අධ්‍යයනයට යෝජනාවක්!
කණ්ණාඩිය හරියට පාවිච්චි කරන්න
යාකොබ් බයිබලය කණ්ණාඩියකට සමාන කළා. අපි ඇත්තටම කොයි වගේ අයද කියලා දකින්න ඒකෙන් අපිට පුළුවන්. (යාකො. 1:22-25) ඒත් බයිබලය කියන කණ්ණාඩිය හරි විදිහට පාවිච්චි කරන්නේ කොහොමද?
අවධානෙන් කියවන්න. අපි ඔහේ උඩින් පල්ලෙන් කණ්ණාඩියකින් බැලුවොත් අපේ පෙනුමේ අඩුපාඩු පේන්නේ නැති වෙන්න පුළුවන්. අපි බයිබලෙත් ඉක්මනින් ඉක්මනින් කියෙව්වොත් හදාගන්න ඕනෙ අඩුපාඩු අපිට පේන එකක් නැහැ. එහෙම නොවෙන්න නම් අපි බයිබලේ හොඳ අවධානෙන් කියවන්න ඕනේ.
අනිත් අය දිහා නෙවෙයි ඔයා දිහා වැඩියෙන් බලන්න. අපි කණ්ණාඩිය අල්ලන විදිහෙන් අපි වටේ ඉන්න අයවත් අපිට පේන්න පුළුවන්. එතකොට අපි දිහා බලනවාට වඩා අපි එයාලා දිහා බලන්න පෙලඹෙයි. බයිබලේ කියවද්දීත් අපේ අඩුපාඩුවලට වඩා අනිත් අයගේ අඩුපාඩු බලන්න අපි පෙලඹෙන්න පුළුවන්. ඒකෙන් අපිට අපිව හදාගන්න බැරි වෙනවා.
සාධාරණ වෙන්න. කණ්ණාඩියෙන් අපි අපේ අඩුපාඩු විතරක්ම දැක්කොත් අපි මානසිකව වැටෙයි. ඒ නිසා අපි බයිබලේ කියවද්දී යෙහෝවා අපෙන් බලාපොරොත්තු වෙනවාටත් වඩා දේවල් අපි අපෙන් බලාපොරොත්තු වෙන්න නරකයි.—යාකො. 3:17.