ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 20 පාඩම 52 පි.-53 පි. 3 ¶
  • ඊළඟ පීඩා හය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඊළඟ පීඩා හය
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • පළවෙනි පීඩා තුන
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • මෝසෙස් හා ආරොන් ඵාරාවෝ හමු වෙයි
    මගේ බයිබල් කතන්දර පොත
  • යෙහෝවඃ වහන්සේ යනු කවුද?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘යාහ් මාගේ ගැලවීමය’
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 20 පාඩම 52 පි.-53 පි. 3 ¶
පළඟැටියන් රංචුවක්

20වෙනි පාඩම

ඊළඟ පීඩා හය

මෝසෙස් ආරොන් එක්ක ගිහින් පාරාවෝට කිව්වා ‘ඔයා මගේ සෙනඟට යන්න දෙන්නේ නැත්නම් ගඩු මැස්සන්ව එවනවා කියලා දෙවියන් කිව්වා’ කියලා. පස්සේ ඊජිප්තුවරුන්ගේ හැම ගේකටම ගඩු මැස්සන් රංචු පිටින් ආවා. මුළු දේශයම ගඩු මැස්සන්ගෙන් පිරුණා. ඒත් ඊශ්‍රායෙල්වරු ජීවත් වුණු ගෝෂෙන් දේශයට ගඩු මැස්සන් ආවේ නැහැ. හතරවෙනි පීඩාවේ ඉඳන් ඊටපස්සේ ආපු හැම පීඩාවක්ම ආවේ ඊජිප්තුවරුන්ට විතරයි. ‘මේ මැස්සන්ව දේශයෙන් යවන්න කියලා යෙහෝවා දෙවියන්ට කියන්න. එතකොට සෙනඟට යන්න දෙන්නම්’ කියලා පාරාවෝ කිව්වා. ඒත් දෙවියන් ගඩු මැස්සන්ගේ පීඩාව නැවැත්තුවාම පාරාවෝ ආයෙත් වෙනස් වුණා.

‘පාරාවෝ මගේ සෙනඟට යන්න දෙන්නේ නැත්නම් ඊජිප්තුවරුන්ගේ සත්තු ඔක්කොම අසනීප වෙලා මැරෙයි’ කියලා යෙහෝවා කිව්වා. පහුවෙනිදාම සත්තු මැරෙන්න පටන්ගත්තා. ඒත් පාරාවෝ සෙනඟට යන්න දුන්නේ නැහැ.

ඊළඟට යෙහෝවා මෝසෙස්ට කිව්වා පාරාවෝ ළඟට ගිහින් අළු ටිකක් අරන් උඩ දාන්න කියලා. ඒ අළු දූවිලි වෙලා මුළු ඊජිප්තුවම දූවිලිවලින් පිරුණා. ඒ නිසා ඊජිප්තුවරුන්ගෙත් එයාලාගේ සත්තුන්ගෙත් ඇඟ පුරාම සැරව ගෙඩි දැම්මා. ඒගොල්ලන්ට ලොකු වේදනාවක් දැනුණා. ඒත් පාරාවෝ ඊශ්‍රායෙල්වරුන්ට යන්න දුන්නේ නැහැ.

ඊජිප්තුවට ආපු 4වෙනි, 5වෙනි සහ 6වෙනි පීඩා: ගඩු මැස්සන්, සත්තු අසනීප වෙලා මැරුණා, සැරව ගෙඩි

යෙහෝවා ආයෙත් මෝසෙස්ව පාරාවෝ ළඟට යවලා මෙහෙම කිව්වා. ‘ඔයා තාමත් මගේ සෙනඟට යන්න දෙන්නේ නැද්ද? මම හෙට හිම කැට වැස්සක් එවනවා.’ පහුවෙනිදා යෙහෝවා අකුණුයි ගින්දරයි හිම කැට වැස්සකුයි එව්වා. ඒ වගේ කුණාටුවක් ඊට කලින් ඊජිප්තුවට ඇවිත් තිබුණේ නැහැ. පාරාවෝ මෝසෙස්ට මෙහෙම කිව්වා. ‘අනේ, යෙහෝවා දෙවියන්ට කියන්න මේක නවත්තන්න කියලා. මං සෙනඟට යන්න දෙන්නම්.’ ඒත් හිම කැට වැස්ස නතර වුණාට පස්සේ පාරාවෝ ආයෙත් වෙනස් වුණා.

ඊළඟට මෝසෙස් කිව්වා ‘පළඟැටියන් ඇවිත් හිම කැට වැස්සෙන් විනාශ වුණේ නැති ගස් ඔක්කොම විනාශ කරනවා’ කියලා. මිලියන ගාණක් පළඟැටියන් ඇවිත් කෙත්වතුවල ඉතිරි වෙලා තිබුණු හැම ගහක්ම කාලා දැම්මා. ඒ නිසා පාරාවෝ කිව්වා ‘මේ පළඟැටියන්ව යවන්න කියලා යෙහෝවා දෙවියන්ට කියන්න’ කියලා. ඒත් පළඟැටි පීඩාව නතර වුණාට පස්සේ පාරාවෝ ආයෙත් වෙනස් වුණා.

යෙහෝවා මෝසෙස්ට කිව්වා “ඔයාගේ අත අහස දිහාවට දික් කරන්න” කියලා. එතකොට මුළු දේශයම අන්ධකාර වුණා. දවස් තුනක් යන කල් ඊජිප්තුවරුන්ට කිසිම දෙයක් පෙනුණේ නැහැ.

ඊජිප්තුවට ආපු 7වෙනි, 8වෙනි සහ 9වෙනි පීඩා: හිම කැට වැස්ස, පළඟැටියන්, අන්ධකාරය

අන්තිමට පාරාවෝ ඇවිත් මෝසෙස්ට කිව්වා ‘සෙනඟට යන්න පුළුවන්. ඒත් සත්තුන්ව තියලා යන්න’ කියලා. මෝසෙස් මෙහෙම කිව්වා. ‘අපිට අපේ සත්තුන්වත් අරන් යන්න ඕනේ. එතකොට ඒ සත්තුන්ව අපේ දෙවියන්ට පූජා කරන්න පුළුවන්.’ පාරාවෝ කේන්තියෙන් කෑගහලා කිව්වා ‘මෙතනින් යනවා යන්න, ආයේ ආවොත් මං ඔයාව මරනවා’ කියලා.

“ධර්මිෂ්ඨ කෙනෙක් සහ දුෂ්ට කෙනෙක් අතරෙත් දෙවියන්ට සේවය කරන සහ නොකරන කෙනෙක් අතරෙත් තියෙන වෙනස ඔයාලට ආයෙත් පැහැදිලිව දකින්න පුළුවන් වෙයි.”—මලාකි 3:18

ප්‍රශ්න: යෙහෝවා ඊළඟට එව්වේ මොන වගේ පීඩාද? පළවෙනි පීඩා තුනට වඩා මේ පීඩා වෙනස් වුණේ කොහොමද?

නික්මයාම 8:20–10:29

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න