ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp21 අංක 2 4-6 පි.
  • මේ ලෝකය විනාශ වෙයිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මේ ලෝකය විනාශ වෙයිද?
  • 2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • විනාශ වෙන්නේ නැත්තේ මොනවාද?
  • අවසන් වෙන්නේ මොනවාද?
  • විසඳුම: මිනිස් පාලනයට අවසානයක්!
  • පෘථිවිය කවදා හරි විනාශ වෙයිද?
    බයිබලයෙන් උත්තර
  • ලෝකය ආයෙත් ජලගැල්මකින් විනාශ වෙයිද?
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • මිනිසුන්ව බියගැන්වූ ලෝකාන්තිමය කෝ?
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘අවසානය!’ - අදහස් කරන්නේ මොකක්ද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp21 අංක 2 4-6 පි.
සතුටින් ඉන්න පවුලක් එළිමහනේ කෑම කනවා. තාත්තා මේසය උඩින් කෑම තියනවා.

මේ ලෝකය විනාශ වෙයිද?

බයිබලේ ලෝක විනාශයක් ගැන කතා කරනවා කියලා ඔයාත් අහලා ඇති. (1 යොහන් 2:17) ඒ කියන්නේ මිනිස්සු සම්පූර්ණයෙන්ම නැති වෙලා යයිද? පොළොවේ කිසිම ජීවියෙක් ඉතුරු වෙන එකක් නැද්ද? මුළු පෘථිවියම විනාශ වෙයිද?

එහෙම වෙන්නේ නැහැ කියලා බයිබලේ කියනවා.

විනාශ වෙන්නේ නැත්තේ මොනවාද?

පොළොවේ ඉන්න හැම කෙනෙක්ම

බයිබලයේ මෙහෙම කියනවා: “ඔහු පොළොව සෑදුවේ හිස්, පාළු ස්ථානයක් වීමට නොව, මිනිසුන්ගේ වාසය සඳහාය.”​—යෙසායා 45:18.

කඳුවලින් සහ කැළෑවෙන් වට වුණු ලස්සන ජලාශයක්.

පෘථිවිය

බයිබලයේ මෙහෙම කියනවා: “පරම්පරාවක් පහව යයි. තවත් පරම්පරාවක් බිහි වෙයි. එහෙත් පොළොව සදහටම පවතියි.”​—දේශනාකාරයා 1:4.

ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? බයිබලේ කියන විදිහට පෘථිවිය කවදාවත් විනාශ වෙන්නේ නැහැ. මිනිස්සු හැමදාටම ඒකේ ජීවත් වෙන්න යනවා. එහෙනම් ලෝක විනාශය කියලා කියන්නේ මොකක්ද?

මේ ගැන හිතන්න: බයිබලේ ඉස්සරහට එන්න යන විනාශය අතීතයේ සිද්ධ වුණ විනාශයකට සමාන කරලා තියෙනවා. ඒ කාලේ “මුළු පොළොවම සැහැසික ක්‍රියාවලින්” පිරිලා තිබුණා. (උත්පත්ති 6:13) හැබැයි ඒ කාලේ ජීවත් වුණ නෝවා ධර්මිෂ්ඨ කෙනෙක්. ඉතින් දෙවියන් ජලගැල්මක් ගෙනල්ලා දුෂ්ට මිනිසුන්ව විනාශ කළත් නෝවාවයි එයාගේ පවුලේ අයවයි ආරක්ෂා කළා. ඒ විනාශය ගැන බයිබලේ කියන්නේ “ඇද හැළුණු ජල කන්දරාවක් මාර්ගයෙන් ඒ කාලයේ පැවති ලෝකය ජලගැල්මකට හසු වී විනාශ වී” ගියා කියලයි. (2 පේතෘස් 3:6) ඒ විදිහට ලෝකය විනාශ වුණා. හැබැයි ඇත්තටම විනාශ වුණේ ඒ කාලේ හිටපු දුෂ්ට මිනිසුන් මිසක් පෘථිවිය නෙවෙයි. ඒකෙන් පැහැදිලි වෙනවා ඉස්සරහට එන විනාශයෙන් නැත්තටම නැති වෙන්නේ දුෂ්ට මිනිසුන් මිසක් මේ පොළොව නෙවෙයි කියලා.

අවසන් වෙන්නේ මොනවාද?

ප්‍රශ්න ගැටලු සහ දුෂ්ටකම්

බයිබලයේ මෙහෙම කියනවා: “තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය. ඔබ ඔහුව සෙව්වත් ඔහුව සොයාගැනීමට නොහැකි වන්නෙහිය. නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.”​—ගීතාවලිය 37:10, 11.

පින්තූරවල අදහස: 1. මූණ වහගත්ත හොරු හොරකම් කරපු දේවලුත් අරගෙන කඩයකින් එළියට එනවා. 2. කෙනෙක් තව කෙනෙක්ට සල්ලි පිරුණු සූට්කේස් එකක් දෙනවා.

ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? නෝවාගේ කාලේ වුණ ජලගැල්මෙන් දුෂ්ට මිනිස්සු සම්පූර්ණයෙන්ම විනාශ වුණා. හැබැයි ටික කාලෙකින් ආපහු මිනිස්සු දුෂ්ටකම් කරන්න පටන්ගත්තා. ඒ නිසා අද වෙන කල් මිනිස්සු ගොඩක් දුක් විඳිනවා. හැබැයි ළඟදීම දෙවියන් සම්පූර්ණයෙන්ම දුෂ්ටකම් අයින් කරනවා. “දුෂ්ටයා නැති වී යන්නේය” කියලා බයිබලේ කියන්නේ ඒ නිසයි. දෙවියන් ඒ දේ කරන්නේ ස්වර්ගේ තියෙන ඔහුගේ ආණ්ඩුව මාර්ගයෙන්. දුෂ්ටකම සම්පූර්ණයෙන්ම අයින් කළාට පස්සේ දෙවියන් මේ පොළොවේ ඉන්න ධර්මිෂ්ඨ මිනිසුන්ට සතුටින් පිරුණු ජීවිතයක් දෙනවා.

මේ ගැන හිතන්න: දැන් ඉන්න පාලකයන් කැමැත්තෙන්ම දෙවියන්ගේ රාජ්‍යයට යටත් වෙයිද? නැහැ. බයිබලේ කියනවා එයාලා දෙවියන්ගේ රාජ්‍යයට විරුද්ධ වෙනවා කියලා. (ගීතාවලිය 2:2) ඒ නිසා දෙවියන් කරන්න යන්නේ මොකක්ද? ඔහු පොළොවේ තියෙන හැම ආණ්ඩුවක්ම අයින් කරලා ‘සදහටම පවතින’ දෙවියන්ගේ රාජ්‍යයේ පාලනය පොළොවට ගේනවා. (දානියෙල් 2:44) මිනිස් ආණ්ඩු සම්පූර්ණයෙන්ම නැති වෙන්න ඕනෙ ඇයි?

විසඳුම: මිනිස් පාලනයට අවසානයක්!

බයිබලයේ මෙහෙම කියනවා: “තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට ඔහුට හැකියාවක්ද නැත.”​—යෙරෙමියා 10:23.

දේශපාලනය ගැන තියෙන පෝස්ටර් අලවලා තියෙන තාප්පයක් ළඟින් මිනිස්සු එහාට මෙහාට යනවා.

ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? මිනිසුන්ව නිර්මාණය කරලා තියෙන්නේ අනිත් අයව පාලනය කරන හැකියාව ඇතුව නෙවෙයි. ඒ නිසා අනිත් අයව පාලනය කරන්නත් එයාලගේ ප්‍රශ්න විසඳන්නත් මිනිසුන්ට බැහැ.

මේ ගැන හිතන්න: එක විශ්වකෝෂයක මෙහෙම කියනවා. “කිසිම ආණ්ඩුවකට තනියම දුප්පත්කම, බඩගින්න, ලෙඩ රෝග, ස්වාභාවික විපත්, යුද්ධ, අපරාධ වගේ දේවල් නතර කරන්න බැහැ කියලා හොඳටම පැහැදිලියි. හැබැයි මුළු ලෝකෙම එකතු වෙලා එක ආණ්ඩුවක් හැදුවොත් ඒ ප්‍රශ්නවලට විසඳුමක් ගේන්න පුළුවන් වෙයි කියලා සමහර අය හිතනවා.” (Britannica Academic) හැබැයි ඒ විදිහේ ආණ්ඩුවක් ගෙනාවත් ඒ පාලකයන් වැරදි කරන, දුර්වල අය නිසා කලින් කියපු ප්‍රශ්නවලට ස්ථීර විසඳුමක් දෙන්න එයාලට බැහැ. ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ දෙවියන්ගේ රාජ්‍යයට විතරයි.

ඉතින් අපි බයිබලෙන් දැනගත්ත විදිහට ඉස්සරහට එන්න යන ලෝක විනාශය ගැන හොඳ මිනිස්සු බය වෙන්න ඕනෙ නැහැ. ඇත්තටම ඒක එයාලට හොඳ ආරංචියක්. මොකද දුෂ්ටකම්වලින් පිරුණු මේ ලෝකය වෙනුවට දෙවියන් එයාලට සතුටින් පිරුණු ලස්සන ලෝකයක් දෙන්න යනවා.

ඒක වෙන්නේ කවදාද? ඒකට බයිබලේ තියෙන උත්තරය අපි ඊළඟ ලිපියෙන් බලමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න