යුද බිමේ අමිහිරි මතකයන්
යුද්දෙකදී සටන් කරන්න වෙන එක, යුද්දෙකට අහු වෙන එක ජීවිතේ අමිහිරිම අද්දැකීම්වලින් එකක්. ඒ වගේ අද්දැකීම්වලට මූණ දුන්න කීපදෙනෙක්ගේ අදහස් බලන්න.
සෙබළු
“අපි කොයි වෙලෙත් දැක්කේ අපි වටේ ඉන්න අය එක්කෝ මැරෙනවා නැත්නම් දරුණු විදිහට තුවාල වෙනවා. අපි හැම වෙලේම හිටියේ බයෙන්.”—ගැරි, බ්‍රිතාන්‍යය.
“මගේ මූණටයි, පිටටයි වෙඩි වැදුණා. යුද්දෙකදී පොඩි ළමයි, වයසක අය මැරෙන එක සාමාන්‍ය දර්ශනයක්. ඒවා දැකලා දැකලාම හිත ගල් වෙනවා.”—විල්මා, කොලොම්බියාව.
“ඔයා ඉස්සරහා කෙනෙක්ට වෙඩි වැදුණාම ඒක වෙච්ච විදිහ, එයාගේ මූණ මැවිමැවී පේනවා. එයා කෑගහපු විදිහ, කෙඳිරිගාපු විදිහ අමතක කරන්නම බෑ.”—සෆීරා, එක්සත් ජනපදය.
සාමාන්‍ය ජනයා
“මං හිතුවේ නෑ මට ආයේ කවදාවත් සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා. මං හිතුවේම මං මැරෙයි කියලා. මං වැඩියෙන්ම බය වුණේ පවුලේ අය, යාළුවන් මැරෙයි කියලා.”—ඔලෙක්සැන්ඩ්‍රා, යුක්රේනය.
“පාන්දර 2 ඉඳන් රෑ 11 වෙනකම් අපිට කෑම පෝළිමේ ඉන්න වුණා. ඒ පැය ගාණම අපි හිටියේ කොයි වෙලේ වෙඩි වදියිද කියන බයෙන්.”—ඩාල, තජිකිස්තානය.
“යුද්දේ හින්දා මගේ අම්මා තාත්තා නැති වුණා. කාත් කවුරුත් නැතුව මං මේ ලෝකේ තනි වුණා.”—මරී, රුවන්ඩා.
එච්චර දුක් වින්දත් ඒ හැම කෙනෙක්ම දැන් ඉන්නේ හිතේ සමාදානයෙන්. යුද ගැටුම් නැති කාලයක් ළඟදීම එනවා කියලා එයාලට ලොකු විශ්වාසයකුත් තියෙනවා. ඒ වගේ කාලයක් ලැබෙන්නේ කොහොමද කියලා බයිබලේ කියනවා. ඒ ගැන මේ ‘මුරටැඹ’ සඟරාවෙන් දැනගන්න.