ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp21 අංක 3 15 පි.
  • තීරණය ඔයාගේ අතේ!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තීරණය ඔයාගේ අතේ!
  • 2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යෙහෝවා ගැන ආදරයක් ඇති කරගන්නයි ඔහුට ඇහුම්කන් දෙන්නයි අපිට පුළුවන් කොහොමද?
  • තීරණය ඔයාගේ අතේ!
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • දෙවියන්ට ළං වෙන්න ඔයාටත් පුළුවන්
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • “නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය”
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • හැඳින්වීම
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp21 අංක 3 15 පි.
ආපන ශාලාවක ඉන්න කෙනෙක් එයාගේ ෆෝන් එකෙන් යාළුවාට දෙයක් පෙන්නනවා.

තීරණය ඔයාගේ අතේ!

අනාගතය සුරක්ෂිත කරගන්න කරන්න ඕනෙ මොනවාද කියලා යෙහෝවා දෙවියන් අවුරුදු 3,500කට විතර කලින් ඔහුගේ සේවකයන්ට මෙහෙම කිව්වා. “ඔබ ඉදිරියේ මාර්ග දෙකක් තිබෙනවා. එකක් ජීවනයේ මාර්ගය. අනික මරණයේ මාර්ගය. මෙයින් එකක් තෝරාගන්න. ඔබ තෝරාගන්නා මාර්ගය අනුව ඔබට ආශීර්වාද හෝ ශාප හිමි වෙයි. ඔබ තෝරාගත යුත්තේ ඔබටත් ඔබේ දූපුතුන්ටත් දිගු කල් ජීවත් වීමට හැකියාව ලබා දෙන ජීවනයට යන මාර්ගයයි.”—ද්විතීය කතාව 30:19.

අනාගතය සුරක්ෂිත කරගන්න නම් එදා හිටපු අය හරි දේ තෝරගන්න ඕනෙ වුණා. අද අපිටත් තේරීමක් කරන්න තියෙනවා. අනාගතය සුරක්ෂිත එකක් කරගන්න අපි කරන්න ඕන දේ ගැන බයිබලේ කියන්නේ මෙහෙමයි. ‘ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කරන්න. ඔහුගේ හඬට සවන් දෙන්න.’—ද්විතීය කතාව 30:20.

යෙහෝවා ගැන ආදරයක් ඇති කරගන්නයි ඔහුට ඇහුම්කන් දෙන්නයි අපිට පුළුවන් කොහොමද?

බයිබලෙන් ඉගෙනගන්න. යෙහෝවා දෙවියන් ගැන ආදරයක් ඇති කරගන්න නම් ඉස්සෙල්ලාම ඔයා ඔහු ගැන බයිබලෙන් ඉගෙනගන්න ඕනේ. එතකොට දෙවියන් ඔයාට කොච්චර ආදරේද, ඔයාට හොඳම දේ දෙන්න ඔහු කොච්චර ආසාවෙන් ඉන්නවාද කියලා ඔයාට තේරෙයි. ‘දෙවියන් ඔයා ගැන සැලකිලිමත් වෙන නිසා’ යාච්ඤාවෙන් ඔහුත් එක්ක කතා කරන්න කියලා ඔයාට ආරාධනා කරලා තියෙනවා. (1 පේතෘස් 5:7) දෙවියන්ට ළං වෙන්න ඔයා උත්සාහ කරද්දී ‘ඔහුත් ඔයාට ළං වෙනවා.’—යාකොබ් 4:8.

ඉගෙනගන්න දේවල් අදාළ කරගන්න. ඔහුට ඇහුම්කන් දෙනවා කියන්නේ බයිබලෙන් ඔහු දීලා තියෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන එකට. ඔයා එහෙම කරද්දී ‘ඥානවන්ත තීරණ අරගෙන ජීවිතය සාර්ථක කරගන්න’ ඔයාට පුළුවන්.—යොෂුවා 1:8.

වැඩි විස්තර දැනගන්න කැමති නම් jw.org කියන වෙබ් අඩවියට යන්න. ඒ වෙබ් අඩවියෙන් බයිබලය ඔන්ලයින් කියවන්න වගේම ඔයාගේ ප්‍රශ්නවලට බයිබලෙන් උත්තර දැනගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි කිසිම අය කිරීමක් කරන්නේ නැතුව පවත්වන බයිබල් සාකච්ඡාවකට ඉල්ලුම් කරන්නත් ඔයාට අවස්ථාව තියෙනවා.

බයිබලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න දැන්ම තීරණය කරලා ඔයාගේ අනාගතය සුරක්ෂිත කරගන්න!

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න