දේවවචනය නිධානයක් | නික්මයාම 6-7
“මා පාරාවෝට කරන්න යන දේ දැන් බලාගන්න”
යෙහෝවා දෙවියන් ඊජිප්තුවරුන්ට පීඩා 10ක් ගෙනල්ලා ඊශ්‍රායෙල්වරුන්ව වහල්භාවයෙන් ගලවගත්තා. හැබැයි ඒ දේ කරන්න කලින් දෙවියන් තමන් කරන්න යන දේ ගැන ඊශ්‍රායෙල්වරුන්ට දැනුම් දුන්නා. කවදාවත් දැකලා තිබුණේ නැති විදිහට තමන්ගේ බලය එයාලට දකින්න ලැබෙනවා කියලත් සැබෑ දෙවියන් යෙහෝවායි කියන දේ පිළිගන්න ඊජිප්තුවරුන්ට සිද්ධ වෙනවා කියලත් දෙවියන් එයාලට කියලා තිබුණා. දෙවියන් කියපු ඒ දේවල් ඒ විදිහටම ඉටු වෙනවා දකිද්දී ඊශ්‍රායෙල්වරුන්ට ඔහු ගැන තිබුණු විශ්වාසය තවත් ශක්තිමත් වුණා. ඒ විතරක් නෙවෙයි ඊජිප්තුවේ දෙවිවරුන්ට නමස්කාර නොකර ඉන්න එයාලා අරන් තිබුණු අධිෂ්ඨානයත් ශක්තිමත් වුණා.
යෙහෝවා දෙවියන් දුන්නු පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු කරනවා කියන එක ගැන ඔයාට තියෙන විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න මේ වාර්තාව උදව් වුණේ කොහොමද?