ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w22 ජූනි 29 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • ‘ස්වාමීන් සැබවින්ම නැඟුටුණා!’
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සොහොන් ගෙය හිස් වෙලා
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • ඔබ දැන සිටියාද?
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් ජීවමානයි!
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
තව තොරතුරු
2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w22 ජූනි 29 පි.

ඔබ දැන සිටියාද?

අපරාධකරුවන් විදිහට සලකලා මරණයට පත් කරපු යේසුස් වගේ අයට රෝමවරු ගෞරවනීය භූමදානයක් කරන්න ඉඩ දුන්නාද?

යේසුස්ගේ ගෝලයෝ ඔහුගේ දේහය වධකණුවෙන් අරන් රෙදිවලින් ඔතනවා.

යේසුස්ව අපරාධකරුවන් දෙන්නෙක් එක්ක වධකණුවක ඇණ ගහපු සිද්ධිය අපි හැමෝම වගේ හොඳට අහලා තියෙනවා. (මතෙ. 27:35-38) බයිබලේ කියනවා ඊටපස්සේ යේසුස්ගේ දේහය හරිම ගෞරවාන්විත විදිහට අනර්ඝ ලිනන් රෙදිවලින් ඔතලා සොහොන් ගෙයක තැන්පත් කළා කියලා. හැබැයි සමහරු බයිබලේ තියෙන ඒ වාර්තාවත් එක්ක එකඟ වෙන්නේ නැහැ.—මාක් 15:42-46.

බයිබලේ සුවිශේෂ පොත් ගැන අදහස් දක්වන අය කියනවා අපරාධකරුවන්ට ගෞරවනීය භූමදානයක් ලැබුණා කියන එක කොහොමටවත් පිළිගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. එයාලා හිතපු විදිහ ගැන මාධ්‍යවේදියෙක් වන ආරියෙල් එක සඟරාවක මෙහෙම කියනවා. “සාමාන්‍යයෙන් කුරුසයක ඇණ ගහලා මරන්නේ සමාජයෙන් පහත් කරලා කොන් කරපු කෙනෙක්ව. සමහර විශාරදයන් කියනවා ඒ වගේ නින්දිත මරණයක් ලබපු කෙනෙක්ට ගෞරවනීය භූමදානයක් කරන්න රෝමවරු කීයටවත් ඉඩ දෙන්න විදිහක් නැහැ කියලා.” (Smithsonian) මොකද රෝමවරු සාමාන්‍යයෙන් අපරාධකරුවන්ට පුළුවන් තරම් අපහාස කරලා එයාලව හරිම නින්දිත විදිහටයි මැරුවේ. හුඟක් වෙලාවට එයාලා අපරාධකරුවාගේ මළ සිරුර සත්තුන්ට කන්න එහෙම්මම වධකණුවේ තියෙන්න ඉඩ හැරියා. සත්තු කාලා ඉවර වුණාට පස්සේ ඉතුරු කොටස් ටික අරගෙන සමූහ මිනී වළකට ඔහේ වීසි කරලා දැම්මා.

හැබැයි 1968දී යෙරුසලමට කිට්ටු ප්‍රදේශයක කරපු කැණීමකදී හොයාගත්ත දේ දැකලා හැමෝම පුදුම වුණා. පෙට්ටියක දාලා තැන්පත් කරලා තිබුණ පළවෙනි සියවසට අයිති කෙනෙක්ගේ ඇටකටු වගයක් ඒ කැණීමේදී හම්බ වුණා. ඒවා හම්බ වුණේ සාමාන්‍ය යුදෙව් පවුලකට අයිති පෞද්ගලික සොහොන් ගෙයකින්. ඒ ඇටකටු අතර තිබුණ කකුලේ අස්ථිය ලී කෑල්ලකට තියලා යකඩ ඇණයක් ගහලා තිබුණා. ඒ ඇණේ දිග සෙන්ටිමීටර් 11.5ක්. (අඟල් 4.5ක්) යෙහෝහානන් කියන කෙනාට අයිති ඒ ඇටසැකිල්ල ගැන ආරියෙල් මෙහෙම කියනවා. “මේ සොයාගැනීම නිසා අවුරුදු ගාණක් තිස්සේ යේසුස්ගේ භූමදානය ගැන තිබුණ මතභේදය එහෙම්මම විසඳිලා ගියා. කුරුසයක ඇණ ගහලා මරණයට පත් කරපු යේසුස්ගේ කාලේ ජීවත් වුණ සමහර අපරාධකරුවන්ට රෝමවරු ගෞරවනීය භූමදානයක් කරන්න ඉඩ දීලා තියෙනවා. එහෙම කියන්න යෙහෝහානන්ගේ කකුලේ අස්ථිය හොඳ සාක්ෂියක්.”

මේ සොයාගැනීමත් එක්කම යේසුස්ව වධකණුවේ ඇණ ගහද්දී ඒ ඇණේ ගැහුවේ කොහොමද, කොයි පැත්තෙන්ද කියන එක ගැන එක එක අදහස් පළ වෙන්න පටන්ගත්තා. හැබැයි ඒ කොහොමවුණත් අපරාධකරුවන් විදිහට මරපු හැමෝගෙම මළ සිරුරු නිකන් ඔහේ සමූහ මිනී වළකට දැම්මේ නැහැ කියන කාරණය පැහැදිලියි. ඒ විදිහට බලද්දී යේසුස්ගේ භූමදානය ගැන බයිබලේ තියෙන වාර්තාව සීයට සීයක් නිවැරදියි කියලා අපිට කියන්න පුළුවන්.

වැදගත්ම දේ තමයි යේසුස්ගේ දේහය පොහොසත් කෙනෙක්ගේ සොහොන් ගෙයක තැන්පත් කරනවා කියලා යෙහෝවා කලින්ම අනාවැකියක කියලා තිබුණ එක. ඒකෙන් තේරෙනවා දෙවියන්ගේ වචනය ඉටු වෙන එක වළක්වන්න කිසිම කෙනෙක්ට බැහැ කියලා.—යෙසා. 53:9; 55:11.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න