ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w25 දෙසැම්බර් 26-30 පි.
  • මහලු වයසේ ඉන්න ඔයා සභාවට සම්පතක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මහලු වයසේ ඉන්න ඔයා සභාවට සම්පතක්
  • 2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යෙහෝවා ඔයාගෙන් ඉල්ලන දේ
  • ඔයාගේ අද්දැකීම්වලින් උදව් කරන්න
  • ඔයා යෙහෝවා වෙනුවෙන් කරන දේ ඔහුට රත්තරන් වගේ වටිනවා
  • පුළුවන් තරම් විදිවලින් උදව් කරන්න
  • ඔහු තම හෘදයේ ආශාව ඉටුකර ගත්තේය
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි තම මහලු සේවකයන්ව රැකබලා ගනියි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවියන් වෙනුවෙන් උපරිමය දීලා සතුටු වෙන්න
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මහලු සහෝදර සහෝදරියන් අපිට සම්පතක්
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w25 දෙසැම්බර් 26-30 පි.
පින්තූරවල අදහස: මහලු සහෝදර සහෝදරියන් යෙහෝවාට කරන සේවෙන් සතුටක් අද්දකිනවා. 1. සහෝදරයෙක් හරිම සතුටින් ඉස්සරහා දිහා බලාගෙන ඉන්නවා. 2. රෝද පුටුවක ඉන්න සහෝදරියක් එයාව බලාගන්න නර්ස්ට පත්‍රිකාවක් පාවිච්චි කරලා කතා කරනවා. 3. සහෝදරියක් රැස්වීමේදී අදහසක් දෙනවා. 4. සහෝදරියක් තරුණ සහෝදරයෙක්ගේ අතින් අල්ලගෙන සේවේ යනවා. 5. සහෝදරයෙක් අම්මා කෙනෙකුයි, එයාගේ ළමයි දෙන්නායි එක්ක නමස්කාර මධ්‍යස්ථානයේදී කතා කරකර ඉන්නවා.

මහලු වයසේ ඉන්න ඔයා සභාවට සම්පතක්

“තරුණ කාලේදී මං කොච්චර නං දේවල් කළාද! ඒ ගැන හිතද්දීත් පුදුමයි. ඒත් දැන් මට ඉස්සර වගේ දේවල් කරන්න බෑ.”—කොනි, වයස අවුරුදු 83යි.

ඔයාටත් තරුණ කාලේ කළා වගේ දේවල් දැන් කරන්න බැරුව ඇති. ඔයා අවුරුදු ගාණක් පුරා විශ්වාසවන්තව සේවේ කළත් ඒ කාලේ කරපු සේවේ එක්ක දැන් ඔයා කරන සේවේ සසඳලා බලද්දී ඔයාට ලොකු දුකක් දැනෙනවා ඇති. එහෙමනම් ඒ දුකෙන් ගොඩ ඇවිත් දිගටම සතුටින් ඉන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

යෙහෝවා ඔයාගෙන් ඉල්ලන දේ

යෙහෝවා ඔයාගෙන් ඉල්ලන්නේ මොනවාද කියලා ද්විතීය කතාව 6:5 මෙහෙම කියනවා. ‘ඔයාගේ දෙවි වන යෙහෝවාට මුළු හදවතින්ම ආදරේ කරන්න. ඒ ආදරේ ඔයාගේ මුළු ජීවිතෙන්ම දකින්න තියෙන්න ඕනේ. ඔහුට තියෙන ආදරේ වෙනුවෙන් ඔයාගේ මුළු ශක්තියම වැය කරන්න.’

ඒ පදයේ කියන විදිහට යෙහෝවා ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔහු වෙනුවෙන් දැන් ඔයාට දෙන්න පුළුවන් හොඳම දේ ඔයා දෙයි කියලයි. ඒක ඔයාට උදව් වෙනවා ඔයා දැන් කරන සේවේ අනිත් අය කරන සේවේ එක්කවත් ඔයා තරුණ කාලේ කරපු සේවේ එක්කවත් සන්සන්දනය කරන්නේ නැතුව ඉන්න.

මේ ගැන හිතන්න. තරුණ කාලේදී ඔයාට දෙන්න පුළුවන් හොඳම දේ ඔයා යෙහෝවාට දෙන්න ඇති. දැන් ඔයාට යෙහෝවා වෙනුවෙන් මොනවාද කරන්න පුළුවන්? දැන් ඔයාගේ තත්වය අනුව ඔයා ඔයාට දෙන්න පුළුවන් හොඳම දේ යෙහෝවාට දෙනවා ඇති. ඒ විදිහට හිතුවොත් ඔයාට තේරෙයි ඔයා එදා දුන්න දේම තමයි දැනුත් යෙහෝවාට දෙන්නේ කියලා. ඔයා එදා යෙහෝවාට දුන්නෙත් ඔයාගේ හොඳම දේ. අද දෙන්නෙත් ඔයාගේ හොඳම දේ.

පින්තූරවල අදහස: සහෝදරියක් අවුරුදු ගාණක් තිස්සේ විශ්වාසවන්තව යෙහෝවාට සේවේ කරනවා. 1. දශක ගාණකට කලින් තරුණ සහෝදරිය ගෙයින් ගෙට සේවේ ගිහින් කාන්තාවක් එක්ක කතා කරනවා. 2. දැන් මහලු වයසේ ඉන්න ඒ සහෝදරිය තරුණ සහෝදරියක් එක්ක ෆෝන් එකෙන් සාක්ෂි දරනවා.

තරුණ වයසේදී ඔයා යෙහෝවාට ඔයාගේ හොඳම දේ දුන්නා. මහලු වයසේදීත් ඔයා ඔයාගේ හොඳම දේ යෙහෝවාට දෙනවා

ඔයාගේ අද්දැකීම්වලින් උදව් කරන්න

දැන් ඔයාට කරන්න බැරි දේවල් ගැන හිතනවා වෙනුවට මහලු කෙනෙක් විදිහට ඔයාට අනිත් අයට උදව් කරන්න කොච්චර අවස්ථා තියෙනවාද කියන එක ගැන හිතන්න. තරුණ කාලේදී ඔයාට කරන්න බැරි වුණ, ඒත් මහලු වයසේදී කරන්න පුළුවන් සමහර දේවල් තියෙනවා. උදාහරණෙකට ඔයාට මේ වගේ දේවල් කරන්න පුළුවන්.

ඔයා ලබපු අද්දැකීම් අනිත් අයත් එක්ක බෙදාගන්න. මේ බයිබල් පද ගැන හිතන්න.

දාවිත් රජ මෙහෙම කිව්වා. “දැන් මං මහලුයි. මගේ තරුණ කාලේ ඉඳන් මේ වෙන කල් කිසිම ධර්මිෂ්ඨ කෙනෙක්ව අත්හැරලා දානවාවත් ඔහුගේ දරුවන් කෑම හිඟා කනවාවත් මම දැකලා නැහැ.”—ගීතා. 37:25.

යොෂුවා මෙහෙම කිව්වා. “මං තව වැඩි කාලයක් ජීවත් වෙන එකක් නැහැ. ඔයාලාගේ දෙවි යෙහෝවා දුන්න එක පොරොන්දුවක්වත් ඔහු කඩ කළේ නැහැ කියලා ඔයාලා හොඳින්ම දන්නවා. ඔයාලා වෙනුවෙන් ඔහු ඒ හැම පොරොන්දුවක්ම ඒ විදිහටම ඉටු කළා.”—යොෂු. 23:14.

තරුණ වයසේදී අනිත් අයව දිරිගන්වන්න සමහරවිට ඔයාත් ඒ වගේ දේවල් කියලා ඇති. දාවිත් සහ යොෂුවා කිව්වේ අවුරුදු ගාණක් තිස්සේ එයාලා අහපු දැකපු, පෞද්ගලිකව අද්දැකපු දේවල් ගැනයි. ඒ නිසා එයාලා කියපු දේ හදවතට තව වැඩියෙන් දැනෙනවා.

ඔයාත් අවුරුදු ගාණක් තිස්සේ යෙහෝවාට සේවේ කරන කෙනෙක් නම් යෙහෝවා ඔයා වෙනුවෙන්, අනිත් අය වෙනුවෙන් කරපු දේවල් ඔයා අහලා දැකලා ඇති. ඔයාට පුළුවන් ඒ දේවල් අනිත් අයට කියන්න. යෙහෝවා ඔහුගේ සෙනඟට උදව් කරපු විශේෂ විදිහක් ඔයාට මතකයිද? අනිත් අයත් එක්ක ඒ ගැන කතා කරන්න. එහෙම කරන එකෙන් ඔයාට ලොකු සතුටක් දැනෙයි. ඒ විතරක් නෙවෙයි ඔයා යෙහෝවාට සේවේ කරද්දී ලබපු අද්දැකීම් අහන එක අනිත් අයටත් ලොකු දිරිගැන්වීමක් වෙයි.—රෝම 1:11, 12.

අනිත් අයව දිරිගන්වන්න පුළුවන් තවත් විදිහක් තමයි පුළුවන් හැම වෙලාවකම නමස්කාර මධ්‍යස්ථානයට ගිහින් රැස්වීම්වලට සහභාගි වෙන එක. ඒකෙන් අනිත් අයට වගේම ඔයාටත් ලොකු දිරිගැන්වීමක් ලැබෙනවා. කලින් කතා කරපු සහෝදරි කොනි මෙහෙම කියනවා. “රැස්වීම්වලට යන එක අධෛර්යය නොවී ඉන්න මට ලොකු උදව්වක්. නමස්කාර මධ්‍යස්ථානයට ගියාම සභාවේ අයගේ ආදරේ මට දැනෙනවා. ඉතිං ඇයි මං අධෛර්යය වෙන්නේ? මගේ අගය පෙන්නන්න මං එයාලට පොඩි පොඩි තෑගිත් දෙනවා. එයාලා මාව දිරිගන්වනවා වගේ මාත් සභාවේ දේවලට හවුල් වෙලා මට පුළුවන් විදිවලින් එයාලව දිරිගන්වනවා.”

ඔයා යෙහෝවා වෙනුවෙන් කරන දේ ඔහුට රත්තරන් වගේ වටිනවා

මහලු වයස නිසා ගොඩක් දේවල් කරන්න බැරි වුණත් යෙහෝවා ආදරේ කරපු හුඟක් අය ගැන බයිබලේ තියෙනවා. සිමියොන් කියන්නේ ඒ වගේ කෙනෙක්. සිමියොන් කියන්නේ යේසුස් ඉපදුණ කාලේ හිටපු මහලු ඊශ්‍රායෙල්වරයෙක්. එයා දේවමාලිගාවට ගියාම දකින්න ඇති තරුණ අය දේවමාලිගාවේ දුවලා පැනලා ගොඩක් වැඩ කරනවා. සමහරවිට සිමියොන්ට හිතෙන්න ඇති ‘දැන් මට වැඩි දෙයක් කරගන්න බැරි නිසා යෙහෝවාට මගෙන් වැඩක් නෑ’ කියලා. හැබැයි යෙහෝවා එයා දිහා බැලුවේ එහෙම නෙවෙයි. යෙහෝවා එයාව දැක්කේ “දෙවියන් ගැන ලොකු ගරුබියක් තිබුණ, ධර්මිෂ්ඨ කෙනෙක්” විදිහට. ඒ නිසයි යෙහෝවා සිමියොන්ට පුංචි යේසුස්ව දකින්නත් එයා තමයි අනාගත මෙසියස් වෙන්නේ කියන අනාවැකිය කියන්නත් අවස්ථාව දුන්නේ. (ලූක් 2:25-35) යෙහෝවා බැලුවේ සිමියොන්ට තිබුණ දුර්වල ශරීරය දිහා නෙවෙයි, එයාට තිබුණ ශක්තිමත් විශ්වාසය දිහායි. ඒ නිසයි ‘දෙවියන්ගේ බලය එයා තුළ ක්‍රියාත්මක වුණේ.’

යෝසෙප් සහ මරියා සතුටින් සිමියොන්ට පුංචි යේසුස්ව පෙන්නනවා.

පුංචි යේසුස්ව දකින්නත් එයා මෙසියස් වෙනවා කියන අනාවැකිය කියන්නත් යෙහෝවා සිමියොන්ට අවස්ථාව දුන්නා

මහලු වයස නිසා ඔයාට කලින් තරම් දේවල් කරගන්න බැරි වුණත් ඔයා විශ්වාසවන්තව කරන සේවේ යෙහෝවා ගොඩක් අගය කරනවා. “මොකද දෙවියන් බලාපොරොත්තු වෙන්නේ කෙනෙක් තමන්ට පුළුවන් දේ දෙන එක මිසක් තමන්ට නැති දේ දෙන එක නෙමෙයි.”—2 කොරි. 8:12.

ඒක මතකයේ තියාගෙන ඔයාට කරන්න පුළුවන් දේ ගැන හිතන්න. උදාහරණෙකට පොඩි වෙලාවකට හරි සේවේ කරන්න පුළුවන් මොන වගේ විදිවලින්ද කියලා හිතන්න. එහෙම නැත්නම් සහෝදරයෙක්ට හරි සහෝදරියකට හරි කෝල් එකක් දීලා නැත්නම් කාඩ් එකක් යවලා දිරිගන්වන්න ඔයාට පුළුවන්ද? ඔයා ආදරේ පෙන්නන්න කරන පුංචි දේකට වුණත් පුළුවන් ඔයාගේ සහෝදර සහෝදරියන්ට ලොකු දිරිගැන්වීමක් වෙන්න. විශේෂයෙන්ම ඔයා වගේ කාලයක් තිස්සේ යෙහෝවාට සේවේ කරන කෙනෙක් ඒ වගේ දෙයක් කරද්දී එයාලට ඒක ගොඩක් දැනෙනවා.

කලින් තරම් හයිය හක්තිය නැති වුණත් ඔයාට පුළුවන් උපරිමයෙන් දේශනා සේවේ හවුල් වෙලා සතුට අද්දකින්න. “එයාගේ ජීවිතේ බේරුණා” කියන කොටුවේ තියෙන නැඟෙනහිර අප්‍රිකාවේ අද්දැකීම ඒකට හොඳ උදාහරණයක්.

ඔයා අවුරුදු ගාණක් විශ්වාසවන්තව කරපු සේවේ, දැනටත් කරන සේවේ නිසා හුඟක් අය දිරිගැන්වෙනවා කියන දේ කවදාවත් අමතක කරන්න එපා. මෙච්චර කල් ඔයා විඳදරාගෙන සේවේ කරන එක හොඳ ආදර්ශයක්. ඒ නිසා යෙහෝවා ‘ඔයා කරපු සේවයවත් දෙවියන්ගේ නමට ඔයා පෙන්නපු ආදරේවත් කවදාවත් අමතක කරන්නේ නැහැ. එහෙම කරන්න ඔහු අධර්මිෂ්ඨ කෙනෙක් නෙමෙයි. ඔයා ශුද්ධ අය වෙනුවෙන් සේවය කළෙත් දිගටම එයාලා වෙනුවෙන් සේවය කරන්නෙත් දෙවියන්ගේ නමට තියෙන ආදරේ නිසයි.’—හෙබ්‍රෙ. 6:10.

පුළුවන් තරම් විදිවලින් උදව් කරන්න

කරපු සමීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙනවා අනිත් අයට නිතරම උදව් පදව් කරන මහලු අයගේ ශරීර සෞඛ්‍යය හොඳ තත්වේ තියෙනවා කියලා. ඒ වගේම එයාලට පැහැදිලිව හිතන්න පුළුවන් කියලත් එයාලාගේ ආයු කාලේ වැඩියි කියලත් ඔප්පු වෙලා තියෙනවා.

ඇත්ත, අනිත් අය වෙනුවෙන් දේවල් කළා කියලා මහලු වයසේදී අද්දකින්න වෙන හැම අමාරුකමක්ම නැති වෙන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් දේවරාජ්‍යයට විතරයි. මොකද මහලු වයසට සහ මරණයට හේතු වෙලා තියෙන පව්කාරකම සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්නේ දේවරාජ්‍යයෙන්.—රෝම 5:12.

අනිත් අයට යෙහෝවාව අඳුරගන්න උදව් කරන එක ඇතුළු ඔයා යෙහෝවා වෙනුවෙන් කරන සේවේ ඔයාට උදව් වෙනවා ඔයාගේ බලාපොරොත්තුව ශක්තිමත්ව තියාගන්න. ඒ විතරක් නෙවෙයි ඒක ඔයාගේ ශරීර සෞඛ්‍යයටත් හොඳයි. මහලු සහෝදර සහෝදරියනි, ඔයාලා යෙහෝවා වෙනුවෙන් කරන සේවේ ඔහු ගොඩක් අගය කරනවා කියලා මතක තියාගන්න. ඔයා සභාවේ අයටත් වටිනා සම්පතක්.

මහලු සහෝදරියක් කාට් එකේ සේවේ කරනවා. එයා ඇස්වලින් කඳුළු ගලන කාන්තාවකට බයිබල් පදයක් පෙන්නනවා.

එයාගේ ජීවිතේ බේරුණා

දවසක් තරුණ කාන්තාවක් අපේ කාට් එකක් ළඟින් යද්දී කාට් එක ළඟ හිටපු මහලු සහෝදරිය එයාට කතා කරලා බයිබලේ තියෙන දෙයක් පෙන්නන්නද කියලා ඇහුවා. ඊටපස්සේ එයා යෙරෙමියා 29:11 පෙන්නුවා. ඒකේ තියෙන්නේ යෙහෝවාට ඕනෙ අපිට සාමය ලබා දෙන්න මිසක් කරදර ගේන්න නෙවෙයි කියලා. මහලු සහෝදරිය එයාගෙන් ඇහුවා “ඔයා දැක්කාද දෙවියන්ට ඕනෙ ඔයාට මොන වගේ අනාගතයක් දෙන්නද කියලා?”

ඒක අහලා ඒ කාන්තාවට ලොකු සතුටක් දැනුණා. ඇස් දෙකේ කඳුළු පුරෝගෙන එයා මෙහෙම කිව්වා. “දෙවියන්ට ඕනෙ මට සාමය පිරුණු අනාගතයක් ගැන ලස්සන බලාපොරොත්තුවක් දෙන්න. ඒ පදේ පෙන්නුවට ‘තැන්ක් යූ.’ මේක මගේ යාච්ඤාවට ලැබුණ උත්තරයක්. පහුගිය කාලේ මට එක පිට එක ප්‍රශ්න ආවා. ඒවා දරාගන්න හරිම අමාරුයි. මං ජීවිතේ නැති කරගන්න හිතුවා. අද උදේ මං දෙවියන්ට යාච්ඤා කරලා කිව්වා ඔයා තාමත් මං ගැන හිතනවා නම් ඒකට මට ලකුණක් පෙන්නන්න කියලා. ඊටපස්සේ මං ඇවිදන් යද්දී කවදාවත් දැකලා නැති ඔයා මාව නවත්තලා මේ බයිබල් පදේ පෙන්නුවා. ඒකේ තිබුණේ දෙවියන් මං වෙනුවෙන් කරන්න යන දේ ගැන. මේක නං අහම්බෙන් වුණ දෙයක් වෙන්න බෑ.”

අපේ සහෝදරිය එයාට jw.org වෙබ් අඩවියේ තියෙන ලිපි වගයක් පෙන්නුවා. ඒ ලිපිවල තිබුණේ ජීවිතේ නැති කරගන්න හිතෙද්දී ඒ හැඟීම්වලින් ගොඩ එන්න උදව් වෙන බයිබලේ තියෙන තොරතුරු. අපේ සහෝදරිය බයිබල් පාඩමක් කරන විදිහ ගැන කියලා එයාට රැස්වීම්වලටත් ආරාධනා කළා. ඊළඟ සතියේම මේ කාන්තාව සති අන්ත රැස්වීමකට ආවා. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාවෙන් පාඩමකුත් පටන්ගත්තා.

ඔයා මොන වයසක හිටියත් කාට් එකේ සේවේ කරන්න ඔයාට පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න