ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 සැප්තැම්බර් 3-16 පි.
  • ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන ප්‍රකාශන සේවේදී පාවිච්චි කරමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන ප්‍රකාශන සේවේදී පාවිච්චි කරමු
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “හැමදාටම සතුටින් ජීවත් වෙන්න!” පොතෙන් පාඩමක් කරන විදිහ
    ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
  • ශිෂ්‍යයන්ට බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් කරන්න
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බව්තීස්මය දක්වා දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න (පළවෙනි කොටස)
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
    2013 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 සැප්තැම්බර් 3-16 පි.
“හැමදාටම සතුටින් ජීවත් වෙන්න!” සඟරාව පාවිච්චි කරලා යුවළක් බස් හෝල්ට් එකක ඉන්න කෙනෙක්ට කතා කරනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන ප්‍රකාශන සේවේදී පාවිච්චි කරමු

බයිබල් පාඩම් කරන්න අලුතින්ම ලැබුණ සඟරාවයි පොතයි ගැන අපි කොච්චර සතුටු වෙනවාද! හුඟදෙනෙක්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න අපි ගන්න මහන්සියට යෙහෝවාගේ ආශීර්වාදය ලැබෙන්න කියලා අපි දිගටම යාච්ඤා කරනවා. (මතෙ 28:18-20; 1කොරි 3:6-9) මේ අලුත් ප්‍රකාශන සේවේදී පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?

මේ ප්‍රකාශනවලින් බයිබල් පාඩම් කරන විදිහ අපි කලින් කරපු විදිහට වඩා වෙනස්. ඒ නිසා පාඩමකට ලෑස්ති වෙද්දියි පාඩමක් කරද්දියි මේ මඟ පෙන්වීම් අදාළ කරගන්න.a

  • ඡේද කියවලා ප්‍රශ්න සාකච්ඡා කරන්න

  • කියවන්න තියෙන බයිබල් පද කියවන්න. ඒවා අදාළ කරගන්න පුළුවන් විදිහ තේරුම්ගන්න ශිෂ්‍යයාට උදව් කරන්න

  • වීඩියෝ බලලා එතන තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න

  • එක සැරේ සම්පූර්ණ පාඩමක් ඉවර කරන්න උත්සාහ කරන්න

කෙනෙක් පාඩමක් කරන්න ඇත්තටම කැමතියිද කියලා දැනගන්න මුලින්ම එයාට සඟරාව දෙන්න. (“‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව මුල් හමු වීමේදී ඉදිරිපත් කරන්නේ කොහොමද?” කියන කොටුව බලන්න.) ඒකේ තියෙන පාඩම් 3 ඉවර වුණාට පස්සේ ශිෂ්‍යයා දිගටම පාඩම කරන්න කැමති නම් පොත දීලා 4වෙනි පාඩමේ ඉඳන් කරගෙන යන්න. ඔයා දැනටමත් වෙන පොතකින් පාඩමක් කරනවා නම් ඒක නතර කරලා අලුත් පොතේ ගැළපෙන පාඩමකින් බයිබල් පාඩම පටන්ගන්න.

ඒ යුවළම “හැමදාටම සතුටින් ජීවත් වෙන්න!” පොතෙන් ඒ කෙනාට බයිබල් පාඩමක් කරනවා.

‘බයිබල් පාඩමට ඔයාව ආදරෙන් පිළිගන්නවා!’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • අලුත් පොතෙන් ශිෂ්‍යයන්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

  • ශිෂ්‍යයන්ට මේ වීඩියෝ එක පෙන්නන්න ඕනෙ ඇයි?

  • ශිෂ්‍යයාට උනන්දු කරන්න ඕනෙ මොන වගේ ඉලක්ක තියලා ඒවා ජය ගන්න කියලාද? —“ප්‍රධාන කරුණු සහ ඉලක්ක” කියන වගුව බලන්න

a සැලකිල්ලට ගන්න: “තව දැනගන්න” කොටසේ තියෙන තොරතුරු සාකච්ඡා කරන එක අනිවාර්ය නැහැ. ඒත් පාඩමට සූදානම් වෙද්දී අමතක නොකර ඒ තොරතුරු බලන්න. ශිෂ්‍යයාට වැඩියෙන්ම අදාළ වෙන තොරතුරු තේරුම් අරන් එයාට උදව් කරන්න ඒක ඔයාට උදව් වෙයි. ඉලෙක්ට්‍රෝනික පිටපතේ තියෙන ලින්ක්වලින් අමතර ලිපි සහ වීඩියෝ බලන්න පුළුවන්.

ප්‍රධාන කරුණු සහ ඉලක්ක

 

පාඩම්

ප්‍රධාන කරුණු

ඉලක්ක

1

01-12

බයිබලේ තියෙන තොරතුරු අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලත් ඒක දුන්න කෙනාව දැන හඳුන ගන්න පුළුවන් කොහොමද කියලත් බලනවා

බයිබලේ කියවන්න, පාඩමට ලෑස්ති වෙන්න, රැස්වීම්වලට සහභාගි වෙන්න කියලා ශිෂ්‍යයාට උනන්දු කරන්න

2

13-33

දෙවියන් අපි වෙනුවෙන් කරලා තියෙන්නේ මොනවාද කියලත් ඔහු කැමති අපි ඔහුට කොහොම නමස්කාර කරනවාටද කියලත් බලනවා

ඉගෙනගන්න දේවල් අනිත් අයත් එක්ක කතා කරන්නත් ප්‍රචාරකයෙක් වෙන්නත් ශිෂ්‍යයාට උනන්දු කරන්න

3

34-47

දෙවියන් ඔහුට නමස්කාර කරන අයගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා බලනවා

යෙහෝවා දෙවියන්ට කැප වෙලා බව්තීස්ම වෙන්න ශිෂ්‍යයාට උනන්දු කරන්න

4

48-60

හැමදාටම යෙහෝවාගේ ආදරය ලබන්න පුළුවන් කොහොමද කියලා බලනවා

හරි වැරැද්ද අතර වෙනස අඳුරගන්නත් යෙහෝවාට තව තවත් ළං වෙන්නත් ශිෂ්‍යයාට උදව් කරන්න

‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව මුල් හමු වීමේදී ඉදිරිපත් කරන්නේ කොහොමද?

මේ සඟරාවේ අන්තිම පිටුව හදලා තියෙන්නේ අපේ පත්‍රිකා විදිහටමයි. ඒකේ උනන්දුවක් ඇති කරන ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙම කරලා බලන්න.

  • මුලින්ම ප්‍රශ්නේ අහලා උත්තර තුනෙන් එකක් දැනගන්න

  • ගීතාවලිය 37:29න් උත්තරේ පෙන්නන්න

  • “ඒකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන” කොටසේ කරුණු සාකච්ඡා කරන්න. වෙලාව තියෙනවා නම් බයිබල් පද කියවලා පින්තූර ගැන කතා කරන්න

  • ඊළඟට තියෙන ප්‍රශ්නේ අහලා ඒකට උත්තරේ බලන්න සඟරාවේ 1වෙනි පාඩම පටන්ගන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න