ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 31
  • මෝසෙස් හා ආරොන් ඵාරාවෝ හමු වෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මෝසෙස් හා ආරොන් ඵාරාවෝ හමු වෙයි
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • පළවෙනි පීඩා තුන
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • මෝසෙස් සහ ආරොන්—නිර්භයව දේවවචනය ප්‍රකාශකරන්නෝ
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඊළඟ පීඩා හය
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • යෙහෝවඃ වහන්සේ යනු කවුද?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 31
ඵාරාවෝ ඉදිරියේ ඉන්න මෝසෙස් හා ආරොන්

කතන්දර 31

මෝසෙස් හා ආරොන් ඵාරාවෝ හමු වෙයි

මෝසෙස් ඊජිප්තුවට ඇවිත්, එයාගේ සහෝදරයා වන ආරොන්ට මේ හැම පුදුම දෙයක් ගැනම විස්තර කළා. ඉශ්‍රායෙල්වරුන්ට මෝසෙස් හා ආරොන් මේ පුදුම දේවල් පෙන්වද්දී, යෙහෝවා ඒගොල්ලන් එක්ක ඉන්නවා කියලා හැමදෙනාම විශ්වාස කළා.

ඊට පස්සේ මෝසෙස් හා ආරොන් ඵාරාවෝ හමු වෙන්න ගියා. ඒගොල්ලන් එයාට මෙහෙම කිව්වා: ‘ “පාළුකරයට ගිහින් මට නමස්කාර කරන්න, මගේ සෙනඟට දවස් තුනකට යන්න අවසර දෙන්න” කියා ඉශ්‍රායෙල්ගේ දෙවි යෙහෝවා ඉල්ලනවා.’ ඒ වුණාට ඵාරාවෝ උත්තර දීලා කිව්වා ‘මම යෙහෝවාව විශ්වාස කරන්නේ නැහැ. මම ඉශ්‍රායෙල්වරුන්ට යන්න ඉඩ දෙන්නෙත් නැහැ’ කියලා.

වැඩ නවත්තලා යෙහෝවාට නමස්කාර කරන්න සෙනඟට ඕන වුණ එක ගැන ඵාරාවෝට තරහ ගියා. ඉතින් තව තවත් වැඩ කරන්න කියලා එයා ඒගොල්ලන්ට බල කළා. ඒගොල්ලන්ට මේ වගේ නපුරුකම් විඳින්න වුණ එක ගැන ඉශ්‍රායෙල් සෙනඟ මෝසෙස්ට දොස් කිව්වා. මෝසෙස්ටත් මේ ගැන දුක හිතුණා. ඒ වුණාට යෙහෝවා එයාට කිව්වා ඒ ගැන කරදර වෙන්න එපා කියලා. ‘මගේ සෙනඟට යන්න දෙන්න මම ඵාරාවෝව කොහොමහරි පොලඹනවා’ කියලා යෙහෝවා කිව්වා.

ආරොන්ගේ සර්පයා අනිත් සර්පයින්ව ගිලිනවා

මෝසෙස් හා ආරොන් ආයෙත් ඵාරාවෝ හමු වෙන්න ගියා. මේ වතාවේ ඒගොල්ලන් පුදුම දෙයක් කළා. ආරොන් එයාගේ සැරයටිය බිම දාද්දී, ඒක ලොකු සර්පයෙක් වුණා. ඒ වුණාට ඵාරාවෝගේ පණ්ඩිතයනුත් ඒගොල්ලන්ගේ සැරයටි බිම දැම්මාම, ඒවාත් සර්පයින් වුණා. හැබැයි හොඳට බලන්න! දැන් ආරොන්ගේ සර්පයා පණ්ඩිතයන්ගේ සර්පයන්ව ගිල දානවා. ඒ වුණාට ඵාරාවෝ ඉශ්‍රායෙල් සෙනඟට යන්න තාමත් ඉඩ දෙන්නේ නැහැ.

දැන් ඉතින් යෙහෝවාට ඕන වුණා ඵාරාවෝට පාඩමක් උගන්වන්න. ඔහු ඒක කළේ කොහොමද කියලා ඔයා දන්නවාද? ඒ ඊජිප්තුවට වසංගත නැත්නම් ලොකු කරදර 10ක් ගෙනල්ලයි.

මේ වසංගතවලින් වැඩි හරියක් ඉවර වුණාට පස්සේ, ඵාරාවෝ මෝසෙස්ට අඬගහලා කියනවා ‘වසංගතය නැවැත්තුවොත්, මම ඉශ්‍රායෙල්වරුන්ට යන්න දෙනවා’ කියලා. ඒ වුණාට වසංගතය නැවැත්තුවාම, ඵාරාවෝ හිත වෙනස් කරගන්නවා. එයා සෙනඟට යන්න ඉඩ දුන්නේ නැහැ. කොහොම වුණත්, අන්තිමට, ඒ කියන්නේ 10වෙනි වසංගතයෙන් පස්සේ, ඵාරාවෝ ඉශ්‍රායෙල්වරුන්ව යැව්වා.

ඒ වසංගත 10ම ඔයා දන්නවාද? ඊළඟ පිටුවට හරවලා අපි ඒවා ගැන ඉගෙනගනිමුද?

නික්මයාම 4:27-31; 5:1-23; 6:1-13, 26-30; 7:1-13.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න