ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb14 152-153 පි.
  • දියමන්තිවලට වඩා වටින දෙයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දියමන්තිවලට වඩා වටින දෙයක්
  • 2014 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • සමාන තොරතුරු
  • සියරා ලියොන්වලට මගේ හිත ගියා
    2014 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • මිනිසුන්ව ගෝලයන් කිරීමේ කාර්යය මගේ ජීවිතය හැඩගැස්වුවා
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබට ආත්මික ප්‍රගතියක් ලබන්න පුළුවන්
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කොහේ හිටියත් දෙවිට සේවය කරනවා
    2014 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
තව තොරතුරු
2014 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb14 152-153 පි.

සියරා ලියොන් සහ ගිනියාව

දියමන්තිවලට වඩා වටින දෙයක්

ටැම්බා ජොෂායා

  • ඉපදුණේ 1948

  • බව්තීස්ම වුණේ 1972

  • තොරතුරු සාක්ෂිකරුවෙක් වෙන්න කලින් දියමන්ති ආකරවල සේවය කළ කෙනෙක්. දැන් සියරා ලියොන් ශාඛා කාර්යාලයේ කමිටු සාමාජිකයෙක්.

1970දී මම බ්‍රිතාන්‍ය සමාගමක් යටතේ ටොංගෝ දියමන්ති ආකරවල වැඩ කළා. මමත් නිවාඩුවක් ලැබුණ හැම වෙලේම දියමන්ති හෙව්වා. ගලක් හම්බ වුණාම කෙන්එමා නගරයට ගිහින් ඒක විකුණලා හොඳට විනෝද වුණා.

මට සාක්ෂිකරුවන්ව මුණගැහුණේ 1972දියි. මම එයාලත් එක්ක බයිබලය පාඩම් කරලා මාස 5ක් ඇතුළත බව්තීස්ම වුණා. මං බව්තීස්ම වෙන්න හිටිය සමුළුවට යන්න මට නිවාඩු තිබුණේ නෑ. ඒ නිසා මාත් එක්ක වැඩ කරපු කෙනෙක්ට කිව්වා මගේ වැඩ ටික කරන්න කියලා. එයා ඒකට කැමති වුණත් මගෙන් සතියක පඩි ඉල්ලුවා. මට සල්ලිවලට වඩා බව්තීස්මය වටින නිසා ඒකට කැමති වුණා. මම සල්ලි දෙනකොට එයා කිව්වා දෙවිට සේවය කරන එක හොඳ දෙයක් නිසා සල්ලි එපා කියලා. මාස හයක් ගියාට පස්සේ මම හොඳ පඩියක් ලැබුණ ඒ රස්සාවෙන් අස්වෙලා විශේෂ පුරෝගාමියෙක් වුණා. මට ඕන වුණේ ස්වර්ගයේ වස්තු රැස් කරන්න.—මතෙ. 6:19, 20.

මම අවුරුදු 18ක් විශේෂ පුරෝගාමියෙක් හැටියටත් චාරිකා සේවකයෙක් හැටියටත් සේවය කළා. ඒ කාලයේදී මගේ සේවයට උදව් කරන්න පුළුවන් විශ්වාසවන්ත සහෝදරියක් වන ක්‍රිස්ටිආනා එක්ක විවාහ වුණා. අපිට දුවෙක් ලැබුණා. එයාගේ නම ලිනෙට්.

ඒ කාලේ මගේ සිහිනය දියමන්ති හොයන එක. ඒත් දෙවිට සේවය කිරීමෙන් ලැබෙන ආශීර්වාද දියමන්තිවලට වඩා වටිනවා

යුද්ධය තිබුණු කාලයේදී මමයි ක්‍රිස්ටිආනායි බෝ නගරයේ පුරෝගාමී සේවය කළා. බෝ නගරයත් දියමන්ති ආකරවලට ප්‍රසිද්ධයි. ඒ කාලයේදී හුඟක් අයට සත්‍යය කියලා දෙන්න අපිට පුළුවන් වුණා. ඒ අය තමයි අපිට ලැබුණු දියමන්ති. අවුරුදු 4ක් ඇතුළත බෝ නගරයේ තිබුණු සභාවේ ලොකු වර්ධනයක් සිදු වුණා. දැන් ඒ නගරයේ සභා 3ක්ම තියෙනවා.

2002දී සියරා ලියොන්වල ශාඛා කාර්යාලයේ කමිටු සාමාජිකයෙක් විදිහට සේවය කරන්න මට ආරාධනාවක් ලැබුණා. මමයි මගේ බිරිඳයි නතර වෙලා ඉන්නේ බෙතෙල් එක ළඟ නිවසක. ක්‍රිස්ටිආනා විශේෂ පුරෝගාමියෙක් විදිහටත් අපේ දුව බෙතෙල් එකේ ක්‍රියෝ පරිවර්තන කණ්ඩායමේත් සේවය කරනවා.

ඒ කාලේ මගේ එකම සිහිනය දියමන්ති හොයන එක. ඒත් යෙහෝවා දෙවි ගැන දැනගන්න ලැබුණු එකත් ඔහුට සේවය කිරීමෙන් ලැබෙන ආශීර්වාදත් මට දියමන්තිවලට වඩා වටිනවා. ඒ විතරක් නෙමෙයි යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න 18දෙනෙකුට උදව් කරන්නත් මට අවස්ථාව ලැබුණා. ඇත්තෙන්ම යෙහෝවා දෙවි මං බලාපොරොත්තු වුණාටත් වඩා මට ආශීර්වාද කරලා තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න