යහපත් ක්‍රිස්තියානීන් වෙමු
යෝනා පොතෙන් පාඩම්
යෙහෝවා දෙවි ඔහුට විශ්වාසවන්තව සේවය කරපු අය ගැන වාර්තා ඔහුගේ වචනයේ සඳහන් කරලා තියෙන්නේ ඒවාවලින් අපිට වටිනා පාඩම් උගන්වන්න. (රෝම 15:4) යෝනා පොතෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද? ‘පවුලේ නමස්කාරය: යෝනා - යෙහෝවා දෙවිගේ දයාව අපිට ආදර්ශයක්’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න:
ප්‍රචාරකයන් තුන්දෙනා මුහුණ දීපු අභියෝග මොනවාද?
අපිට යම් හික්මවීමක් ලැබුණොත් නැත්නම් අපිට තිබුණු වරප්‍රසාදයක් අහිමි වුණොත් යෝනාගේ කතාව අපිට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද? (1සාමු 16:7; යෝනා 3:1, 2)
අපි සේවය කරන ප්‍රදේශයේ ඉන්න අය දිහා යෙහෝවා දෙවි බලන විදිහට බලන්න යෝනාගේ කතාව අපිට උදව් වෙන්නේ කොහොමද? (යෝනා 4:11; මතෙ 5:7)
දරුණු අසනීපයකින් දුක් විඳිද්දී යෝනාගේ කතාව අපිට සහනයක් වෙන්නේ කොහොමද? (යෝනා 2:1, 2, 7, 9)
බයිබලය කියවලා කියවන දේ ගැන හොඳට හිතන එකේ වටිනාකම ගැන ඔයා වීඩියෝ එකෙන් ඉගෙනගත්තේ මොනවාද?