ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w24 පෙබරවාරි 30 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • යෙහෝවා—‘ධර්මිෂ්ඨ වූ දෙවිකෙනෙක්ය, ගැළවුම්කාරයෙක්ය’
    යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන II
  • අනාගතය ගැන හරියටම කියන්න පුළුවන් කාටද?
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අනාගතය ගැන පැවසිය හැක්කේ කාටද?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මහා සයිරස්
    2013 පිබිදෙව්!
තව තොරතුරු
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w24 පෙබරවාරි 30 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

අනාගතේ ගැන කියන්න දෙවියන්ට තියෙන හැකියාව ගැන බයිබලේ කියන්නේ මොනවාද?

බයිබලේ කියනවා යෙහෝවා දෙවියන්ට අනාගතය ගැන කියන්න පුළුවන් කියලා. (යෙසා. 45:21) හැබැයි ඔහු ඒක කරන්නේ කොහොමද, කොයි අවස්ථාවේදීද, කොච්චර දුරකටද කියලා බයිබලේ කියලා නැහැ. ඒ නිසා ඔහු ඒක කරන්නේ “මෙන්න මෙහෙම්මමයි” කියලා ස්ථිරවම කියන්න බැහැ. හැබැයි ඒ ගැන අපිට තේරුම්ගන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා.

ඕනම දෙයක් කරන්න හැකියාව තිබුණත් යෙහෝවා තමන්ටම සීමා දාගන්නවා. දෙවියන්ගේ අසීමිත ප්‍රඥාව නිසා ඔහුට අනාගතේ වෙන හැම දෙයක්ම කලින්ම කියන්න පුළුවන්. (රෝම 11:33) ඒත් ඔහු එහෙම කරන්නේ නැහැ. මොකද ඔහු තමන්ව සම්පූර්ණයෙන්ම පාලනය කරගන්න දෙවි කෙනෙක්.—යෙසා. 42:14.

යෙහෝවා ඔහු අරමුණු කරන දේ ඉටු කරනවා. ඒත් ඒකයි, අනාගතය ගැන කියන්න තියෙන හැකියාවයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඒ ගැන යෙසායා 46:10 මෙහෙම කියනවා. “අවසානයේදී සිදු වීමට නියමිත දේ දැනුම් දෙන තැනැත්තා මමය. මම මුල පටන්ම ඒ ගැන දැනුම් දුනිමි. මේ වන තුරුත් සිදු නොවූ දේවල් ගැනද මම බොහෝ කලකට පෙර දැන්වූවෙමි. ‘මා අරමුණු කළ දේ ඉටු වන්නේය. මම කැමති සියල්ල එලෙසින්ම ඉටු කරමි’ කියා පවසන තැනැත්තා මමය.”

තමන් කැමති ඕනම දෙයක් කරන්න දෙවියන්ට බලය තියෙනවා. හැබැයි එහෙමයි කියලා ඔහු හැම තිස්සේම ඉස්සරහට වෙන දේ බලලා කලින්ම කියන්නේ නැහැ. එහෙම කළොත් ඔහු කරන්නේ හරියට දැනටමත් රෙකෝඩ් කරලා තියෙන ෆිල්ම් එකක අන්තිමට වෙන දේ කලින්ම බලලා ඒ ගැන කියනවා වගේ දෙයක්. එහෙම කරනවා වෙනුවට ඔහුට පුළුවන් “මේ දේ, මේ වෙලාවට වෙනවා” කියලා තීරණය කරලා ඒක ඒ විදිහටම සිද්ධ වෙන්න සලස්වන්න.—නික්. 9:5, 6; මතෙ. 24:36; ක්‍රියා 17:31.

යෙහෝවා අනාගතේදී කරන දේවල් ගැන කතා කරද්දී බයිබලේ පාවිච්චි කරලා තියෙන්නේ “සැලසුම් කරනවා,” “අරමුණු කරනවා” වගේ යෙදුම්. (2 රාජා. 19:25; යෙසා. 46:11) මුල් භාෂාවට අනුව ඒවා ඇවිල්ලා තියෙන්නේ “කුඹල්කරු” කියන තේරුම තියෙන වචනයකින්. (යෙරෙ. 18:2-4) කුඹල්කරුවෙක්ට මැටිවලින් වාස් එකක් අඹන්න පුළුවන් වගේ යෙහෝවාටත් පුළුවන් ඔහුගේ අරමුණ ඔහු කැමති විදිහටම ඉටු කරන්න.—එෆී. 1:11.

තීරණ ගැනීමේ නිදහසට යෙහෝවා ගරු කරනවා. දෙවියන් කාගෙවත් ඉරණම තීරණය කරන්නේ නැහැ. හොඳ මිනිස්සුන්ට වැරදි කරන්න පොලඹවන්නෙත් නැහැ. ඔහු අපෙන් ආදරෙන් ඉල්ලනවා හරි දේ කරන්න කියලා. හැබැයි තමන් කැමති දේ කරන්න ඔහු හැමෝටම නිදහස දීලා තියෙනවා.

අපි උදාහරණ 2ක් බලමු. යෙහෝවා නිනිවයේ වැසියන්ට අනාවැකියක් කිව්වා එයාලාගේ දුෂ්ටකම් නිසා නගරය විනාශ කරනවා කියලා. ඒත් එයාලා පසුතැවිලි වුණ නිසා “ඔවුන්ට දඬුවම් කිරීමට ගත් තීරණය දෙවි වෙනස් කළා. ඔහු ඔවුන් පිටට ඒ විපත ගෙනාවේ නැහැ.” (යෝනා 3:1-10) එයාලා කැමැත්තෙන්ම ජීවිත වෙනස් කරගත්ත නිසා යෙහෝවාත් ඔහු ගත්ත තීරණය වෙනස් කළා.

ඊළඟට අපි බලන්නේ සයිරස් කියලා කෙනෙක් ගැන. එයා යුදෙව්වන්ව නිදහස් කරලා දේවමාලිගාව ගොඩනඟන්න අණ දෙනවා කියලා අනාවැකියක කිව්වා. (යෙසා. 44:26–45:4) ඒක ඉටු වුණේ පර්සියාවේ සයිරස් රජ මාර්ගයෙන්. (එස්රා 1:1-4) ඒත් එයා යෙහෝවාට නමස්කාර කරපු කෙනෙක් නෙවෙයි. දෙවියන් අනාවැකිය ඉටු කරන්න සයිරස්ව පාවිච්චි කළත් ඔහුට නමස්කාර කරන්න කියලා එයාට බල කළේ නැහැ.—හිතෝ. 21:1.

අපෙන් කාටවත් දෙවියන් හිතන විදිහ, ඔහු වැඩ කරන විදිහ 100%ක් තේරුම්ගන්න බැහැ. (යෙසා. 55:8, 9) ඒත් මේ තොරතුරුවලින් පැහැදිලියි යෙහෝවා හැම වෙලාවේම කරන්නේ හරි දේ කියලා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න