ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 මැයි 13 පි.
  • ඔයා ඕඩියෝ බයිබලයට ඇහුම්කන් දෙනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයා ඕඩියෝ බයිබලයට ඇහුම්කන් දෙනවාද?
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • පටිගත කිරීම්වලින් ප්‍රයෝජන ගමු
    2015 අපගේ රාජ්‍ය සේවාව
  • බාධාවක් නැතුව ‘අහන්න දකින්න’ ලැබෙන සමුළු
    ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
  • හැමදාම බයිබලේ කියවන්න මේවා ඔයාට උදව් වෙයි
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • වෙන භාෂාවක් කතා කරන අයට උදව් කිරීමට පාවිච්චි කරන්න
    2013 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 මැයි 13 පි.
පින්තූරවල අදහස: බයිබල් කියවීමට ඇහුම්කන් දෙනවා. 1. සහෝදරයෙක් එළිමහනට ගිහින් හෙඩ්ෆෝන් එකක් දාගෙන ඕඩියෝ බයිබලයට ඇහුම්කන් දෙනවා. 2. අම්මා කෙනෙක් එයාගේ සිඟිති දූ එක්ක වොයිස් කමාන්ඩ් තියෙන ඩිවයිස් එකකින් ඕඩියෝ බයිබලේට ඇහුම්කන් දෙන අතරේ බයිබයෙනුත් ඒ කොටස බයිබලෙන් කියවගෙනත් යනවා. 3. සහෝදරියක් කෝච්චියක යන ගමන් ඉයෆෝන් දාගෙන ඕඩියෝ බයිබලේට ඇහුම්කන් දෙනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ඔයා ඕඩියෝ බයිබලයට ඇහුම්කන් දෙනවාද?

ඕඩියෝ බයිබලය කියන්නේ මොකක්ද? ඒ තමයි රෙකෝඩ් කරපු ‘නව ලොව පරිවර්තනය.’ බයිබලයේ පොතක් රෙකෝඩ් කරපු ගමන්ම ඒක මුදාහරිනවා. හැම භාෂාවකින්ම වගේ රෙකෝඩ් කරන්නයි සංවිධානය උත්සාහ කරන්නේ. එක එක චරිතවලට වෙනස් කටහඬවල් පාවිච්චි කරන එක මේකේ තියෙන විශේෂත්වයක්. හඬ කවන අය කියවන කොටසට ගැළපෙන විදිහට හැඟීම් මුසු කරන නිසා බයිබලේ තියෙන පණිවිඩය හරිම විදිහට මතු කරන්න පුළුවන් වෙලා තියෙනවා.

සමහරු මේ බයිබලය පාවිච්චි කරන්නේ කොහොමද? දෙවියන්ගේ වචනයට පණ පොවන නිසා සමහරු මේ බයිබලය හැමදාම වගේ අහනවා. එයාලා කියන්නේ එක එක කටහඬවල් තියෙන නිසා සිද්ධීන් හිතින් මවාගන්නත් ලියලා තියෙන දේ තේරුම්ගන්නත් හරිම ලේසියි කියලා. (හිතෝ 4:5) කනස්සල්ලෙන් හිටපු හුඟදෙනෙක්ට එයාලගේ හිත සන්සුන් කරගන්නත් ඕඩියෝ බයිබලය උදව් වෙලා තියෙනවා.—ගීතා 94:19.

දෙවියන්ගේ වචනය අපේ කන්වලට ඇහෙද්දී ඒක අපේ හිතට තදින්ම දැනෙනවා. (2ලේක 34:19-21) ඔයාගේ භාෂාවෙනුත් ඕඩියෝ බයිබලේ තියෙනවා නම් ඒකට ඇහුම්කන් දෙන එක පුරුද්දක් කරගන්න පුළුවන්ද?

‘ඕඩියෝ බයිබලය සකස් කරන විදිහ - කෙටි වීඩියෝව’ බලලා මේ ප්‍රශ්නයට උත්තර දෙන්න.

ඕඩියෝ බයිබලය සකස් කරන විදිහ ගැන ඔයාගේ හිත ගියේ මොකටද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න