යුද ගිනි මැදත් හිතේ සාමයෙන්
ගැරි බයිබලේ ඉගෙනගන්න කලින් හමුදාවේ සේවේ කරපු කෙනෙක්. එයා මෙහෙම කියනවා. “ලෝකේ මේ තරම් අසාධාරණකම්, දුෂ්ටකම්, ප්රශ්න තියෙන්නේ ඇයි කියලා කලින් මට හිතාගන්න බැරි වුණා. ඒත් දැන් මගේ හිතට ලොකු සහනයක් දැනෙනවා. මං දන්නවා යෙහෝවා දෙවියන් ළඟදීම ඒ හැම නරක දෙයක්ම අයින් කරලා මුළු ලෝකෙම සාමයෙන් පිරුණු තැනක් කරනවා කියලා.”
ගැරිට විතරක් නෙමෙයි බයිබලේ තියෙන දේවල් තවත් ගොඩක් අයට උදව් වෙලා තියෙනවා.
බයිබලයේ කියන දේ: “යෙහෝවා දෙවියනි, ඔබ සමාව දෙන්න කැමති, යහපත් දෙවි කෙනෙක්.”—ගීතාවලිය 86:5.
ඒ දේ උදව් වුණ විදිහ: “යෙහෝවා දයාවෙන් පිරුණු දෙවි කෙනෙක් කියන දේ මං මේ පදෙන් ඉගෙනගත්තා. හමුදාවේ හිටපු කාලේ මං කරපු දේවලට ඔහු සමාව දෙනවා කියලා දැන් මට විශ්වාසයි.”—විල්මා, කොලොම්බියාව.
බයිබලයේ කියන දේ: “මම අලුත් අහසක් සහ අලුත් පොළොවක් නිර්මාණය කරනවා. කලින් සිද්ධ වුණ දේවල් ආයේ මතකයට එන්නේ නැහැ. ඒවා ආයේ හිතට බරක් වෙන්නේ නැහැ.”—යෙසායා 65:17.
ඒ දේ උදව් වුණ විදිහ: “යුද්ධ කාලේදී මං අහපු දැකපු දේවල් නිසා මං මානසිකව අසනීප වුණා. මට ඒවා අමතක කරන්න අමාරුයි. ඒ මතකයන් නිසා මට නරක හීන පේනවා. හරියට නින්ද යන්නෙත් නැහැ. මට කිසි දෙයක් කරන්න හිතෙන්නෙත් නැහැ. ඒත් ළඟදීම යෙහෝවා මගේ හිතට වධ දෙන ඒ දේවල් සම්පූර්ණයෙන්ම මකලා දානවා කියලා ඒ බයිබල් පදේ මට මතක් කරලා දෙනවා. ඒ ගැන හිතන එකම ලොකු සහනයක්!”—සෆීරා, එක්සත් ජනපදය.
බයිබලයේ කියන දේ: “ඔහුගේ පාලන කාලයේදී ධර්මිෂ්ඨයා සාර්ථක වෙයි. සඳ පවතින තාක් කල් සමාදානය දසත පැතිරෙයි.”—ගීතාවලිය 72:7.
ඒ දේ උදව් වුණ විදිහ: “මං හැම තිස්සේම ඒ පදේ තියෙන දේ ගැන හිතනවා. යෙහෝවා ළඟදීම යුද්ධ නැති කාලයක් ගේනවා. ඒ නිසා එදාට අපි ආදරේ කරන අයට කරදරයක් වෙයි කියලා හිතලා අපි වධ වෙන්න ඕනෙ නැහැ.”—ඔලෙක්සැන්ඩ්රා, යුක්රේනය.
බයිබලයේ කියන දේ: ‘මිය ගිය ඔබේ සෙනඟ ආපහු ජීවත් වෙයි. දූවිල්ලේ සැතපිලා ඉන්න ජනයෙනි, අවදි වෙන්න. ප්රීති ඝෝෂා නඟන්න!’—යෙසායා 26:19.
ඒ දේ උදව් වුණ විදිහ: “ටුට්සි ගෝත්රයේ අයව සමූල ඝාතනය කරද්දී මගේ පවුලේ හැමෝවම වගේ මරලා දැම්මා. ඒත් මේ පදෙන් මං දැනගත්තා මට එයාලව ආයෙත් දකින්න ලැබෙනවා කියලා. යෙහෝවා එයාලට ආයෙත් ජීවිතේ දුන්නාම එයාලාගේ කටහඬ අහන්න මං ඉන්නේ හරිම ආසාවෙන්.”—මරී, රුවන්ඩා.
බයිබලයේ කියන දේ: ‘තව ටික කාලෙකින් දුෂ්ටයන් නැති වෙනවා. ඒත් නිහතමානී අය පොළොව උරුම කරගන්නවා. හැම තැනම පැතිරිලා තියෙන සාමය නිසා ඔවුන් සතුටින් ඉපිල යනවා.’—ගීතාවලිය 37:10, 11.
ඒ දේ උදව් වුණ විදිහ: “මෙහේ යුද්දේ නම් ඉවරයි. ඒත් නරක මිනිස්සු තාමත් ඉන්නවා. අසාධාරණකම්වලත් කිසිම අඩුවක් නැහැ. ඒත් ඒ පද මට ලොකු සහනයක් වෙලා තියෙනවා. මොකද යෙහෝවා හැම දෙයක්ම දකිනවා කියලත් මං මූණ දෙන දේවල් ගැන ඔහු හොඳින්ම දන්නවා කියලත් ඒ පදවලින් මං ඉගෙනගත්තා. ළඟදීම මේ හැම නරක දෙයක්ම නැති වෙලා අපිට ඒවා අමතක වෙලාම යනවා කියලා දෙවියන් දීලා තියෙන පොරොන්දුව මට ලොකු ශක්තියක්.”—ඩාල, තජිකිස්තානය.
මේ සඟරාවේ අදහස් දක්වලා තියෙන හැමෝම දැන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. එයාලට වගේම තවත් මිලියන ගාණක් සාක්ෂිකරුවන්ට හිතේ සමාදානය ඇති කරගන්න බයිබලේ තියෙන තොරතුරු උදව් වෙලා තියෙනවා. ජාති භේද, කුල භේද, තරහා මරහා හිතෙන් අයින් කරගන්න ඒ අය ඉගෙනගෙන තියෙනවා. (එෆීස 4:31, 32) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේශපාලනයේ පැති ගන්නේ නැහැ. කිසිම විදිහකින් යුද්ධවලට, ප්රචණ්ඩකාරී දේවල්වලට හවුල් වෙන්නෙත් නැහැ.—යොහන් 18:36.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක පවුලක් වගේ. ඒ නිසා එයාලා එකිනෙකාව ආදරෙන් බලාගන්නවා. (යොහන් 13:35) කලින් සඳහන් කරපු ඔලෙක්සැන්ඩ්රාටයි, එයාගේ අක්කාටයි යුද්දේ නිසා වෙන රටකට පැනලා යන්න වුණා. එයා මෙහෙම කියනවා. “අපි ඒ රටට අඩිය තිබ්බ ගමන්ම දැක්කේ සාක්ෂිකරුවන්ව. එයාලා අපි එන කල් බලාගෙනයි හිටියේ. ඒ රටේ ජීවිතේට හැඩගැහෙන්න එයාලා අපිට උදව් කළා.”
හිතේ සාමයෙන් ඉන්න උදව් වෙන තොරතුරු බයිබලේ තියෙනවා. අපේ රැස්වීම්වලට ඇවිත් ඒ ගැන දැනගන්න කියලා අපි ඔයාට ආදරෙන් ආරාධනා කරනවා. jw.org වෙබ් අඩවියට ගිහින් ඔයාට ළඟින්ම තියෙන අපේ රැස්වීම් පවත්වන තැනක් හොයාගන්න පුළුවන්. ඒ වගේම ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාවෙන් නොමිලේ බයිබල් සාකච්ඡාවක් කරන්න කැමතියි නම් ඒ වෙබ් අඩවියට ගිහින් ඒ ගැන දැනුම් දෙන්නත් පුළුවන්.