ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w24 ජනවාරි 19 පි.
  • ඔයා දැනගෙන හිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයා දැනගෙන හිටියාද?
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • පිලිප් එතියෝපිය නිලධාරියෙකුව බව්තීස්ම කරයි
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “යේසුස් ගැන ශුභාරංචිය” ව්‍යාප්ත වෙයි
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
  • පිලිප් ජ්වලිත එවැන්ජලිස්තවරයෙක්
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බයිබලය තේරුම්ගැනීමට අත්වැලක්
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w24 ජනවාරි 19 පි.
ෆිලිප් ඉතියෝපියානු ජාතිකයෙක්ට ශුද්ධ ලියවිල්ල පැහැදිලි කරනවා. එයාලා ඉන්නේ රෝද හතරක් තියෙන අශ්ව රථයක.

ඔයා දැනගෙන හිටියාද?

ඉතියෝපියානු නිලධාරියා ගියේ මොන වගේ රථයකද?

මුල් භාෂාවට අනුව “රථය” කියලා පාවිච්චි කරලා තියෙන වචනයෙන් එක එක විදිහේ රථ අදහස් වෙනවා. (ක්‍රියා 8:28, 29, 38) පේන විදිහට ඉතියෝපියානු නිලධාරියා ගිය රථය යුද්ධවලට සහ ක්‍රීඩාවලට පාවිච්චි කරපු ඒවාට වඩා ලොකු එකක්. ඇයි අපි එහෙම කියන්නේ?

මේ නිලධාරියා ඉහළ පෙළේ නිලධාරියෙක්. එයා ආවේ ලොකු දුරක ඉඳන්. බයිබලේ කියනවා එයා “ඉතියෝපියානු ජනතාවගේ රැජින වූ කන්දසී යටතේ සේවය කළ ඇගේ මුළු වස්තුව භාරව සිටි උසස් නිලධාරියෙකි” කියලා. (ක්‍රියා 8:27) අතීතයේදී ඉතියෝපියාවට සුඩානය සහ නවීන දින ඊජිප්තුවේ දකුණු කොටස අයිති වුණා. ඒක ලොකු ප්‍රදේශයක්. සමහරවිට මේ නිලධාරියා ඒ මුළු ගමනම එකම රථයේ ගියේ නැතත් එයාගේ ගමන් මලු නම් යන යන රථයේ අරන් යන්න ඇති. මුල් සියවසේ ගමන් යන්න පාවිච්චි කරපු සමහර රථවල රෝද හතරක් වගේම වහලයකුත් තිබුණා. එක පොතක මෙහෙම කියනවා. “ඒ වගේ රථයක බඩු පටවගන්න හොඳට ඉඩ තිබුණා. ඒ වගේම සුවපහසුවෙන් යන්න පුළුවන් විදිහට හදලා තිබුණ නිසා ලොකු දුරක් වුණත් යන්න අමාරු වුණේ නැහැ.”—Acts—An Exegetical Commentary.

ෆිලිප් එද්දී නිලධාරියා ලියවිල්ලක් කියවන ගමන් හිටියේ. බයිබලේ කියනවා ෆිලිප් එයා ළඟට යද්දී එයා “අනාගතවක්තෘ යෙසායාගේ ලියවිල්ල හඬ නඟා කියවන විදිහ” දැක්කා කියලා. (ක්‍රියා 8:30) සාමාන්‍යයෙන් ඒ කාලේ ගමන්වලට පාවිච්චි කරපු රථ යන්නේ ගොඩක් හෙමින්. නිලධාරියාට ලේසියෙන්ම ලියවිලි කියවන්න පුළුවන් වුණෙත් ෆිලිප්ට ඉක්මනින් රථය ගාවට දුවලා යන්න පුළුවන් වුණෙත් ඒ නිසයි.

“රථයට නැඟ තමා සමඟ ඉඳගන්න කියලා” නිලධාරියා ෆිලිප්ගෙන් ඉල්ලුවා. (ක්‍රියා 8:31) ඒකෙන් පේනවා ඒ රථයේ නිලධාරියාට වගේම ෆිලිප්ටත් ඉඳගෙන යන්න තරම් ඉඩ පහසුකම් තිබුණා කියලා. හැබැයි ඒ කාලේ ක්‍රීඩාවලට පාවිච්චි කරපු රථ ඊට වඩා වෙනස්. ඒවාවල පදවන කෙනා යන්නේ හිටගෙන.

ක්‍රියා 8වෙනි පරිච්ඡේදයේ තියෙන තොරතුරු සහ පුරාවිද්‍යා සාක්ෂි බලද්දී මේ නිලධාරියා ගමන් කළේ යුද්ධවලට සහ ක්‍රීඩාවලට පාවිච්චි කරන රථවලට වඩා ලොකු එකක කියලා හිතන්න පුළුවන්. ඒ නිසයි අපේ පින්තූරවල ටිකක් විශාල රථයක් ඇඳලා තියෙන්නේ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න