ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 ජනවාරි 8 පි.
  • මුලින්ම ගොස් ඔබේ සහෝදරයා සමඟ සමාදාන වන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මුලින්ම ගොස් ඔබේ සහෝදරයා සමඟ සමාදාන වන්න
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔබ අන්‍යයන්ව අමනාප කළ විට කළ හැකි දේ
    1996 පිබිදෙව්!
  • ඔබ එකඟනොවීම් නිරාකරණය කරගන්නේ කෙසේද?
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මතභේද ආදරෙන් විසඳගන්න
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මේ “කුඩා අයට” කිසිම හානියක් කරන්න එපා
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 ජනවාරි 8 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

මුලින්ම ගොස් ඔබේ සහෝදරයා සමඟ සමාදාන වන්න

පූජාවක් ඔප්පු කරන්න ආපු කෙනෙක් පූජාව පැත්තකින් තියලා අමනාපෙන් ඉන්න කෙනෙක් එක්ක සමාදාන වෙන්න පිටත් වෙමින්

ඔයා ජීවත් වෙන්නේ යේසුස් පොළොවේ හිටිය කාලයේ කියලා හිතන්න. ගලීලයේ ඉඳන් ඔයා යෙරුසලමට ඇවිත් තියෙන්නේ පැල් උත්සවයට සහභාගි වෙන්න. දුර ඈත පළාත්වලිනුත් හුඟදෙනෙක් එහෙට ඇවිත්. ඔයා ඒ සෙනඟ අතරින් ගිහින් දේවමාලිගාවට ඇතුල් වෙනවා. මුළු දේවමාලිගාවම මිනිසුන්ගෙන් පිරිලා. ඔයා අරන් ආපු එළුවාව පූජා කරන්න දැන් ඔයාගේ වාරේ ඇවිත්. හැබැයි ඔයාට මතක් වෙනවා සහෝදරයෙක් ඔයාත් එක්ක අමනාපයෙන් ඉන්නවා කියලා. මේ වගේ වෙලාවට කරන්න ඕන දේ යේසුස් පැහැදිලි කරලයි තියෙන්නේ. (මතෙව් 5:24 කියවන්න.) ඔයාටයි, ඔයාගේ සහෝදරයාටයි ඒ මඟ පෙන්වීම් අදාළ කරගෙන සමාදාන වෙන්න පුළුවන් කොහොමද? පහළින් තියෙන කොටු දෙකේ හරි උත්තර ලකුණු කරන්න.

ඔයා කරන්න ඕනෙ දේ

  • ඔයාත් එක්ක අමනාප වෙන්න සහෝදරයාට හොඳ හේතුවක් තියෙනවා කියලා ඔයාට හිතුණොත් විතරක් එයා එක්ක කතා කරන්න

  • ඒ සහෝදරයා පොඩි දේටත් හිත රිද්දගන්න කෙනෙක් කියලත් වුණු දේට එයාත් වග කියන්න ඕනෙ කියලත් ඔයාට හිතුණොත් ඒ දේවල් එයාට පෙන්නලා දෙන්න

  • සහෝදරයා එයාට හැඟෙන විදිහ ගැන කියද්දී ඉවසීමෙන් අහන් ඉන්න. එයා කියන දේ ඔයාට හොඳටම තේරුණේ නැති වෙන්න පුළුවන්. ඒත් ඔයා හිතන්නේ නැතුව කරපු දෙයක් නිසා එයාගේ හිත රිදුණු එක ගැන අවංකවම එයාගෙන් සමාව ඉල්ලන්න

සහෝදරයා කරන්න ඕනෙ දේ

  • ඔයා අතින් වුණු වරද ගැන සභාවේ අනිත් අයටත් කියලා එයාලව එයාගේ පැත්තට නම්මගන්න ඕනේ

  • ඔයා කරපු වරද ගැන හැම දෙයක්ම ආයෙත් මතක් කරලා ඔයාට හොඳටම බණින්න ඕනේ. එයාගෙන් සමාව ගන්න කියලත් ඔයාට කියන්න ඕනේ

  • ඔයා එයා ළඟට ගිහින් සමාව ඉල්ලන්න තරම් නිහතමානී වුණු එක අගය කරලා ඔයාට කැමැත්තෙන්ම සමාව දෙන්න ඕනේ

දෙවිට නමස්කාර කරද්දී අද අපි සත්ව පූජා ඔප්පු කරන්නේ නැහැ. ඒත් දෙවි අපේ නමස්කාරය පිළිගන්න නම් සහෝදරයෙක් එක්ක අමනාපයක් ඇති වුණාම අපි කරන්න ඕනෙ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න