අධ්‍යයනයට යෝජනාවක්!
අධ්‍යයනය කරන දේවල් ගැන අනිත් අයට කියන්න
අධ්‍යයනය කරද්දී ලොකු සතුටක් දැනෙනවා. ඊට වඩා සතුටක් දැනෙනවා අධ්‍යයනයෙන් හොයාගත්ත වටිනා මැණික් අනිත් අයටත් දෙද්දී. හිතෝපදේශ 11:25 කියනවා “අනිත් අයව ප්‍රාණවත් කරන කෙනාවත් ප්‍රාණවත් කරයි” කියලා.
අපි ඉගෙනගත්ත දේවල් අනිත් අයට කියද්දී ඒවා මතක තියාගන්න ලේසියි. ඒකෙන් අපේ අවබෝධයත් වැඩි වෙනවා. අපි ඒවා අනිත් අයට කියද්දී එයාලටත් ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා. ඒකෙන් අපිටත් සතුටක් දැනෙනවා.—ක්‍රියා 20:35.
මෙහෙම කරලා බලන්න: ඊළඟ සතිවල ඔයා ඉගෙනගත්ත දේවල් තව කෙනෙක්ට කියන්න උත්සාහ කරන්න. ඔයාට පුළුවන් ඔයාගේ පවුලේ කෙනෙක්ට, සභාවේ කෙනෙක්ට, වැඩපොළේ කෙනෙක්ට, ඉස්කෝලේ ළමයෙක්ට, ගෙවල් ළඟ කෙනෙක්ට නැත්නම් ඔයාට සේවේදී හම්බ වෙන කෙනෙක්ට ඒ ගැන කියන්න. එහෙම කියද්දී ඔයාගෙම වචනවලින් සරලව, පැහැදිලිව ඒක කියන්න බලන්න.
මතක තියාගන්න: අධ්‍යයනය කරපු දේවල් ගැන ඔයා අනිත් අයට කියන්න ඕනෙ එයාලව දිරිගන්වන්න මිසක් ඔයාට අවධානය ගන්න නෙවෙයි.—1 කොරි. 8:1.