යහපත් ක්‍රිස්තියානීන් වෙමු
යෙහෝවා දෙවිගේ සදාචාර ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්න
මිනිසුන් පිළිපදින්න ඕන සදාචාර ප්‍රමිති නියම කරන්නේ යෙහෝවා දෙවි. උදාහරණෙකට විවාහය කියන්නේ පුරුෂයෙක් සහ ස්ත්‍රියක් අතර ඇති වෙන ස්ථිර බැඳීමක් කියලා දෙවි කිව්වා. (මතෙ 19:4-6, 9) අනාචාරයට සම්බන්ධ හැම දෙයක්ම ඔහු හෙළාදකිනවා. (1කොරි 6:9, 10) ඒ විතරක් නෙවෙයි තමන්ගේ සේවකයන්ට සුදුසු ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙනුත් ඔහු ප්‍රමිති දීලා තියෙනවා.—ද්වි 22:5; 1තිමෝ 2:9, 10.
අද ඉන්න හුඟාක් අය යෙහෝවා දෙවි දීලා තියෙන ප්‍රමිති ගණන් ගන්නේ නැහැ. (රෝම 1:18-32) එයාලා අඳින්නේ පළඳින්නේ, හැසිරෙන්නේ මේ සමාජයේ ජනප්‍රිය රැල්ලට අනුව. හුඟාක් අය එයාලාගේ නරක ජීවන රටාව ගැන ආඩම්බරයෙන් කතා කරනවා. එයාලාට වඩා වෙනස් විදිහට ජීවත් වෙන අයව විවේචනය කරන්නත් පෙලඹෙනවා.—1පේතෘ 4:3, 4.
හැබැයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට අපි දෙවි දීලා තියෙන සදාචාර ප්‍රමිති උසස් කරලා සලකන්න ඕනේ. (රෝම 12:9) එහෙම කරන්න නම් දෙවි සතුටු වෙන්නේ මොන දේවලින්ද කියලා අපි ඥානවන්තව අනිත් අයව දැනුවත් කරන්න ඕනේ. දෙවිගේ උසස් සදාචාර ප්‍රමිති අපි අදාළ කරගන්නත් ඕනේ. උදාහරණෙකට ඇඳුම් පැළඳුම් තෝරාගද්දී මෙහෙම හිතන්න. ‘මං තෝරාගන්න දේවලින් පේන්නේ මං දෙවිගේ ප්‍රමිති අගය කරන කෙනෙක් කියලාද, ලෝකේ විලාසිතා පස්සේ යන කෙනෙක් කියලාද? මං දෙවිට ගරුබියක් දක්වන කෙනෙක් කියලා මගේ ඇඳුම් පැළඳුම්වලින් පේනවාද?’ ටීවී වැඩසටහන්, චිත්‍රපටි තෝරාගද්දී මෙහෙම හිතන්න. ‘මේක ගැන යෙහෝවා දෙවි සතුටු වෙයිද? මේකෙන් උලුප්පලා දක්වන්නේ කාගේ සදාචාර ප්‍රමිතිද? මං විනෝද වෙන්න තෝරාගන්න දේවලින් දෙවිගේ සදාචාර ප්‍රමිති රකින්න මට තියෙන අධිෂ්ඨානය දුර්වල වෙයිද? (ගීතා 101:3) ඒකෙන් කවුරු හරි අධෛර්යය වෙයිද?’—1කොරි 10:31-33.
යෙහෝවා දෙවිගේ සදාචාර ප්‍රමිති උසස් කරලා සලකන එක වැදගත් ඇයි? යේසුස් ළඟදීම මේ දුෂ්ට සමාජය විනාශ කරනවා. (එස 9:4-7) ඉතිරි වෙන්නේ දෙවි කැමති විදිහට ජීවත් වෙන අය විතරයි. (1යොහ 2:15-17) ඒ නිසා දෙවිගේ ප්‍රමිතිවලට අනුව අපි ජීවත් වෙමු. එතකොට අපේ හැසිරීම දකින අය යෙහෝවා දෙවිට ප්‍රශංසා කරයි.—1පේතෘ 2:11, 12.
මං ඇඳුම් පැළඳුම් තෝරාගන්න විදිහෙන් මගේ සදාචාර ප්‍රමිති ගැන හෙළි වෙන්නේ මොනවාද?
‘යෙහෝවා දෙවිගේ යාළුවෝ - ගැහැනු කෙනායි පිරිමි කෙනායි’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න:
යෙහෝවා දෙවිගේ සදාචාර ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන එක ඥානවන්ත දෙයක් වෙන්නේ ඇයි?
දරුවන් පුංචි කාලේ ඉඳලාම දෙමාපියන් එයාලාට යෙහෝවා දෙවිගේ උසස් සදාචාර ප්‍රමිති කියලා දෙන්න ඕනෙ ඇයි?
යෙහෝවා දෙවි දෙන ආශීර්වාද ලබාගන්න අනිත් අයට උදව් කරන්න බාල මහලු අපි හැමෝටම පුළුවන් කොහොමද?