ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 27
  • නපුරු රජෙක් ඊජිප්තුව පාලනය කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නපුරු රජෙක් ඊජිප්තුව පාලනය කරයි
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • මෝසෙස් යෙහෝවාට සේවය කරන්න තෝරගත්තා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • රතු මුහුද හරහා යෑම
    මගේ බයිබල් කතන්දර පොත
  • යෙහෝවඃ වහන්සේ යනු කවුද?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඊළඟ පීඩා හය
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 27
ඵාරාවෝගේ පාලනය නිසා ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවේදී වහලුන් විදිහට වැඩ කරනවා

කතන්දර 27

නපුරු රජෙක් ඊජිප්තුව පාලනය කරයි

මෙතන පේන මිනිස්සු සේවකයන්ට වැඩ කරන්න කියලා බල කරනවා. එක වැඩකරුවෙක්ට කසයකින් ගහන කෙනා දිහා බලන්න! මේ වැඩකරුවන් යාකොබ්ගේ පවුලේ අය. මේ අයට කියන්නේ ඉශ්‍රායෙල්වරු කියලයි. ඒගොල්ලන්ට ගහලා වැඩ ගන්න මිනිස්සු ඊජිප්තුවරුන්. ඉශ්‍රායෙල්වරු ඊජිප්තුවේ මිනිස්සුන්ගේ වහල්ලු වෙලයි ඉන්නේ. ඒක වුණේ කොහොමද?

අවුරුදු ගානක් යාකොබ්ගේ ලොකු පවුල ඊජිප්තුවේ සාමයෙන් ජීවත් වුණා. ඵාරාවෝ කියන ඊජිප්තුවේ රජට පස්සේ, ඊළඟට වැදගත්ම තැන තිබුණේ යෝසෙප්ටයි. එයා ඒගොල්ලන්ව හොඳින් බලාගත්තා. හැබැයි පස්සේ කාලෙක යෝසෙප් මැරුණා. එතකොට ඉශ්‍රායෙල්වරුන්ට වෛර කරපු අලුත් ඵාරාවෝ කෙනෙක් ඊජිප්තුවේ රජ වුණා.

ඉතින් මේ නපුරු ඵාරාවෝ ඉශ්‍රායෙල්වරුන්ව වහල්ලු කරගත්තා. ඒගොල්ලන්ව බලාගන්න කියලා බාර දුන්නේ හරිම නපුරු මිනිස්සුන්ටයි. ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා ඵාරාවෝට නුවරවල් හදන්න කියලා ඉශ්‍රායෙල්වරුන්ට බල කළා. මොනවා කළත් ඉශ්‍රායෙල්වරු ගණනින් තව තවත් වැඩි වුණා. කාලයකට පස්සේ ඊජිප්තුවේ අයටත් වඩා ඉශ්‍රායෙල්වරුන් වැඩි වෙලා ශක්තිමත් වෙයි කියලා ඊජිප්තුවරු භය වුණා.

වැඩ කරන ඊශ්‍රායෙල් වහලුන්ට ඊජිප්තු ජාතිකයන් නපුරු විදිහට සලකනවා සහ ගහනවා

ඉතින් ඵාරාවෝ කළේ මොකක්ද කියලා ඔයා දන්නවාද? ඉශ්‍රායෙල් අම්මලාට ළමයි ලැබෙද්දී උදව් කරන්න ස්ත්‍රීන් හිටියා. එයා ඒ අයට කතා කරලා කිව්වා: ‘ඉපදෙන හැම පිරිමි දරුවෙක්වම මරන්න’ කියලා. ඒ වුණාට මේ ස්ත්‍රීන් හොඳ අය නිසා, ඒගොල්ලන් දරුවන්ව මැරුවේ නැහැ.

ඉතින් ඵාරාවෝ එයාගේ මිනිස්සුන්ට කතා කරලා මෙහෙම අණ කළා: ‘ඉශ්‍රායෙල් ජාතියට අයිති පිරිමි දරුවන්ව අරං මරලා දාන්න. ගෑනු දරුවන්ට විතරක් ජීවත් වෙන්න ඉඩ දෙන්න.’ එහෙම අණ කරන එක කොච්චර නපුරු දෙයක්ද! මේ පිරිමි දරුවන්ගෙන් එක්කෙනෙක් බේරුණේ කොහොමද කියලා බලමුද?

නික්මයාම 1:6-22.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න