ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp21 අංක 3 4-5 පි.
  • ඔයාගේ අනාගතය තීරණය වෙන්නේ මොකක් අනුවද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයාගේ අනාගතය තීරණය වෙන්නේ මොකක් අනුවද?
  • 2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • හුඟක් අය විශ්වාස කරන දේ
  • ප්‍රතිඵල මොනවාද?
  • ෆං ෂ්වේ—ක්‍රිස්තියානීන්ට සුදුසුද?
    2001 පිබිදෙව්!
  • හැමෝගෙම සිහිනය!
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • අනාගතය තීරණය වන්නේ ජ්‍යෝතිඃ ශාස්ත්‍රයට අනුවද?
    2005 පිබිදෙව්!
  • ඔබ පුනර්භවය විශ්වාස කරනවාද?
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp21 අංක 3 4-5 පි.
පින්තූරවල අදහස: 1. කෙනෙක් ටැරට් කාඩ් පාවිච්චි කරලා තව කෙනෙක්ට අනාගතය ගැන කියනවා. 2. ෆෙන්ෂුයි මාලිමාවක් සහ ගෙදරක ප්ලෑන් එකක්. 3. කෙනෙක් මිය ගිය මුතුන්මිත්තෙක්ට මල්, පලතුරු සහ සුවඳ දුම් ඔප්පු කරනවා.

ඔයාගේ අනාගතය තීරණය වෙන්නේ මොකක් අනුවද?

හුඟක් අය හිතනවා නොපෙනෙන බලවේග එයාලගේ ජීවිත පාලනය කරනවා කියලා. ඒ නිසා ජීවිතය සාර්ථක කරගන්න එයාලා එක එක දේවල් කරනවා.

හුඟක් අය විශ්වාස කරන දේ

ජ්‍යෝතිඃ ශාස්ත්‍රය: සමහරු හිතනවා එයාලගේ අනාගතය තීරණය වෙන්නේ එයාලා ඉපදෙන වෙලාවේ ග්‍රහ තාරකා පිහිටලා තිබුණ විදිහ අනුව කියලා. ඒ නිසා ජ්‍යෝතිශය, හඳහන් වගේ දේවල් මාර්ගයෙන් අනාගතයේදී එයාලට වෙන්න තියෙන අනතුරු කලින්ම දැනගන්න එයාලා උත්සාහ කරනවා. මොකද එයාලට ඕනෙ ඒ අනතුරු වළක්වගෙන ජීවිතය සාර්ථක කරගන්න.

වාස්තු විද්‍යාව: තවත් අය හිතනවා ගෙවල් දොරවල්, ගොඩනැඟිලි හදන විදිහ, දිශාව අනුවත් එයාලට සාර්ථකත්වය සහ සතුට ලැබෙනවා කියලා.a

මුතුන්මිත්තන්ට නමස්කාර කරන එක: තවත් අය හිතනවා දෙවි දේවතාවුන්ට එහෙමත් නැත්නම් මිය ගිය මුතුන්මිත්තන්ට නමස්කාර කරන එකෙන් ආරක්ෂාවත් ආශීර්වාදත් ලැබෙනවා කියලා. වියට්නාමයේ ජීවත් වෙන වැන්b මෙහෙම කියනවා. “මළ ගිය මුතුන්මිත්තන්ට නමස්කාර කළොත් මටයි මගේ දරුමල්ලන්ටයි දැනුත් අනාගතයේදීත් සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා මං හිතුවා.”

පුනරුත්පත්තිය: සමහරු ජීවිතය හඳුන්වන්නේ මැරි මැරි නැවත ඉපදෙන සංසාර ගමනක් විදිහට. එයාලා හිතනවා කලින් ජීවිතේ කරපු හොඳ නරක අනුව තමයි මේ ජීවිතේ ප්‍රතිඵල ලැබෙන්නේ කියලා.

හැබැයි හුඟක් අය ඒවා සලකන්නේ මිථ්‍යා විශ්වාසයන් විදිහට. ඒත් එයාලත් සාස්තර, හඳහන්, භූත ලෑලි (වීජා බෝඩ්), ටැරට් කාඩ් වගේ දේවල්වලින් අනාගතය ගැන දැනගන්න හදනවා. එයාලා හිතනවා ඒ වගේ දේවල්වලින් එයාලගේ අනාගතය ගැන දැනගන්න පුළුවන් වෙයි කියලා.

ප්‍රතිඵල මොනවාද?

ඒ දේවල් ගැන විශ්වාසය තියලා වැඩ කරපු අයට එයාලා බලාපොරොත්තු වුණ දේවල් ලැබිලා තියෙනවාද?

වියට්නාමයේ ජීවත් වෙන හාඕගේ අද්දැකීම බලන්න. එයා ජ්‍යෝතිශය, ෆෙන්ෂුයි විශ්වාස කළා. මුතුන්මිත්තන්ට නමස්කාර කළා. ඒ දේවල් නිසා එයා සාර්ථක වෙලාද? එයා මෙහෙම කියනවා. “මගේ බිස්නස් එක බංකොලොත් වුණා. හතර වටේටම මං ණය වුණා. පවුලෙත් ප්‍රශ්න ඇති වුණා. මං පුදුම විදිහට මානසිකව වැටුණේ.”

තායිවානයේ ජීවත් වෙන චියුමින් කියන දේ බලන්න. එයාත් ජ්‍යෝතිශය, පුනරුත්පත්තිය, දෛවය සහ ෆෙන්ෂුයි විශ්වාස කළා. මුතුන්මිත්තන්ටත් නමස්කාර කළා. හැබැයි අන්තිමේදී ඒ හැම දෙයක් ගැනම හොඳට හිතලා බැලුවාට පස්සේ එයා එක දෙයක් තේරුම්ගත්තා. එයා මෙහෙම කියනවා. “ඒ විශ්වාසයන්, චාරිත්‍ර අතරේ කිසිම එකඟත්වයක් නැහැ. ඒක නම් මහ අවුල් ජාලාවක්. හුඟක් වෙලාවට ජ්‍යෝතිශයෙන් කියපු දේවල් ඒ විදිහට වුණෙත් නැහැ. පුනරුත්පත්තියෙන් කියන්නේ මං කලින් ජීවිතේ කරපු පව්, පින් අනුව තමයි මේ ජීවිතේ හැම දෙයක්ම වෙන්නේ කියලා. ඒත් ඉතින් කලින් ජීවිතේ මං කරපු කිසිම දෙයක් මට මතක නැත්නම් මං කොහොමද මගේ වැරදි හදාගන්නේ?”

“ඒ විශ්වාසයන්, චාරිත්‍ර අතරේ කිසිම එකඟත්වයක් නැහැ. ඒක නම් මහ අවුල් ජාලාවක්.”—තායිවානයේ චියුමින්

හාඕ සහ චියුමින් වගේ හුඟක් අය තේරුම් අරන් තියෙනවා දෛවය, ග්‍රහ තාරකාවල පිහිටීම, මුතුන්මිත්තන්ට නමස්කාර කරන එක සහ පුනරුත්පත්තිය වගේ දේවල්වලට අපේ අනාගතය තීරණය කරන්න බැහැ කියලා. ඒ කියන්නේ අපි මොන දේ කළත් අපේ අනාගතය සුරක්ෂිත කරගන්න අපිට බැරිද?

හරි තීරණ ගන්න

සමහර වෙලාවට අපිට මුහුණ දෙන්න වෙන දේවල් පාලනය කරන්න අපිට බැහැ. හැබැයි හුඟක් වෙලාවට අපි ගන්න තීරණ අපේ අනාගතයට බලපානවා. ටිකකට මෙහෙම හිතන්න. කොරෝනා වගේ හරිම වේගයෙන් පැතිරෙන වසංගතයක් තියෙද්දී ඇයි අපි නිතරම අපේ අත් හෝදන්නේ? මාස්ක් එකක් දාන්නේ? මොකද අපිට ඕනෙ අපේ ජීවිතය ආරක්ෂා කරගන්න. අපි ගන්න තීරණ අපේ හොඳට හරි නරකට හරි බලපානවා කියලා ඒකෙන් පැහැදිලියි නේද?

ඔව්. ප්‍රතිඵලය හොඳ වෙන්න නම් අපි හරි තීරණ ගන්න ඕනේ. අවුරුදු 2,000කට විතර කලින් හිටපු ගුරුවරයෙක් ඒ කාරණය කාවද්දන්න මෙහෙම කියලා තියෙනවා. “කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි.”c

හුඟක් අය හිතනවා ඉහළටම ඉගෙනගත්තොත් හොඳට සල්ලි හම්බ කරගත්තොත් අනාගතය සුරක්ෂිත කරගන්න පුළුවන් වෙයි කියලා. ඒත් එහෙම කරපු සමහර අයට ලැබිලා තියෙන ප්‍රතිඵල මොනවාද?

a චීනය ඇතුළු ආසියාවේ හුඟක් රටවල්වල “ෆෙන්ෂුයි” කියලා ඒ හා සමාන තවත් විශ්වාසයක් තියෙනවා.

b මේ ලිපියේ සහ ඊළඟ ලිපිවල එන සමහර නම් වෙනස් කරලා තියෙනවා.

c ඒ අදහස තියෙන්නේ ශුද්ධ බයිබලේ ගලාති 6:7 වෙනි පදයේ. ඒ අදහසම දෙන ප්‍රසිද්ධ කියමනකුත් තියෙනවා. ඒ තමයි “කළ දේ පල දේ” කියන එක.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න