ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 19 පාඩම 50 පි.-51 පි. 2 ¶
  • පළවෙනි පීඩා තුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පළවෙනි පීඩා තුන
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • මෝසෙස් හා ආරොන් ඵාරාවෝ හමු වෙයි
    මගේ බයිබල් කතන්දර පොත
  • ඊළඟ පීඩා හය
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • යෙහෝවඃ වහන්සේ යනු කවුද?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මෝසෙස් සහ ආරොන්—නිර්භයව දේවවචනය ප්‍රකාශකරන්නෝ
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 19 පාඩම 50 පි.-51 පි. 2 ¶
මෝසෙස් සහ ආරොන් පාරාවෝ ළඟ

19වෙනි පාඩම

පළවෙනි පීඩා තුන

ඊජිප්තුවරු ඊශ්‍රායෙල්වරුන්ගෙන් හුඟක් වැඩ ගත්තා. යෙහෝවා මෝසෙස්වයි ආරොන්වයි පාරාවෝ ළඟට යවලා මෙහෙම කිව්වා. “මට නමස්කාර කරන්න මගේ සෙනඟට පාළුකරයට යන්න දෙන්න.” ඒත් පාරාවෝ හරිම ආඩම්බරෙන් කිව්වා ‘ඔය යෙහෝවා කියන දේවලින් මට වැඩක් නෑ. මං එයාලට යන්න දෙන්නේ නෑ’ කියලා. ඊටපස්සේ පාරාවෝ ඊශ්‍රායෙල්වරුන්ගෙන් තවත් වැඩියෙන් වැඩ ගත්තා. පාරාවෝට පාඩමක් උගන්නන්න හිතාගෙන යෙහෝවා ඊජිප්තුවට පීඩා දහයක් ගෙනාවා. යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. ‘පාරාවෝ මං කියන දේ අහන්නේ නෑ. උදේට එයා නයිල් ගඟ ළඟට එයි. එයා ළඟට ගිහින් කියන්න මගේ සෙනඟට යන්න දුන්නේ නැති නිසා නයිල් ගඟේ වතුර ලේ වෙනවා කියලා.’ මෝසෙස් ඒකට කීකරු වෙලා පාරාවෝ ළඟට ගියා. පාරාවෝ බලාගෙන ඉද්දී ආරොන් එයාගේ සැරයටියෙන් නයිල් ගඟට ගැහුවාම මුළු ගඟේම වතුර ලේ වුණා. වතුර ගඳ ගහන්න පටන්ගත්තා. හැම මාළුවෙක්ම මැරුණා. ගඟේ වතුර බොන්නත් බැරි වුණා. ඒත් ඊශ්‍රායෙල්වරුන්ව යවන්න පාරාවෝ කැමති වුණේ නැහැ.

දවස් හතකට පස්සේ යෙහෝවා මෝසෙස්ව පාරාවෝ ළඟට යවලා මෙහෙම කිව්වා. ‘ඔයා මගේ සෙනඟට යන්න දෙන්නේ නැත්නම් මුළු ඊජිප්තුවම ගෙම්බන්ගෙන් පිරෙයි.’ ඒත් පාරාවෝ ඒක ඇහුවේ නැහැ. ඒ නිසා ආරොන් එයාගේ සැරයටිය ඉස්සුවාම මුළු දේශයම ගෙම්බන්ගෙන් පිරිලා ගියා. ගෙවල්වලයි ඇඳවල් උඩයි කෑම කන භාජනවලයි හැම තැනම ගෙම්බෝ. පාරාවෝ මෝසෙස්ට කිව්වා යෙහෝවාට කියලා මේ පීඩාව නැවැත්තුවොත් ඊශ්‍රායෙල්වරුන්ට යන්න දෙන්නම් කියලා. යෙහෝවා ඒ පීඩාව නැවැත්තුවා. මැරිච්ච ගෙම්බෝ නිසා මුළු දේශයම ගඳ ගහන්න පටන්ගත්තා. ඒත් මේ පාරත් පාරාවෝ ඊශ්‍රායෙල්වරුන්ට යන්න දුන්නේ නැහැ.

යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. ‘ආරොන්ගේ සැරයටියෙන් පොළොවට ගහන්න. එතකොට දූවිල්ල වැලි මැක්කන් වෙයි.’ ටික වෙලාවකින් මුළු දේශයම වැලි මැක්කන්ගෙන් පිරිලා ගියා. පාරාවෝගෙම සෙනඟ ‘මේක දෙවියන්ගෙන් ආපු පීඩාවක්’ කියලා කිව්වත් පාරාවෝ ඊශ්‍රායෙල්වරුන්ට යන්න දුන්නේ නැහැ.

ඊජිප්තුවට ආපු පීඩා තුනක්: නයිල් ගඟේ වතුර ලේ වුණා, ගෙම්බන්, වැලි මැක්කන්

‘මම මගේ බලය සහ ශක්තිය ගැන ඔවුන්ට කියලා දෙනවා. එදාට මගේ නම යෙහෝවා කියලා ඔවුන් අනිවාර්යයෙන්ම දැනගනියි.’—යෙරෙමියා 16:21

ප්‍රශ්න: පළවෙනි පීඩා තුන මොනවාද? යෙහෝවා ඒ පීඩා ගෙනාවේ ඇයි?

නික්මයාම 5:1-18; 7:8–8:19; නෙහෙමියා 9:9, 10

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න