දේවවචනය නිධානයක් | යෙසායා 34-37
හෙසකියාගේ විශ්වාසවන්තකමට දෙවි ආශීර්වාද කළා
ඇසිරියාවේ සෙනකෙරිබ් රජ රබ්ෂාකේව යෙරුසලමට එවලා යුදෙව්වන්ට බල කළා යටත් වෙන්න කියලා. යුදෙව්වන්ව අධෛර්යය කරලා සටනක් කරන්නේ නැතුවම නගරය අල්ලගන්න ඇසිරියානුවන් විවිධ උපායන් යෙදුවා.
- තනිකම. ඊජිප්තුවරුන්ටවත් බැහැ ඔයාලට උදව් කරන්න.—යෙසා 36:6 
- සැකය. යෙහෝවා දෙවි ඔයාලව අතහැරලා නිසා දෙවිගේ උදව් ලැබෙන්නේ නැහැ.—යෙසා 36:7, 10 
- බය. බලවත් ඇසිරියානුවන් එක්ක යුද්ධ කරන්න ඔයාලට බැහැ.—යෙසා 36:8, 9 
- ආශාව. ඇසිරියානුවන්ට යටත් වුණොත් සැප පහසු ජීවිතයක් ලැබෙනවා.—යෙසා 36:16, 17 
හෙසකියාට යෙහෝවා දෙවි ගැන නොසැලෙන විශ්වාසයක් තිබුණා
- නගරය ආරක්ෂා කරගන්න එයාගේ උපරිමය කළා 
- ගලවගන්න කියලා යෙහෝවා දෙවිට යාච්ඤා කරලා සෙනඟගේ විශ්වාසය ශක්තිමත් කළා 
- දේවදූතයෙක්ව එවලා එක රැයකින් ඇසිරියානුවන් 1,85,000ක්ව මරලා හෙසකියාගේ විශ්වාසයට යෙහෝවා දෙවි ආශීර්වාද කළා