ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp21 අංක 3 12-14 පි.
  • සුරක්ෂිත අනාගතයකට මඟ පෙන්වීම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සුරක්ෂිත අනාගතයකට මඟ පෙන්වීම්
  • 2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • හොඳම මඟ පෙන්වීම්
  • බයිබලයේ කියන්නේ මොනවාද?
    2017 පිබිදෙව්!
  • දෙවි අනුමත කරන සත්‍යය සොයාගත හැකි තැන
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හරි වැරැද්ද: හරි පාර පෙන්නන්න බයිබලේට පුළුවන්
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • බයිබලය ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?
    බයිබලය ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?
තව තොරතුරු
2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp21 අංක 3 12-14 පි.
කෙනෙක් බයිබලේ කියවනවා.

සුරක්ෂිත අනාගතයකට මඟ පෙන්වීම්

අපි කලින් ලිපිවලින් බැලුවා දෛවය, අධ්‍යාපනය, සල්ලි වගේ දේවල් ගැන විශ්වාසය තියන එකෙන්, යහපත් ජීවිතයක් ගත කරන එකෙන් අනාගතය සුරක්ෂිත කරගන්න හුඟදෙනෙක් උත්සාහ කරලා තියෙනවා කියලා. හැබැයි ඒක හරියට නොදන්න පළාතකට යන්න වැරදි සිතියමක් පාවිච්චි කරනවා වගේ දෙයක්. එහෙනම් අනාගතය සුරක්ෂිත කරගන්න උදව් වෙන මඟ පෙන්වීම් කොහෙන්වත් හොයාගන්න බැරිද?

හොඳම මඟ පෙන්වීම්

සාමාන්‍යයෙන් අපි තීරණයක් ගන්න කලින් උපදෙස් ගන්නේ අපිට වඩා වයසින්, බුද්ධියෙන් වැඩි කෙනෙක්ගෙන්. අපේ අනාගතය සුරක්ෂිත කරගන්න උදව් වෙන මඟ පෙන්වීම් හොයද්දීත් අපි කරන්න ඕනෙ ඒ දේමයි. ඒ මඟ පෙන්වීම් මීට අවුරුදු 3,500කට විතර කලින් ලියලා තියෙන ශුද්ධ ලියවිල්ලකින් හොයාගන්න පුළුවන්. පොත් කීපයක එකතුවකින් හැදිලා තියෙන ඒ ලියවිල්ල හඳුන්වන්නේ ශුද්ධ බයිබලය කියලා.

බයිබලේ තියෙන තොරතුරු විශ්වාස කරන්න පුළුවන් ඇයි? මොකද ඒකේ තියෙන්නේ මේ විශ්වයේ වැඩිම කාලයක් ජීවත් වෙලා තියෙන, බුද්ධිමත්ම කෙනාගේ අදහස්. ශුද්ධ ලියවිල්ලේ ඔහුව හඳුන්වලා තියෙන්නේ “පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැති,” “පුරාතන තැනැත්තා” විදිහට. (ගීතාවලිය 90:2; දානියෙල් 7:9) ඒ වගේම ඔහු තමයි අහස, පොළොව නිර්මාණය කරපු සැබෑ දෙවියන්. (යෙසායා 45:18) ඔහුගේ නම යෙහෝවා කියලා ඔහුම දැනුම් දීලා තියෙනවා.—ගීතාවලිය 83:18.

බයිබලේ කියන්නේ නැහැ එක ජාතියක්, සංස්කෘතියක් තව එකකට වඩා උසස් කියලා. මොකද ඒකේ තියෙන්නේ අපි හැමෝටම ජීවිතය දුන්න අපේ නිර්මාතෘගේ අදහස්. ඒකේ තියෙන මඟ පෙන්වීම් මේ පොළොවේ ඉන්න හැමෝටම හැමදාටම ප්‍රයෝජනවත් වෙනවා. ඒ පොත හුඟක් භාෂාවලට පරිවර්තනය කරලා තියෙනවා. ඒ වගේම වෙන කිසිම පොතකට වඩා බෙදාහැරලා තියෙනවා.a ඒ නිසා ලෝකේ ඕනෙම තැනක ඉන්න කෙනෙක්ට ඒ පොත කියවලා ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. බයිබලේ තියෙන මේ දේ කොච්චර ඇත්තක්ද කියලා ඒකෙන් පැහැදිලි වෙනවා.

“දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට දැන් හොඳට තේරෙනවා. මන්ද කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.”—ක්‍රියා 10:34, 35.

ආදරණීය තාත්තා කෙනෙක් දරුවන්ට මඟ පෙන්වීම් දෙනවා වගේ අපි හැමෝගෙම ආදරණීය තාත්තා වන යෙහෝවා දෙවියන් අපිට බයිබලෙන් මඟ පෙන්වීම් දෙනවා. (2 තිමෝති 3:16) අපිට ජීවිතය දුන්නේ ඔහු නිසා සතුටින් ඉන්න අපි කරන්න ඕනෙ මොනවාද කියලා දන්නේ ඔහුයි. ඒ නිසා බයිබලෙන් ඔහු දෙන මඟ පෙන්වීම් අපිට විශ්වාස කරන්න පුළුවන්.

විශ්වාසවන්ත මඟ පෙන්වීම්

Collage: 1. කෙනෙක් කෝච්චියේ යන ගමන් එයාගේ ස්මාට් ෆෝන් එකෙන් බයිබලේ කියවනවා. 2. එයාගේ ස්මාට් ෆෝන් එකේ බයිබලේ පේන්න තියෙනවා.

අපේ කාලේ වෙන සිද්ධීන් ගැනත් මිනිස්සු හැසිරෙන විදිහ ගැනත් මීට අවුරුදු 2,000කට විතර කලින් බයිබලේ කියලා තිබුණා. ඒ දේවල් ඒ විදිහටම සිද්ධ වෙනවා. ඒ නිසා අපේ අනාගතය සුරක්ෂිත කරගන්න බයිබලේ දීලා තියෙන මඟ පෙන්වීම් අපිට විශ්වාස කරන්න පුළුවන්.

සිද්ධීන්

“ජාතියක් තවත් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් තවත් රාජ්‍යයකට විරුද්ධවත් යුද්ධ කරයි. මහත් භූමිකම්පාත් ඇති වෙයි. ඒ වගේම එක් තැනක් පාසා තවත් තැනක වසංගතද ආහාර හිඟකම්ද ඇති වෙයි.”—ලූක් 21:10, 11.

හැසිරෙන විදිහ

“අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙන බව ඔබ දැනගත යුතුයි. මන්ද මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, දෙවිට අපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන අය වනු ඇත. ඔවුහු තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති, කිසිම දෙයක් ගැන එකඟ නොවන, නින්දා කරන, තමන්වම පාලනය කරගත නොහැකි, දරුණු, යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර, දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන අය වනු ඇත.”—2 තිමෝති 3:1-4.

හුඟ කාලෙකට කලින් බයිබලේ කියලා තිබුණ දේවල් ඒ විදිහටම සිද්ධ වෙනවා දකිද්දී ඔයාට මොකද හිතෙන්නේ? කිසිම සැකයක් නැහැ හොංකොංවල ඉන්න ලුන්ග්ට වගේ ඔයාටත් මෙහෙම හිතෙනවා ඇති. “මේ අනාවැකි ලියවිලා තියෙන්නේ හුඟ කාලෙකට කලින්. ඒ දේවල් තිතටම කියන්න මිනිසුන්ට නම් කොහොමටවත් බැහැ. අනිවාර්යයෙන්ම ඒ දේවල් කියලා තියෙන්නේ මිනිසුන්ට වඩා උසස් කෙනෙක් වෙන්න ඕනේ.”

බයිබලේ කියලා තිබුණ අනාවැකි සිය ගාණක් මේ වෙද්දී අකුරටම ඉටු වෙලා තියෙනවා. ඒකෙන් තේරෙනවා බයිබලේ ඇත්තටම තියෙන්නේ දෙවියන්ගේ අදහස් කියලා. යෙහෝවා දෙවියන්ම ඒ ගැන මෙහෙම කියනවා. “එකම දෙවි මමය. මට සමාන කළ හැකි එක් කෙනෙක්වත් නැත.” (යෙසායා 46:9, 10) ඒ නිසා අනාගතය ගැන බයිබලේ කියලා තියෙන දේවල් විශ්වාස කරන්න අපිට ඕන තරම් හේතු තියෙනවා.

හැමදාටම ප්‍රයෝජනවත් වෙන මඟ පෙන්වීම්

අම්මා කෙනෙකුයි, තාත්තා කෙනෙකුයි එයාලගේ දරුවෝ දෙන්නාගේ අත් අල්ලන් සතුටින් පිට්ටනියක ඇවිදිනවා.

ශුද්ධ ලියවිල්ලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගත්තොත් ඔයාට හුඟක් ප්‍රයෝජන ලැබෙයි. ඒ මඟ පෙන්වීම් කීපයක් බලන්න.

රස්සාව සහ සල්ලි

“වෙහෙස මහන්සි වී බොහෝ වේලාවක් වැඩ කරමින් සුළඟ පසුපස හඹා යනවාට වඩා සුළු විවේකයක් ගැනීම හොඳය.”—දේශනාකාරයා 4:6.

පවුල් ජීවිතය

“ඔබ එකිනෙකා තමාට ප්‍රේම කරන ආකාරයටම තම භාර්යාවටද ප්‍රේම කළ යුතුයි. එලෙසම භාර්යාව තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක් දැක්විය යුතුයි.”—එෆීස 5:33.

පෑහිලා වැඩ කරන එක

“කෝප වීමෙන් වළකින්න. උදහස් වීම අත්හරින්න. මන්ද කෝපය නපුරකට මඟ පාදන්නේය.”—ගීතාවලිය 37:8.

බයිබලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගත්තොත් මේ කාලේදී සතුටින් ඉන්නත් අනාගතය සුරක්ෂිත කරගන්නත් පුළුවන්. අනාගතේදී දෙවියන් අපිට දෙන්න පොරොන්දු වෙලා තියෙන ලස්සන කාලේදී අද්දකින්න ලැබෙන දේවල් කීපයක් බලන්න.

සාමයෙන් පිරුණු සුරක්ෂිත කාලයක්

“දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.”—ගීතාවලිය 37:11.

හැමෝටම ගෙයක් දොරක් සහ ඇති තරම් කෑම

“ඔවුහු ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය. මිදිවතු වවා එහි පලදාව භුක්ති විඳින්නෝය.”—යෙසායා 65:21.

ලෙඩ දුක්වලට සහ මරණයට නිමාවක්

“මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.”—එළිදරව් 21:4.

ඒ වගේ කාලෙක ජීවත් වෙන්න ඔයා කරන්න ඕනෙ මොනවාද කියලා ඊළඟ ලිපියෙන් දැනගන්න.

a බයිබලේ පරිවර්තනය කරලා බෙදාහැරලා තියෙන විදිහ ගැන තව තොරතුරු දැනගන්න www.pr418.com/si වෙබ් අඩවියේ බයිබල් ඉගැන්වීම් > ඉතිහාසය සහ බයිබලය යටතේ බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න