දේවවචනය නිධානයක් | යෙරෙමියා 44-48
‘ඔබටම බොහෝ දේවල් ලබාගන්න උත්සාහ කරන්න එපා’
බාරුක් කියන්නේ රජමාලිගාවේ සේවය කරපු උගත් නිලධාරියෙක්. එයා යෙහෝවා දෙවිට නමස්කාර කළා, යෙරෙමියාගේ වැඩවලට උදව් කළා. හැබැයි කාලයක් යද්දී එයා එයාටම ‘බොහෝ දේවල් ලබාගන්න’ උත්සාහ කළා. සමහරවිට රජමාලිගාවේ උසස් තනතුරක් ගැන නැත්නම් තව ධනසම්පත් ලබාගන්න එක ගැන එයා හිතන්න ඇති. ඒත් යෙරුසලමට එන විනාශයෙන් බේරෙන්න නම් එයා හිතන විදිහ වෙනස් කරගන්න එක අත්‍යවශ්‍ය දෙයක් වුණා.