දේවවචනය නිධානයක් | උත්පත්ති 15-17
යෙහෝවා දෙවියන් ආබ්‍රම්ගේ සහ සාරයිගේ නම් වෙනස් කළේ ඇයි?
යෙහෝවා දෙවියන් ආබ්‍රම්ව සැලකුවේ නිදොස් කෙනෙක් විදිහට. ඔහු ආබ්‍රම්ට දීපු පොරොන්දුව සම්බන්ධයෙන් තවත් තොරතුරු හෙළි කරපු අවස්ථාවේදී, ඉදිරියේදී වෙන්න යන දේවල් ගැන කියවෙන අලුත් නම් දෙකක් ආබ්‍රම්ට සහ සාරයිට ලබා දුන්නා.
ඒ නම්වලින් කියවුණු දේවල් ඒ විදිහටම ඉටු වුණා. ආබ්‍රහම් බොහෝ ජාතීන්ගේ පියෙක් බවටත් සාරා රජවරුන්ගේ මුතුන්මිත්තනියක් බවටත් පත් වුණා.
- ආබ්‍රහම් - බොහෝ ජාතීන්ගේ පියා 
- සාරා - කුමාරිකාව 
අපි ඉපදුණු වෙලාවේ අපිට දාන නම තීරණය කරන්න අපිට බැහැ. හැබැයි ආබ්‍රහම් සහ සාරා වගේ අපිට පුළුවන් හොඳ නමක් ඇති කරගන්න. මේ ගැන හිතන්න.
- ‘යෙහෝවා දෙවියන් ඉදිරියේ නිදොස් කෙනෙක් වෙන්න මට පුළුවන් කොහොමද?’ 
- ‘යෙහෝවා දෙවියන් ඉදිරියේ මං ඇති කරගෙන තියෙන්නේ මොන වගේ නමක්ද?’