දේවවචනය නිධානයක්
“ඔබේ පුතාව වඩාගන්න”
ෂුනෙම් නගරයේ හිටපු ස්ත්‍රිය හරිම ආගන්තුක සත්කාරශීලීයි. එලිෂාට ඉන්න තැනකුත් හදලා දුන්නා (2රාජා 4:8-10)
යෙහෝවා දෙවියන් ඒ ස්ත්‍රියට පුතෙක් ලබා දුන්නා (2රාජා 4:16, 17; w17.12 4 7¶)
ඒ පුතා මැරුණාම යෙහෝවා එලිෂාව පාවිච්චි කරලා එයාට ආයෙත් ජීවිතය දුන්නා (2රාජා 4:32-37; w17.12 5 8¶)
දරුවෙක්ගේ මරණය නිසා ඔයාත් ඉන්නේ දරාගන්න බැරි දුකකින්ද? ඔයාගේ වේදනාව යෙහෝවාට දැනෙනවා. මැරුණ අයට ළඟදීම ජීවිතය දෙන්න ඔහු ආශාවෙන් බලන් ඉන්නවා. (යෝබ් 14:14, 15) ඒ දවස මොන තරම් සුන්දර එකක් වෙයිද!