ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 පෙබරවාරි 5 පි.
  • “යෙහෝවා දෙවි කරුණාව දක්වන අවුරුද්ද ගැන ප්‍රකාශ කරන්න”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “යෙහෝවා දෙවි කරුණාව දක්වන අවුරුද්ද ගැන ප්‍රකාශ කරන්න”
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සියොන්හි ධර්මිෂ්ඨකම දළුලයි
    යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන II
  • ‘පිළිගත යුතු වූ කාලයක්’
    යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන II
  • ‘යෙහෝවාගේ වෘක්ෂයෝ තෘප්තියට පැමිණෙති’
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බාධක හමුවේ නොසැලී සිටින්නෝ
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 පෙබරවාරි 5 පි.

දේවවචනය නිධානයක් | යෙසායා 58-62

“යෙහෝවා දෙවි කරුණාව දක්වන අවුරුද්ද ගැන ප්‍රකාශ කරන්න”

“යෙහෝවා දෙවි කරුණාව දක්වන අවුරුද්ද” සංකේතවත් එකක්

61:1, 2

  • ඒකෙන් සංකේතවත් වෙන්නේ නිදහස ලබා දෙන පණිවිඩයට සවන් දෙන්න මෘදු හදවත් තියෙන අයට යෙහෝවා දෙවි ලබා දෙන කාලයයි

  • පළවෙනි සියවසේදී දෙවිගේ කරුණාවේ අවුරුද්ද පටන්ගත්තේ ක්‍රි.ව. 29දී යේසුස් සේවය පටන්ගන්නවාත් එක්කමයි. ඒක අවසන් වුණේ යෙහෝවා දෙවි “සතුරන්ට දඬුවම් කිරීමට නියම කර ඇති දවස” විදිහට හඳුන්වපු ක්‍රි.ව. 70දී යෙරුසලම විනාශ වුණු අවස්ථාවේදියි

  • අපේ කාලෙදී දෙවිගේ කරුණාවේ අවුරුද්ද පටන්ගත්තේ 1914දී යේසුස් ස්වර්ගයේ රජ වුණු අවස්ථාවේදියි. ඒක අවසන් වෙන්නේ මහත් පීඩාවත් එක්කමයි.

ක්‍රි.ව. 29 සිට ක්‍රි.ව. 70 දක්වාත් 1914 සිට මහත් පීඩාව දක්වාත් දෙවිගේ කරුණාවේ අවුරුද්ද පවතින කාලය දැක්වෙන රූපසටහන

“ධර්මිෂ්ඨකම නමැති විශාල ගස්” මාර්ගයෙන් යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට ආශීර්වාද කරනවා

61:3, 4

  • සාමාන්‍යයෙන් ලෝකයේ තියෙන උසම ගස් කැළෑවල වැවෙන්නේ එක ළඟ. ඒ නිසා එක ගහක් තව ගහකට ආධාරකයක් වෙනවා

  • ඒ ගස්වල තියෙන විශාල මුල් පද්ධති එකකට එකක් වෙළිලා තියෙන නිසා ලොකු කුණාටුවලදී වුණත් ඒවා කඩන් වැටෙන්නේ නැහැ

  • උස ගස් නිසා පොඩි ගස්වලට සෙවණක් ලැබෙනවා වගේම ඒ ගස්වලින් වැටෙන කොළ නිසා පසත් සාරවත් වෙනවා

‘ධර්මිෂ්ඨකම නමැති විශාල ගස්වලින්’ නියෝජනය වෙන්නේ පොළොවේ ඉතිරි වෙලා ඉන්න අභිෂේක ලත් අයයි. ඒ අයගේ උදව් සහ ආරක්ෂාව නිසා ලෝකෙ පුරාම ඉන්න දෙවිගේ සෙනඟ ප්‍රයෝජන ලබනවා

කුඩා ගස්වලට සෙවණ දෙන ශක්තිමත් මුල් පද්ධතියක් තියෙන විශාල ගස්
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න