ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp24 අංක 1 14-15 පි.
  • හරි වැරැද්ද: ඔයාම ගන්න ඕනෙ තීරණයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හරි වැරැද්ද: ඔයාම ගන්න ඕනෙ තීරණයක්
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • බයිබලේ තියෙන ප්‍රමිති යල් පැනලාද?
    තවත් ලිපි
  • යෙහෝවා දෙවියන්ගේ සෙනඟ ධර්මිෂ්ඨකමට ඇලුම් කරනවා
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • කාගේ ප්‍රමිතිද විශ්වාස කළ හැක්කේ?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හරි වැරැද්ද: හරි පාර පෙන්නන්න බයිබලේට පුළුවන්
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp24 අංක 1 14-15 පි.
කලින් ලිපිවල හිටපු තරුණයාම කන්ද මුදුනට ගියාට පස්සේ හරිම සතුටින් ඉන්නවා.

හරි වැරැද්ද: ඔයාම ගන්න ඕනෙ තීරණයක්

අපේ අනාගතය සතුටින් පිරුණු එකක් වෙයිද නැද්ද කියන දේ තීරණය වෙන්නේ හරි වැරැද්ද ගැන අපි දැන් ගන්න තීරණ මත. යෙහෝවා දෙවියනුත් ඒක දන්නවා. ඒ නිසයි ඔහුගේ ප්‍රතිපත්තිවලට අනුව අපි ජීවත් වෙනවා දකින්න ඔහු කැමති.

යෙහෝවාට ඕනෙ අපි සාමයෙන් සතුටින් ජීවත් වෙනවා දකින්න.

“මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නෙත් ඔබ යා යුතු හරි මඟ ඔබට කියා දෙන්නෙත් මමය. අනේ, ඔබ මාගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම් ඔබේ සමාදානය ගංගාවක් මෙන්ද ඔබේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළි මෙන්ද වන්නේය.”—යෙසායා 48:17, 18.

අපිව නිර්මාණය කළේ යෙහෝවා දෙවියන්. අපි ජීවත් වෙන්න ඕනෙ හොඳම විදිහ දන්නේ ඔහුයි. ඔහු දීලා තියෙන ප්‍රතිපත්ති අනුව ජීවත් වෙන්න කියලා ඔහු අපෙන් ඉල්ලනවා. මොකද ඔහු දන්නවා ඒකෙන් අපිට වෙන්නේ හොඳක් කියලා. ඉතින් ඔහු කියන දේ කරද්දී අපි ගන්න තීරණ හරියයිද නැද්ද කියලා හිතහිත ඉන්න ඕනෙ නැහැ. මොකද ඒවා හරියටම හරියනවා, කවදාවත් වරදින්නේ නැහැ. ආයේ දෙකක් නැහැ ඒවා අපිව සාමයෙන් සතුටින් පිරුණු ගමනාන්තයකට අරන් යනවා.

කරන්න බැරි දෙයක් කරන්න කියලා යෙහෝවා අපෙන් ඉල්ලන්නේ නැහැ.

‘මා අද ඔබට කියා දෙන මේ අණපනත් ඔබට පිළිපදින්න බැරි තරම් අමාරු ඒවා නොවෙයි. ඒ නීති දැනගන්න දුර බැහැර ප්‍රදේශයකට යන්න අවශ්‍ය නැහැ.’—ද්විතීය කතාව 30:11.

යෙහෝවාගේ ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙද්දී අපි හිතන විදිහ, අපි වැඩ කරන විදිහ අපිට වෙනස් කරගන්න වෙයි. ඒත් යෙහෝවා අපෙන් ඉල්ලන්නේ අපිට කරන්න බැරි දේවල් නෙමෙයි. මොකද අපිව නිර්මාණය කරපු කෙනා විදිහට අපිට කරන්න පුළුවන් මොනවාද කරන්න බැරි මොනවාද කියලා ඔහු දන්නවා. අපි යෙහෝවාව තව තවත් අඳුරගද්දී ‘ඔහුගේ ආඥා පිළිපදින එක බරක් නෙවෙයි’ කියලා අපිට තේරෙයි.—1 යොහන් 5:3.

සාක්ෂිකරුවන් දෙන්නෙක් කාන්තාවක් එක්ක “හැමදාටම සතුටින් ජීවත් වෙන්න!” පොතෙන් සාකච්ඡාවක් කරනවා.

ඔහුගේ ප්‍රතිපත්ති පිළිපදින අයට උදව් කරනවා කියලා යෙහෝවා පොරොන්දු වෙනවා.

“යෙහෝවා දෙවි වන මම ඔබේ දකුණතින් අල්ලාගෙන සිටින්නෙමි. ‘භය නොවන්න, මම ඔබේ උපකාරයට සිටින්නෙමි.’”—යෙසායා 41:13.

දෙවියන් දීලා තියෙන ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන්න ඇත්තටම අපිට පුළුවන්. මොකද ඔහු අපිට ඒකට උදව් කරනවා. ඔහු අපිට උදව් කරන්න දීලා තියෙන එක දෙයක් තමයි බයිබලය. ඒකේ තියෙන දේවල්වලින් අපිට ලොකු දිරිගැන්වීමක් ලැබෙනවා. ලස්සන බලාපොරොත්තුවකුත් ලැබෙනවා.

ලෝකේ පුරාම ඉන්න මිලියන ගාණක් දෙවියන්ගේ ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙලා එයාලාගේ ජීවිත තවත් ලස්සන කරගෙන තියෙනවා. ඒකේ කියලා තියෙන දේවල් ගැන හොයලා බලන්න ඔයාත් ආස නැද්ද? ඒකට ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන සඟරාව ඔයාට උදව් වෙයි. jw.org වෙබ් අඩවියෙන් ඒක නොමිලේ ඩවුන්ලෝඩ් කරගෙන මේ පාඩම් 3 බලන්න.

  • ඔයාගේ ජීවිතේට වටිනා තොරතුරු තියෙන පොතක්

  • බයිබලය ජීවිතයට බලාපොරොත්තුවක් දෙනවා

  • බයිබලය විශ්වාස කරන්න ඔයාට පුළුවන්ද?

බයිබලේ තියෙන්නේ ආදි කාලේ අදහස් කියලා සමහරු හිතුවත් දෙවියන් ඒකේ කියලා තියෙන දේවල් හොයලා බලද්දී ඔයාට තේරෙයි ඒවා අදටත් හරියටම ගැළපෙනවා කියලා. ඒකේ තියෙන්නේ ‘ස්ථිර, සදහටම පවතින’ විශ්වාස කරන්න පුළුවන් තොරතුරු. (ගීතාවලිය 111:8) අපිට ජීවත් වෙන්න පුළුවන් හොඳම විදිහ තමයි බයිබලේ තියෙන ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන එක. හැබැයි එහෙම කරන්න දෙවියන් ඔයාට බල කරන්නේ නැහැ. (ද්විතීය කතාව 30:19, 20; යොෂුවා 24:15) ඒක ඔයාම ගන්න ඕනෙ තීරණයක්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න