහස වෙනස් වෙලා නැහැ. ඒකෙන් පැහැදිලියි ඔහුගේ වචනය ආරක්ෂා කරන්න දෙවියන්ට හැකියාව තියෙනවා කියලා.

ශුද්ධ ලියවිල්ලේ තියෙන පණිවිඩය අදටත් වෙනස් වෙලා නැහැ කියලා කියන්නේ කොහොමද?

මේ වෙද්දී ශුද්ධ ලියවිල්ලේ පුරාණ අත්පිටපත් දහස් ගාණක් හොයාගෙන තියෙනවා. ඒ නිසා ඒවා සසඳලා බලලා සුළු අත්වැරදීමක් හරි වෙලා තියෙනවාද කියලා හරියටම දැනගන්න පුළුවන්.—වැඩි විස්තර දැනගන්න jw.org වෙබ් අඩවියේ “බයිබලයේ තොරතුරු වෙනස් කරලාද?” කියන ලිපිය බලන්න.

උදාහරණෙකට 1947දී අරාබි ගෝත්‍රික එඬේරුන් පිරිසක් මළ මුහුද කිට්ටුවෙන් තිබුණු ගුහාවලින් ලියවිලි වගයක් හොයාගෙන තියෙනවා. ඒ ලියවිලි හඳුන්වන්නේ මළ මුහුදේ ලියවිලි කියලයි. අවුරුදු 2,000කටත් කලින් ලියවුණු ශුද්ධ ලියවිල්ලේ කොටස් කිහිපයකුත් ඒ අතරේ තිබිලා තියෙනවා. විශාරදයන් ඒ ලියවිලි අද භාවිත කරන ශුද්ධ ලියවිලිත් එක්ක සසඳලා බැලුවා. ඒකෙන් එයාලා දැනගත්තේ මොනවාද?

ඒ පැරණි අත්පිටපත් හොඳින් අධ්‍යයනය කරද්දී එයාලා තේරුම්ගත්තා ඒ පිටපත්වල තියෙන තොරතුරු සහ අද භාවිත වන ශුද්ධ ලියවිලිවල තොරතුරු අතරේ කිසිම වෙනසක් නැහැ කියලා.a ඒ නිසා අද අපි පාවිච්චි කරන ශුද්ධ ලියවිල්ලේ තියෙන තොරතුරු දෙවියන් කිසිම වෙනසක් වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරලා තියෙනවා කියලා අපිට නිසැක වෙන්න පුළුවන්.

දෙවියන්ගේ වචනයේ තියෙන තොරතුරු සීයට සීයක්ම විශ්වාස කරන්න පුළුවන් කියලා ඒකෙන් පැහැදිලියි. දෙවියන් ගැන ඔහුගේ අනාගතවක්තෘවරුන්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා දැන් අපි බලමු.

a The Complete Dead Sea Scrolls in English, by Geza Vermes, page 16.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න