ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 ජූනි 7 පි.
  • විනෝදයට දෙයක් තෝරාගද්දී පරෙස්සම් වෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විනෝදයට දෙයක් තෝරාගද්දී පරෙස්සම් වෙන්න
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔයා විනෝදයට තෝරගන්න දේවල් ගැන යෙහෝවා සතුටු වෙනවාද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • විනෝදයට තෝරාගන්න දේවල් ගැන පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි?
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • විනෝදය සම්බන්ධයෙන් ඥානවන්ත තේරීම් කරමු
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • යෙහෝවා දෙවියන්ට විතරක් නමස්කාර කරන්න
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 ජූනි 7 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

විනෝදයට දෙයක් තෝරාගද්දී පරෙස්සම් වෙන්න

විනෝද වෙන්න දෙයක් තෝරාගද්දී අපි පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි? විනෝද වෙන්න චිත්‍රපටියක්, සිංදුවක්, වෙබ් අඩවියක්, පොතක්, වීඩියෝ ක්‍රීඩාවක් වගේ දෙයක් අපි තෝරාගද්දී අපි කරන්නේ අපේ මනස පුරවගන්නේ මොන දේවලින්ද කියලා තේරීමක් කරන එකයි. අපේ තේරීම් අපේ හැසිරීමට බලපානවා. අද විනෝදයට තෝරාගන්න තියෙන හුඟක් දේවල් යෙහෝවා දෙවියන් පිළිකුල් කරන දේවලින් පිරිලයි තියෙන්නේ. (ගීතා 11:5; ගලා 5:19-21) ඒ නිසයි බයිබලයේ අපිව දිරිගන්වන්නේ දිගටම යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් වෙන දේවලට මනස යොමු කරන්න කියලා.—ෆිලි 4:8.

‘මං තෝරාගන්නේ මොන වගේ විනෝදාංශද?’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • රෝම සටන්කරුවන්

    සමහර විනෝදාංශ රෝමයේ සටන්කරුවන් කළ සටන්වලට සමාන වෙන්නේ කොහොමද?

  • පුරෝගාමියෙක් යෞවන සහෝදරයෙක් එක්ක සේවයේ යමින්

    විනෝද වෙන්න දෙයක් තෝරාගද්දී බුද්ධිමත් තීරණ ගන්න යෞවනයන්ට උදව් කරන්න සභාවේ අයට පුළුවන් කොහොමද?

  • සොල්දාදුවෙක්

    විනෝද වෙන්න දෙයක් තෝරාගද්දී රෝම 12:9 අදාළ කරගන්න ඕනෙ ඇයි?

  • සාක්ෂිකාර යෞවනයන් පිරිසක් පාපන්දු ක්‍රීඩාවේ යෙදෙමින්

    ඔයා ජීවත් වෙන ප්‍රදේශයේ විනෝද වෙන්න තෝරාගන්න තියෙන හානිකර නොවන දේවල් මොනවාද?

විනෝද වෙන්න ඔයා කරන්නේ මොනවාද?

පොත් පත් කියවද්දී, චිත්‍රපටි සහ රූපවාහිනි වැඩසටහන් බලද්දී අපි කරන්නේ අනිත් අය කරන දේවල් බලලා විනෝද වෙන එකයි. ඒ වගේ දේවලටම කොටු වුණොත් අපේ හැකියාවන් දියුණු කරගෙන හරි යම් ක්‍රියාකාරකමක යෙදිලා හරි විනෝද වෙන්න අපි පෙලඹෙන්නේ නැහැ. අනිත් අය කරන දේවලින් විනෝද වෙනවා වෙනුවට සංගීත භාණ්ඩයක් වාදනය කරන එක, චිත්‍ර අඳින එක, ක්‍රීඩාවක නියැලෙන එක, ලස්සන තැන් බලන්න යන එක වගේ දේවලින් වැඩි සතුටක් ලබන්න පුළුවන් කියලා හුඟක් අය අද්දැකලා තියෙනවා. විනෝද වෙන්න අපි මොන දෙයක් තෝරාගත්තත් “දෙවිගේ ප්‍රශංසාව හා ගෞරවය වෙනුවෙන්” සියල්ල කරන්න වගබලා ගමු.—1කොරි 10:31.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න