ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 මාර්තු 8 පි.
  • දෙවි ගැනත් අසල්වැසියන් ගැනත් ආදරයක් ඇති කරගමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි ගැනත් අසල්වැසියන් ගැනත් ආදරයක් ඇති කරගමු
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දිනපතා බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ලැබීම
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවවචනයෙන් ඉමහත් ප්‍රීතියක් ලබන්න
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • කියවා මතක තබා ගත හැකි අයුරු
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • බයිබලේ කියවලා උපරිම ප්‍රයෝජන ගන්න
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 මාර්තු 8 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

දෙවි ගැනත් අසල්වැසියන් ගැනත් ආදරයක් ඇති කරගමු

අපි දැන් ඉන්නේ දෙවි මෝසෙස් මාර්ගයෙන් දීපු නීතිය යටතේ නෙවෙයි. හැබැයි දෙවිටත් අසල්වැසියාටත් ප්‍රේම කරන්න කියලා ඒකේ සඳහන් උතුම්ම ආඥා දෙක පිළිපදියි කියලා දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. (මතෙ 22:37-39) ඒ විදිහට ආදරේ කරන්න අපි ඉබේම පෙලඹෙන්නේ නැහැ. ඒකට අපි වෑයම් කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් එක විදිහක් තමයි හැමදාම බයිබලය කියවන එක. ඒක කියවලා යෙහෝවා දෙවිගේ පෞද්ගලිකත්වයේ විවිධ පැති ගැන තේරුම්ගත්තාම ඔහු මොන තරම් යහපත් කෙනෙක්ද කියලා දැනගන්න පුළුවන්. (ගීතා 27:4) එතකොට අපේ හිතේ ඔහු ගැන තියෙන ආදරේ වැඩි වෙනවා. ඔහු හිතන විදිහට හිතන්නත් පටන්ගන්නවා. අනිත් අය වෙනුවෙන් ජීවිතය දෙන්න තරම් ආදරයක් ඇති කරගන්නත් දෙවිගේ හැම ආඥාවකටම කීකරු වෙන්නත් අපි පෙලඹෙනවා. (යොහ 13:34, 35; 1යොහ 5:3) බයිබලය කියවන එක රසවත් දෙයක් කරගන්න මේ යෝජනා ඔයාට උදව් වෙයි.

  • හිතින් මවාගන්න. ඔයාත් එතන ඉන්නවා කියලා හිතන්න. එතැන ඔයා හිටියා නම් ඔයාට ඇහෙන සද්ද, දකින දේවල්, දැනෙන සුවඳ ගැන හිතන්න. ඒ සිද්ධියට අදාළ අයට ඒ වෙලාවේ හැඟුණ විදිහ ගැනත් හිතන්න.

    සහෝදරයෙක් බයිබලයෙන් කියවන දේ හිතින් මවාගන්නවා
  • විවිධ ක්‍රම අත්හදා බලන්න. බයිබලය ශබ්ද නඟා කියවන්න. පටිගත කරපු බයිබල් කියවීමට සවන් දෙන අතරතුරේදී ඒ කොටස බයිබලයෙනුත් බලන්න. කැමති බයිබල් චරිතයක් නැත්නම් විෂයක් තෝරාගෙන ඒ ගැන කියවන්න. උදාහරණෙකට යේසුස් ගැන දැනගන්න sgd 4වෙනි කොටසේ හරි 16වෙනි කොටසේ හරි තියෙන බයිබල් පද කියවන්න. දිනපදයට අදාළ පරිච්ඡේදය කියවන්න. බයිබල් පොත් ලියලා තියෙන කාලය හොයලා බලලා ඒ අනුපිළිවෙළට කියවන්න.

    සහෝදරියක් jw.org වෙබ්අඩවියෙන් බයිබලය කියවනවා
  • තේරුම්ගන්න අරමුණින් කියවන්න. පිටු ගණන් ඔහේ කියවනවාට වඩා එක පරිච්ඡේදයක් කියවලා ඒකේ තියෙන තොරතුරු තේරුම් අරන් අදාළ කරගන්න පුළුවන් පැති ගැන හිතන එක වටිනවා. පසුබිම සලකලා බලන්න. හැම තොරතුරක් ගැනම හොඳට හිතන්න. සිතියම් සහ හරස් යොමු සටහන්වලින් ප්‍රයෝජන ගන්න. තේරුණේ නැති එක කරුණක් ගැන හරි තවත් තොරතුරු හොයලා බලන්න කාලය ගන්න. පුළුවන් නම් බයිබලය කියවන්න වැය කරන කාලයට සමාන කාලයක් කියවන දේ ගැන හිතන්නත් වෙන් කරගන්න.

    නවලොව පරිවර්තනයේ තියෙන උපග්‍රන්ථ දෙකක්
    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න