ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp20 අංක 3 4-5 පි.
  • අපේ නිර්මාතෘ අපි ගැන හුඟක් සැලකිලිමත්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපේ නිර්මාතෘ අපි ගැන හුඟක් සැලකිලිමත්
  • 2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • 1. අපේ නිර්මාතෘ හිරු උදා කරලා දෙනවා
  • 2. අපේ නිර්මාතෘ වැසි වහින්න සලස්වනවා
  • 3. අපේ නිර්මාතෘ කෑම බීම, ඇඳුම් පැළඳුම් සපයලා දෙනවා
  • වර්ෂාවේ සැඟවුණු රහස්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • එදිනෙදා දේ ගැන වද නොවී රාජ්‍යයට මුල් තැන දෙමු
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබේ මැවුම්කරු—ඔහු කෙබඳු පුද්ගලයෙක්ද කියා ඉගෙනගන්න
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හැම දෙයක්ම හදපු කෙනා
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
තව තොරතුරු
2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp20 අංක 3 4-5 පි.
කන්දක් උඩින් ඉර පායනවා.

අපේ නිර්මාතෘ අපි ගැන හුඟක් සැලකිලිමත්

1. අපේ නිර්මාතෘ හිරු උදා කරලා දෙනවා

හිරු අපේ ජීවිතයට නැතුවම බැරි දෙයක්. ටිකකට හිතන්න ගස් ගැන. හිරුගෙන් ලැබෙන ශක්තිය නිසා තමයි ගස්වල කොළ, මල්, පලතුරු හටගන්නේ. ගස්වල මුල්වලින් පොළොවේ තියෙන වතුර උරාගෙන ගහේ හැම දල්ලකටම අවශ්‍ය පෝෂණය ලබා දෙනවා. ඊටපස්සේ ඒ වතුර ජල වාෂ්ප විදිහට ආපහු වාතයට එකතු වෙනවා. හිරු එළිය නොතිබුණා නම් ඒ දේවල් ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ.

කඳුකර පළාතක තියෙන තේ වගාවක් උඩ ඉඳන් බලද්දී පේන විදිහ.

2. අපේ නිර්මාතෘ වැසි වහින්න සලස්වනවා

වැස්ස කියන්නේ දෙවියන්ගෙන් අපිට ලැබිලා තියෙන වටිනා තෑග්ගක්. ඒ තෑග්ග නිසා තමයි ගස්වැල්වලින් අපිට ඕන කරන කෑම ලබාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. දෙවියන් අපිට වැස්ස, සරු පලදාව සහ ඇති තරම් කෑම ලබා දෙනවා. මොකද ඔහු කැමති අපි සතුටින් ඉන්නවා දකින්නයි.

ගහකින් වැටෙන බෙරි ගෙඩියක් අල්ලගන්න හදන කුරුල්ලෙක්.

3. අපේ නිර්මාතෘ කෑම බීම, ඇඳුම් පැළඳුම් සපයලා දෙනවා

තමන්ගේ පවුලේ අයට ඇති තරම් කන්න, අඳින්න දෙන්නේ කොහොමද කියන එක ගැන හුඟක් තාත්තලා කනස්සලු වෙනවා. හැබැයි ශුද්ධ ලියවිල්ලේ මෙහෙම කියනවා. “අහසේ කුරුල්ලන් දෙස හොඳින් බලන්න. උන් බීජ වපුරන්නේවත් කපන්නේවත් ගබඩාවලට රැස් කරන්නේවත් නැහැ. නමුත් ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් උන්ව පෝෂණය කරනවා. ඔබ උන්ට වඩා වටින්නේ නැද්ද?”—මතෙව් 6:25, 26.

“තණබිම්වල ලිලී මල් වැවෙන ආකාරයෙන් පාඩමක් ඉගෙනගන්න. . . . නමුත් මා ඔබට කියන්නේ, මේ මල්වල තිබෙන අලංකාරය සලමොන් [රජ] තම රාජකීය තේජසින් යුතුව පැළඳ සිටි ඇඳුම්වලවත් නොතිබුණු බවයි. . . . තණබිමේ පැළෑටි දෙවි එසේ සරසනවා නම් . . . ඔබව පළඳවන්න ඔහු ඊටත් වඩා සතුටු වන්නේ නැද්ද?”—මතෙව් 6:28-30.

අපිට ඕන කරන කෑම බීම, ඇඳුම් පැළඳුම් ලබා දෙන්න දෙවියන්ට පුළුවන් නම් අපේ ජීවිතේ පවත්වගෙන යන්න ඕන කරන අනිත් හැම දේම ලබා දෙන්නත් ඔහුට පුළුවන් නේද? ඔහු කැමති විදිහට අපි ජීවත් වෙනවා නම් වගාවක් කරලා හරි රස්සාවක් කරලා හරි අපිට ඕන කරන දේවල් ලබාගන්න අපි දරන වෑයමට ඔහු අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා.—මතෙව් 6:32, 33.

ඉර, වැස්ස, කුරුල්ලන් සහ මල් ගැන හිතලා බලද්දී දෙවියන්ට ආදරේ කරන්න අපිට ඕන තරම් හේතු තියෙනවා කියලා පැහැදිලි වෙනවා. දෙවියන් මිනිසුන්ට කියන්න ඕන දේවල් දන්වලා තියෙන්නේ කොහොමද කියලා ඊළඟ ලිපියෙන් බලමු.

අපේ නිර්මාතෘ ‘හිරු උදා කරවයි. වැසි ලබා දෙයි.’—මතෙව් 5:45

අපේ නිර්මාතෘ අපිට හුඟක් ආදරෙයි. අපි ගැන සැලකිලිමත් වෙනවා. ආදරණීය තාත්තා කෙනෙක් වගේ ඔහු අපිව හොඳින් බලාගන්නවා. ශුද්ධ ලියවිල්ලේ කියන්නේ දෙවියන්ගෙන් අපි “දෙයක් ඉල්ලන්නත් කලින්” අපිට අවශ්‍ය මොනවාද කියලා ඔහු දන්නවා කියලයි.—මතෙව් 6:8.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න