ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w21 ජනවාරි 31 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • දෙවිගේ නාමය භාවිත කිරීම වරදක්ද?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවියන්ට නමක් තියෙනවද?
    බයිබලයෙන් උත්තර
  • එකම සැබෑ දෙවිව හඳුනාගැනීම
    1999 පිබිදෙව්!
  • දෙවිගේ නම උච්චාරණය කිරීම වැරදිද?
    1999 පිබිදෙව්!
තව තොරතුරු
2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w21 ජනවාරි 31 පි.
දෙවියන්ගේ නම කොටලා තියෙන ගල් පුවරුවක්.

ගල් පුවරුවේ සඳහන් දේ: “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියන් කගාව්ගේ පුත්‍රයා වන කගාෆ්ට ශාප කරනු ලැබේවා!”

ඔබ දැන සිටියාද?

බයිබලේ සඳහන් තොරතුරු සත්‍යයයි කියලා ගල් පුවරුවකින් ඔප්පු වුණේ කොහොමද?

ක්‍රි.පු. 700-600 අතර කාලයට අයිති ගල් පුවරුවක් යෙරුසලමේ කෞතුකාගාරයක තියෙනවා (Bible Lands Museum). ඒක හොයාගෙන තියෙන්නේ ඊශ්‍රායෙල් දේශයේ හෙබ්‍රොන් නගරයට නුදුරින් මැරුණ අයව තැන්පත් කරන්න පාවිච්චි කරපු ගුහාවකින්. ඒකේ මෙහෙම කොටලා තිබුණා. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියන් කගාව්ගේ පුත්‍රයා වන කගාෆ්ට ශාප කරනු ලැබේවා!” ඒකෙන් බයිබලේ සඳහන් කරලා තියෙන දේවල් ඇත්තක් කියලා ඔප්පු වෙන්නේ කොහොමද? අතීතයේ “ය්හ්ව්හ්” විදිහට හෙබ්‍රෙව් අක්ෂරවලින් හඳුන්වලා තිබුණු යෙහෝවා දෙවියන්ගේ නම ඒ කාලේ හැමෝම වගේ දැනන් හිටියා කියලත් දෙවියන්ගේ සෙනඟ ඒ නම එදිනෙදා පාවිච්චි කරලා තියෙනවා කියන එකත් ඒකෙන් පැහැදිලි වෙනවා. ඒ කාලේ මිනිස්සු හැංගෙන්නත් අනිත් අයව රහසිගතව මුණගැහෙන්නත් මේ ගුහා පාවිච්චි කරලා තියෙනවා. එහෙම ආපු අය දෙවියන්ගේ නමත් දෙවියන්ගේ නම සම්බන්ධ කරලා හදලා තිබුණු පුද්ගලික නමුත් ගුහාවල හැම තැනම වගේ කොටලා තිබුණා.

ජෝර්ජියාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරියක් මෙහෙම කියනවා. “ශුද්ධ ලියවිල්ලෙත් ගල් ගුහාවලත් දෙවියන්ගේ නම හුඟක් තැන්වල සඳහන් කරලා තියෙන එකෙන් වැදගත් දෙයක් පැහැදිලි වෙනවා. ඒ තමයි ඊශ්‍රායෙල්වරුන්ගේ සහ යුදෙව්වන්ගේ ජීවිතවල යෙහෝවා දෙවියන්ට වැදගත් තැනක් හිමි වුණා කියන එක.” බයිබලේ “ය්හ්ව්හ්” කියන හෙබ්‍රෙව් අකුරුවලින් දෙවියන්ගේ නම දහස් ගාණක් සඳහන් වෙනවා. ඒ වගේම බයිබලේ සඳහන් හුඟක් පුද්ගලික නම් හැදිලා තිබුණේ යෙහෝවා දෙවියන්ගේ නම සම්බන්ධ කරගෙනයි.

හොයාගත්ත ගල් පුවරුවේ “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියන්” කියලා සඳහන් කරලා තිබුණ එකෙන් තවත් දෙයක් පැහැදිලි වෙනවා. ඒ තමයි ඒ කාලේ හිටිය මිනිස්සු දෙවියන්ගේ නම විතරක් නෙවෙයි “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියන්” කියන යෙදුමත් නිතර පාවිච්චි කරලා තියෙනවා කියන එක. ඒ යෙදුම බයිබලේ මුල් හෙබ්‍රෙව් ලියවිලිවල 283 වතාවක් සඳහන් කරලා තියෙනවා. ඒ අතරින් වැඩි හරියක්ම සඳහන් වෙන්නේ යෙසායා, යෙරෙමියා සහ සෙකරියා කියන පොත්වල.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න