ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 32
  • වසංගත 10

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වසංගත 10
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • පළවෙනි පීඩා තුන
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • යෙහෝවඃ වහන්සේ යනු කවුද?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දහවෙනි පීඩාව
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ඊළඟ පීඩා හය
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 32
පළවෙනි වසංගතය, නයිල් ගඟේ වතුර ලේවලට හැරුණා

කතන්දර 32

වසංගත 10

මේ පින්තූරු දිහා බලන්න. හැම එකකින්ම පෙන්වන්නේ යෙහෝවා ඊජිප්තුවට ගෙනා වසංගතයි. පළවෙනි පින්තූරයෙන් ඔයාට පේන්නේ ආරොන් එයාගේ සැරයටියෙන් නයිල් ගඟට ගහන හැටියි. එයා එහෙම කරද්දී, නයිල් ගඟේ වතුර ලේ බවට හැරුණා. ඒකේ හිටපු මාළු මැරුණ නිසා ගඟේ පිළි ගඳක් ඇති වුණා.

දෙවෙනි වසංගතය, ඵාරාවෝ ඇඳේ ඉන්න ගෙබ්බන්ව එළවනවා

ඊළඟට, යෙහෝවා නයිල් ගඟෙන් ගෙම්බො එළියට එන්න සැලැස්සුවා. උන් හැම තැනම හිටියා—පෝරණුවල, තාච්චිවල, මිනිස්සුන්ගේ ඇඳන්වල—හැම තැනම. මේ ගෙම්බො මැරුණාම ඊජිප්තුවරුන් උන්ව ගොඩගැහුවා. දැන් මුළු දේශයම ගඳයි.

ඊට පස්සේ ආරොන් එයාගේ සැරයටිය අරං පොළොවට ගැහුවා. එතකොට දූවිල්ල කිනිතුල්ලෝ බවට හැරුණා. කිනිතුල්ලෝ කියන්නේ මිනිස්සුන්ව හපන, පොඩි මැක්කන් ජාතියක්. ඊජිප්තු දේශයට ගෙනාපු තුන්වෙනි වසංගතය කිනිතුල්ලන්ගේ වසංගතයයි.

තුන්වෙනි වසංගතයේදී ආපු කිනිතුල්ලෙක් කාන්තාවක්ට විදිනවා

ඉතුරු වසංගතවලින් දුක් වින්දේ ඊජිප්තුවරුන් විතරයි. ඉශ්‍රායෙල් සෙනඟ දුක් වින්දේ නැහැ. හැම ඊජිප්තුවරයෙක්ගේම ගෙදරට රංචු හැටියට ආ ලොකු මැස්සෝ ජාතියක් තමයි හතරවෙනි වසංගතය වුණේ. පස්වෙනි වසංගතයෙන් සත්තු මැරුණා. ඊජිප්තුවරුන්ගේ ගවයන්, බැටළුවන් හා එළුවන් ගොඩාක් මැරුණා.

ඊළඟට මෝසෙස් හා ආරොන් අළු ටිකක් අරං අහසට විසි කළා. මේකෙන් මිනිස්සුන්ටත් සතුන්ටත් වණ හැදෙන්න පටන්ගත්තා. ඒ හයවෙනි වසංගතයයි.

ඒකෙන් පස්සේ මෝසෙස් එයාගේ අත අහසට එසෙව්වාම යෙහෝවා අකුණු ගැසීම් හා ගල් වැස්සක් ඇති වෙන්න සැලැස්සුවා. මේ තරම් භයානක ගල්වැස්සක් ඊට කලින් ඊජිප්තුවේ කවදාවත් ඇති වෙලා නැහැ.

හතරවෙනි වසංගතයේදී ආපු ලොකු මැස්සන්ගෙන් බේරෙන්න හදන ඊජිප්තුවරු
පස්වෙනි වසංගතය, ඊජිප්තුවරුන්ගේ සතුන් මැරුණා

අටවෙනි වසංගතය විශාල පළඟැටි රංචුවක්. ඊට කලින්වත් ඊට පස්සෙවත් පළඟැටියන් මේ තරම් ප්‍රමාණයක් හිටියේ නැහැ. ගල්වැස්සෙන් විනාශ වුණේ නැති හැම දෙයක්ම උන් කාලා දැම්මා.

නවවෙනි වසංගතය අන්ධකාරයයි. දවස් තුනක් මුළු දේශයම තද අන්ධකාරයකින් වැහුණා. ඒ වුණාට ඉශ්‍රායෙල්වරුන්ට ඒක බලපෑවේ නැහැ.

අවසානයේදී, දෙවි ඔහුගේ සෙනඟට කිව්වා බැටළු පැටියෙක්ගේ හරි එළු පැටියෙක්ගේ හරි ලේ අරගෙන, ඒගොල්ලන්ගේ උළුවහුවල ඉහින්න කියලා. ඊට පස්සේ දෙවිගේ දූතයා ඊජිප්තු දේශය හරහා ගමන් කළා. දේවදූතයා ඒ ලේ දැක්කාම, ඒ ගෙදර කාවවත් මැරුවේ නැහැ. ඒ වුණාට උළුවහුවල ලේ තිබුණේ නැති ගෙවල් පහු කරගෙන යද්දී, දේවදූතයා ඒ පවුලේ වැඩිමලාව මැරුවා. සතුන්ගේ පළමුවෙනි පැටියාවත් මරලා දැම්මා. මේක තමයි 10වෙනි වසංගතය.

මේ අන්තිම වසංගතයෙන් පස්සේ, ඉශ්‍රායෙල්වරුන්ට පිට වෙලා යන්න කියලා ඵාරාවෝ කිව්වා. දෙවිගේ සෙනඟ පිට වෙන්න සූදානම් වෙලයි හිටියේ. ඉතින් එදා රෑම, ඒගොල්ලන් ඊජිප්තුවෙන් පිට වෙලා යන්න පටන්ගත්තා.

නික්මයාම පරිච්ඡේද 7 සිට 12.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න