ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp21 අංක 3 3 පි.
  • හැමෝගෙම සිහිනය!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හැමෝගෙම සිහිනය!
  • 2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • හැඳින්වීම
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සුරක්ෂිත අනාගතයකට මඟ
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • යහපත් ජීවිතයක් ගත කළොත් අනාගතය සුරක්ෂිත වෙයිද?
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • අධ්‍යාපනයෙන්, සල්ලිවලින් සුරක්ෂිත අනාගතයක් ලැබෙයිද?
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp21 අංක 3 3 පි.
අම්මා කෙනෙකුයි, තාත්තා කෙනෙකුයි එයාලගේ දුවත් එක්ක මල් පිරිලා තියෙන චෙරි ගහක් දිහා බලන් සතුටු වෙනවා.

හැමෝගෙම සිහිනය!

ඔයා සිහින මවන්නේ මොන වගේ අනාගතයක් ගැනද? හුඟක් අය වගේ ඔයාත් කැමති ඇති පවුලේ අයත් එක්ක ලෙඩක් දුකක් නැතුව, හිතේ සැහැල්ලුවෙන්, සතුටෙන් ජීවත් වෙන්න.

ලෝකේ කොහේ හිටියත් මිනිස්සු හිටිහැටියෙම බලාපොරොත්තු නොවුණ දේවල්වලට මුහුණ දෙනවා. කොරෝනා වසංගතයත් ඒ වගේ එකක්. මේ වසංගතේ නිසා මුළු ලෝකෙම උඩු යටිකුරු වෙලා. ආර්ථිකය කඩා වැටිලා. හැමෝගෙම ජීවිත අනතුරේ. ඒ නිසා සුරක්ෂිත අනාගතයක් හැමදාටම සිහිනයක්ම වෙයිද කියලා හුඟක් අය කල්පනා කරනවා.

ඉස්සරහාට මොනවා වෙයිද කියලා හිතාගන්න බැරි නිසා අද හුඟක් අය එයාලගේ අනාගතය සුරක්ෂිත එකක් කරගන්න නොකරන දෙයක් නැහැ. සමහරු දෛවය, වාසනාව වගේ නොපෙනෙන බලයන් ගැන විශ්වාසය තියනවා. තවත් අය හිතනවා හොඳට ඉගෙනගත්තොත්, ගොඩක් සල්ලි හම්බ කරගත්තොත් එයාලගේ අනාගතය ගොඩ දාගන්න පුළුවන් කියලා. කාටවත් කරදරයක් නැතුව යහපත් ජීවිතයක් ගත කළොත් අනාගතය සුරක්ෂිත වෙයි කියලා හිතන අයත් ඉන්නවා.

ඒ දේවල්වලින් අනාගතය සුරක්ෂිත එකක් කරගන්න පුළුවන්ද? ඒ ගැන දැනගන්න අපි මේ ප්‍රශ්නවලට උත්තර බලමු.

  • ඔයාගේ අනාගතය තීරණය වෙන්නේ මොකක් මතද?

  • අනාගතය සුරක්ෂිත එකක් කරගන්න අධ්‍යාපනය සහ සල්ලිවලට පුළුවන්ද?

  • යහපත් ජීවිතයක් ගත කළොත් අනාගතය සුරක්ෂිත වෙයිද?

  • අනාගතය සුරක්ෂිත කරගන්න උදව් වෙන මඟ පෙන්වීම් හොයාගන්න පුළුවන් කොහෙන්ද?

මේ ‘මුරටැඹ’ සඟරාවෙන් ඒ ප්‍රශ්නවලට උත්තර දැනගන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න