යහපත් ක්‍රිස්තියානීන් වෙමු
දෙවියන්ගේ නිර්මාණවලින් ධෛර්යය ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?
යෙහෝවා දෙවියන් අපිට උගන්වනවා ඔහු කැමති ගුණාංග වර්ධනය කරගන්න පුළුවන් කොහොමද කියලා. බයිබලයේ සඳහන් විශ්වාසවන්ත පුරුෂයන්ගේ සහ ස්ත්රීන්ගේ ආදර්ශවලින් ඒ ගුණාංග ගැන හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඒ වගේම ඔහුගේ නිර්මාණවලිනුත් අපිට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. (යෝබ් 12:7, 8) සිංහයාගෙන්, අශ්වයාගෙන්, මුගටියාගෙන්, ගුමන කුරුල්ලාගෙන් සහ අලියාගෙන් අපිට ධෛර්යය ගැන ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද?
‘සත්ව ලෝකයෙන් ධෛර්යය ගැන පාඩම්’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
සිංහ ධේනුවන් නිර්භීතව පැටවුන්ව ආරක්ෂා කරන්නේ කොහොමද?
යුද්ධයකදී නිර්භීතව ඉන්න අශ්වයන්ව පුහුණු කරන්නේ කොහොමද?
මුගටියා විෂ සහිත සර්පයන්ට බය නැත්තේ ඇයි?
ගුමන කුරුල්ලන් නිර්භීතයි කියලා කියන්න පුළුවන් ඇයි?
අලි උන්ගේ පැටවුන්ව සහ වෙනත් අලින්ව නිර්භීතව ආරක්ෂා කරන්නේ කොහොමද?
ධෛර්යවන්තව කටයුතු කරන එක ගැන මේ සතුන්ගෙන් ඔයාගේ ජීවිතේට ඉගෙනගත්ත වටිනා පාඩම් මොනවාද?