සියරා ලියොන් සහ ගිනියාව
කොහේ හිටියත් දෙවිට සේවය කරනවා
ෆිලිප් ටෙංබේ
ඉපදුණේ 1966
බව්තීස්ම වුණේ 1997
තොරතුරු නමස්කාර මධ්‍යස්ථාන පහක් ගොඩනඟන්න උදව් කළ අවතැන් වූ සහෝදරයෙක්.
1991දී අපි ජීවත් වුණ කෝයින්ඩු නගරයට කැරලිකරුවන් පහර දෙද්දී මායි මගේ බිරිඳයි පණ බේරගන්න එහෙන් පළා ගියා. අපි අවුරුදු අටක් ජීවත් වුණේ සරණාගත කඳවුරුවල. එහිදී අපිට හරිහමන් කෑමක් තිබුණේ නැහැ. අපි නිතර අසනීප වුණා. ඒ විතරක් නෙමෙයි කඳවුරේ හුඟක් අය හැසිරුණේ හරිම පහත් විදිහට.
කඳවුරුවල රැස්වීම් තියන්න පොඩි තැනක් දෙන්න කියලා අපි නිලධාරීන්ගෙන් ඉල්ලුවා. සමහර කඳවුරුවල අවසර ලැබුණත් සමහර ඒවායේ ලැබුණේ නැහැ. ඒ මොනවා වුණත් අපි රැස්වීම් තියන්න තැනක් හොයාගත්තා. අපේ අධිෂ්ඨානය වුණේ කොහේ හිටියත් දෙවිට සේවය කරන්නයි. අන්තිමේදී කඳවුරුවල නමස්කාර මධ්‍යස්ථාන හතරක්ම හදන්න අපිට පුළුවන් වුණා.
අවුරුදු ගාණක් තිබුණ යුද්ධය නිසා කෝයින්ඩු නගරය හොඳටම විනාශ වෙලයි තිබුණේ. ඒ නිසා යුද්ධය ඉවර වුණත් අපිට යන්න වුණේ බෝ නගරයේ තිබුණ කඳවුරකට. ශාඛා කාර්යාලයෙන් ලැබුණ සම්මාදම්වලින් එහිදී අපිට පස්වෙනි නමස්කාර මධ්‍යස්ථානයත් හදන්න පුළුවන් වුණා.