ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp21 අංක 2 13-15 පි.
  • පාරාදීස පොළොවක් අත ළඟයි!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාරාදීස පොළොවක් අත ළඟයි!
  • 2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ලෝකෙටම එක ආණ්ඩුවක්
  • ලෝකයම සමඟියෙන්
  • සුරක්ෂිත පරිසරයක්
  • නිරෝගී ජීවිතයක් සහ ඇති තරම් කෑම
  • පොළොව පුරා සාමය සහ සුරක්ෂිතභාවය
  • තමන්ටම කියලා ගෙයක් සහ සතුටින් කරන්න වැඩ
  • හොඳම අධ්‍යාපනය
  • හැමදාටම ජීවත් වෙන්න අවස්ථාව
  • පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
  • නව ලොවක සාමකාමී ජීවිතයක්
    නව ලොවක සාමකාමී ජීවිතයක්
  • ඔයාටත් පුළුවන් පාරාදීසයේ ජීවත් වෙන්න
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp21 අංක 2 13-15 පි.
පාරාදීසයේ ඉන්න යුවළක් එයාලගේ යාළුවන්ට අත වනනවා.

ඉස්සරහට එන ලස්සන ලෝකේ ජීවත් වෙන්න දැන්ම ලෑස්ති වෙන්න

පාරාදීස පොළොවක් අත ළඟයි!

දෙවියන් මේ පොළොව නිර්මාණය කළේ ඔහුට කීකරු අයට හැමදාටම ඒකෙ ජීවත් වෙන්න අවස්ථාව දෙන්නයි. (ගීතාවලිය 37:29) ඔහු මුල් යුවළ වුණ ආදම් සහ ඒවව ඒදන් කියන ලස්සන උයනේ පදිංචි කළා. ඊටපස්සේ එයාලටත් එයාලගේ දරුවන්ටත් මුළු පොළොවම ලස්සන තැනක් කරලා ඒක ආදරෙන් බලාගන්න වගකීම භාර දුන්නා.​—උත්පත්ති 1:28; 2:15.

අද අපි ජීවත් වෙන්නේ දෙවියන් අපිට දෙන්න හිටපු ලෝකයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ලෝකයක. හැබැයි දෙවියන්ගේ මුල් අරමුණ නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. ඔහු ඒක ඉටු කරන්න යන්නේ කොහොමද? අපි කලින් ලිපිවල බැලුවා වගේ දෙවියන් මේ පොළොව සම්පූර්ණයෙන්ම විනාශ කරන්නේ නැහැ. ඒ වෙනුවට දෙවියන් ඔහුට කීකරු මිනිසුන්ට හැමදාම මේ පොළොවේ ජීවත් වෙන්න අවස්ථාව දෙනවා. දෙවියන් ඒ දේ කරද්දී මේ පොළොව මොන වගේ තැනක් වෙයිද?

ලෝකෙටම එක ආණ්ඩුවක්

ළඟදීම දෙවියන්ගේ රාජ්‍යයෙන් මේ පොළොව පාලනය කරන්න පටන්ගන්නවා. ඒ කාලෙදි පොළොවේ හැමෝම සාමයෙන්, සමඟියෙන් ජීවත් වෙනවා. ඒ වගේම එයාලා කරන වැඩවලින් එයාලට ලොකු සතුටක් ලැබෙනවා. ඒ රාජ්‍යයේ රජ විදිහට දෙවියන් පත් කරලා තියෙන්නේ යේසුස් ක්‍රිස්තුස්ව. යේසුස් අද ඉන්න පාලකයන්ට වඩා ගොඩක් වෙනස්. ඔහු හැම දෙයක්ම කරන්නේ ආදරෙන් පෙලඹිලයි. ඒ වගේම ඔහු හරිම කරුණාවන්ත, සාධාරණ රජ කෙනෙක්.​—යෙසායා 11:4.

ලෝකයම සමඟියෙන්

පාරාදීසයේ ඉන්න යාළුවෝ කට්ටියක් එකට කෑම කනවා.

ඒ කාලෙදි රට, ජාතිය, සංස්කෘතිය වගේ දේවල් නිසා මිනිස්සු අතර බෙදීම් තියෙන්නේ නැහැ. හැමෝම එක පවුලක් වගේ ජීවත් වෙනවා. (එළිදරව් 7:9, 10) එයාලා දෙවියන්ටත් ගොඩක් ආදරෙයි. ඒ වගේම දෙවියන් මුලදී බලාපොරොත්තු වුණ විදිහට මේ පොළොව ලස්සන තැනක් කරන්න එයාලා හැමෝම එකතු වෙලා වැඩ කරනවා.​—ගීතාවලිය 115:16.

සුරක්ෂිත පරිසරයක්

දෙවියන්ගේ රාජ්‍යයෙන් මේ පොළොව පාලනය කරද්දී කිසිම ස්වාභාවික විපතක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද පොළොවේ නිර්මාතෘ විදිහට දෙවියන්ට හැම දේම පාලනය කරන්න බලය තියෙනවා. (ගීතාවලිය 24:1, 2) යේසුස් මේ පොළොවේ හිටපු කාලෙදි දරුණු කුණාටුවක් නවත්වලා ස්වාභාවික විපත් නතර කරන්න දෙවියන් ඔහුට බලය දීලා තියෙනවා කියලා පෙන්නුවා. (මාක් 4:39, 41) ඒ නිසා යේසුස් මේ පොළොව පාලනය කරන කාලෙදි ස්වාභාවික විපත් ඇති වෙයි කියලා බය වෙන්න අපිට කිසිම හේතුවක් නැහැ. ඒ කාලෙදි කවුරුත් පරිසරයට, සතුන්ට කිසිම හානියක් කරන්නේ නැහැ.​—හොෂෙයා 2:18.

නිරෝගී ජීවිතයක් සහ ඇති තරම් කෑම

හැමෝටම හොඳ සෞඛ්‍යයක් තියෙන්න යනවා. කවුරුත් අසනීප වෙන්නේ නැහැ. වයසට යන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. (යෙසායා 35:5, 6) මුළු පොළොවම ඒදන් උයන වගේ ලස්සන, පිරිසිදු, සශ්‍රීක තැනක් වෙනවා. (උත්පත්ති 2:9) ඒ නිසා අතීතයේදී දෙවියන්ගේ සෙනඟ වුණ ඊශ්‍රායෙල්වරුන්ට වගේ පාරාදීසේදී කාටවත් “කෑමෙන් කිසි හිඟයක්” වෙන්නේ නැහැ.​—ලෙවී කතාව 26:4, 5.

විවිධ පලතුරු, එළවළු වර්ග සහ පාන්.

පොළොව පුරා සාමය සහ සුරක්ෂිතභාවය

දෙවියන්ගේ රාජ්‍යය පොළොව පාලනය කරද්දී මුළු ලෝකේ පුරාම සාමය තියෙන්න යනවා. කවුරුත් කාටවත් අසාධාරණ විදිහට සලකන්නේ නැහැ. යුද්ධ කරන අයවත් බලය වැරදි විදිහට පාවිච්චි කරන අයවත් ඉන්න යන්නේ නැහැ. ඒ වගේම හැමෝටම සතුටින් ජීවත් වෙන්න ඕන කරන හැම දෙයක්ම ඒ කාලෙදි තියෙනවා. ඒ ගැන බයිබලේ මේ වගේ පොරොන්දුවක් දීලා තියෙනවා. “ඔවුහු එක් එක් කෙනා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද සුව සේ කල් ගෙවනු ඇත. කිසිවෙක් ඔවුන්ව බියගන්වන්නේ නැත.”​—මීකා 4:3, 4.

තමන්ටම කියලා ගෙයක් සහ සතුටින් කරන්න වැඩ

හැම පවුලකටම තමන්ටම කියලා ගෙයක් තියෙන්න යනවා. ඒ වගේම අපි කරන හැම වැඩකින්ම ලොකු සතුටක් අද්දකින්න පුළුවන් වෙනවා. ඒ කාලේ ජීවත් වෙන අයගේ ‘වෙහෙස මහන්සිය කිසිවිටෙක අපතේ යන්නේ නැහැ’ කියලා බයිබලේ කියනවා.​—යෙසායා 65:21-23.

හොඳම අධ්‍යාපනය

“යෙහෝවා දෙවි වන මා පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙන්නේය” කියලා දෙවියන් පොරොන්දු වෙනවා. (යෙසායා 11:9) යෙහෝවා දෙවියන්ගේ ලස්සන නිර්මාණ දිහා බලලා ඔහුගේ ප්‍රඥාව ගැන තවත් ඉගෙනගන්න ඒ කාලෙදි මිනිසුන්ට අවස්ථාව ලැබෙනවා. කවුරුත් එයාලට තියෙන දැනුම පාවිච්චි කරලා අවි ආයුධ වගේ දේවල් හදන්නෙවත් අනිත් අයට හානියක් කරන්නෙවත් නැහැ. (යෙසායා 2:4) ඒ වෙනුවට අනිත් අයත් එක්ක සාමෙන් ඉන්නේ කොහොමද කියලත් මේ පොළොව ආදරෙන් රැකබලා ගන්නේ කොහොමද කියලත් එයාලා කැමැත්තෙන්ම ඉගෙනගන්නවා.​—ගීතාවලිය 37:11.

හැමදාටම ජීවත් වෙන්න අවස්ථාව

දෙවියන් මේ පොළොව මෙච්චර ලස්සනට නිර්මාණය කළේ මිනිස්සු ඒකෙ හැමදාම සතුටින් ජීවත් වෙනවා දකින්න ආස නිසයි. (ගීතාවලිය 37:29; යෙසායා 45:18) ඒ දේ ඉටු කරන්න ‘මරණය සදහටම ගිල දමනවා’ කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. (යෙසායා 25:8) ඒ වගේම “මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය” කියලා බයිබලේ කියනවා. (එළිදරව් 21:4) ඒ කාලෙදි මේ දුෂ්ට සමාජයේ විනාශයෙන් ගැලවෙන අයටත් දෙවියන් ආපහු ජීවිතය දෙන මැරුණු බිලියන ගාණකටත් මේ පොළොවේ හැමදාටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා.​—යොහන් 5:28, 29; ක්‍රියා 24:15.

කීපදෙනෙක් නැවත නැඟිට්ට පවුලේ අයව සහ යාළුවන්ව ආදරෙන් බදාගන්නවා.

අද ඉන්න මිලියන ගාණක් අය ඉස්සරහට එන්න යන පාරාදීසේ ජීවත් වෙන්න දැන් ඉඳලම ලෑස්ති වෙනවා. එයාලා අතින් දුර්වලකම් වුණත් දෙවියන් කැමති විදිහට ජීවිතේ ගත කරන්න එයාලා පුළුවන් උපරිමෙන් මහන්සි වෙනවා. ඒක කරන්න එයාලට උදව් වෙන්නේ යෙහෝවා දෙවියන් ගැනත් යේසුස් ගැනත් දිගටම ඉගෙනගන්න එකයි.​—යොහන් 17:3.

ළඟ ළඟ එන විනාශයෙන් බේරිලා හැමදාටම ඒ ලස්සන පාරාදීසයේ සතුටින් ජීවත් වෙන්න කරන්න ඕනෙ මොනවාද කියලා ඔයා දැනගන්න කැමතිද? එහෙනම් ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් එක්ක නොමිලේ පවත්වන බයිබල් පාඩමක් පටන්ගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න