අධ්‍යයනයට යෝජනාවක්!
හැමදාම බයිබලේ කියවන්න මේවා ඔයාට උදව් වෙයි
තියෙන වැඩ රාජකාරිත් එක්ක වරද්දන්නේ නැතුව හැමදාම බයිබලේ කියවන්න ඔයාට අමාරුද? (යොෂු. 1:8) එහෙමනම් මේවායින් එකක් ට්‍රයි කරලා බලන්න.
රිමයින්ඩර් එකක් දාගන්න. ඔයාගේ ෆෝන් එකේ, ටැබ් එකේ බයිබලේ කියවන්න කියලා මතක් කරලා එලාම් එකක් තියන්න.
හොඳට පේන තැනක බයිබලේ තියන්න. ඔයා බයිබලේ කියවන්නේ මුද්‍රිත පිටපතකින් නම් නිතරම පේන තැනක ඒක තියන්න.—ද්වි. 11:18.
ඕඩියෝ එක අහන්න. දවසේ එක එක වැඩ කරන ගමන් බයිබලේ ඕඩියෝ එක අහන්න. ටාරා කියන්නේ පුරෝගාමි සේවේ කරන අම්මා කෙනෙක්. එයා රස්සාව කරන්නේ රෑට. එයා මෙහෙම කියනවා. “ගෙදර වැඩ කරන ගමන් බයිබලේ අහන එක මට උදව් වෙනවා බයිබල් කියවීම වරද්දන්නේ නැතුව හැමදාම කරන්න.”
අත්හරින්න එපා. හිතපු නැති විදිහේ දෙයක් වෙලා ඔයා ප්ලෑන් කරපු විදිහට බයිබලේ කියවන්න බැරි වෙනවා නම් නිදාගන්න කලින් අඩුම ගාණේ බයිබල් පද දෙක තුනක් හරි කියවන්න. ඒ විදිහට පොඩි කොටසක් හරි හැමදාම කියවන එකෙන් ඔයාට ගොඩක් ප්‍රයෝජන තියෙනවා.—1 පේතෘ. 2:2.