ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb14 150-151 පි.
  • මුරටැඹ මනුස්සයා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මුරටැඹ මනුස්සයා
  • 2014 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • සමාන තොරතුරු
  • අපි කැරලිකරුවන්ගෙන් බේරුණා!
    2014 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • නියම ආරක්ෂාව ලැබුණේ යෙහෝවා නිසයි
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • කොහේ හිටියත් දෙවිට සේවය කරනවා
    2014 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • මම ක්‍රිස්තුස්ගේ හේවායෙක්
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2014 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb14 150-151 පි.

සියරා ලියොන් සහ ගිනියාව

මුරටැඹ මනුස්සයා

ජේම්ස් කොරෝමා

  • ඉපදුණේ 1966

  • බව්තීස්ම වුණේ 1990

  • තොරතුරු සිවිල් යුද්ධය පැවති කාලයේ පොත් පත් එහා මෙහා ගෙන යන්න ඉදිරිපත් වුණා.

1997දී කැරලිකරුවන් සහ රජයේ හමුදාව අතර ෆ්‍රීටවුන් නගරයේ ගැටුම් ඇති වෙද්දී ගිනියාවේ කොනක්‍රි නගරයේ තාවකාලික ශාඛා කාර්යාලයට ලියකියවිලි අරගෙන යන්න ඉදිරිපත් වුණේ මම.

දවසක් මායි තවත් කට්ටියකුයි බස් එකේ කොනක්‍රි නගරයට යද්දී ඈතින් වෙඩි ශබ්දයක් ඇහුණ නිසා අපිට ලොකු බයක් දැනුණා. තව ටිකක් යද්දී අපි ළඟින්ම, එක දිගට වෙඩි තියාගන්න සද්දේ ඇහුණා. අපේ බස් එකේ රියදුරා ඉක්මනින්ම බස් එක හරවගෙන වෙන පාරකින් ගියා. ටික දුරක් යද්දී තුවක්කු අතේ තියාගෙන හිටිය කැරලිකරුවන් අපිව නවත්වලා බස් එකෙන් බහින්න කිව්වා. අපෙන් ප්‍රශ්න කෙරුවට පස්සේ යන්න කිව්වා. තව ටිකක් දුර යද්දී තවත් කට්ටියක් අපිව නැවත්තුවා. ඒත් අපේ බස් එකේ හිටපු කෙනෙක් එතැන හිටිය අණ දෙන නිලධාරියාව දැනගෙන හිටිය නිසා අපිට යන්න දුන්නා. නගරයෙන් පිට වෙන්න ඔන්න මෙන්න තියෙද්දී තවත් කට්ටියක් අපිව ප්‍රශ්න කරලා අපිට යන්න කිව්වා. ඒ විදිහට අපි මුරපොළවල් කිහිපයක් පහු කරගෙන කොහොමහරි හවස් වෙනකොට කොනක්‍රි නගරයට ආවා.

ඒ විදිහට මම කිහිප වතාවක්ම පොත් පත්, කාර්යාල උපකරණ, ලියකියවිලි සහ සහනාධාර අරගෙන එහෙට මෙහෙට ගියා. හුඟක් වෙලාවට මම ගියේ කාර් එකේ එහෙම නැත්නම් බස් එකේ. කැලෑ මැදිනුත් ගඟ හරහාත් බඩු ගෙන යන්න වුණ නිසා සමහර වෙලාවට බඩු උස්සගෙන යන අයගේ උදව් ගත්තා. පාරුවෙනුත් බඩු එහා මෙහා අරගෙන ගියා.

එකපාරක් කොනක්‍රිවලට බඩු අරගෙන බස් එකෙන් යද්දී දේශ සීමාව ළඟදී කැරලිකරුවන් පිරිසක් බස් එක නැවැත්තුවා. එක්කෙනෙක් මගේ බෑග් එක දැකලා, සැක හිතිලා මගෙන් ප්‍රශ්න අහන්න පටන්ගත්තා. ඒ වෙලාවේ, මාත් එක්ක එකට ඉගෙනගත්ත කෙනෙක් කැරලිකරුවන් අතර ඉන්නවා මං දැක්කා. එතැන හිටපු අයගෙන් දරුණුම පෙනුමක් තිබුණේ එයාට. මම එකපාරටම කිව්වා මම ආවේ එයාව හම්බ වෙන්න කියලා. ඊටපස්සේ මම එයාට කතා කෙරුවාම එයා මං ළඟට දුවගෙන ඇවිත් මාව බදාගෙන, හිනාවෙලා කතා කෙරුවා. එයා මගෙන් ඇහුවා,

“මොකක්ද ප්‍රශ්නේ” කියලා.

“ගිනියාවට යන්න ඕනේ” කියලා මං කිව්වා.

එයා එකපාරටම අපිට යන්න දෙන්න කියලා අණ කළා. ඒ නිසා අපේ බස් එක පරීක්ෂා කළෙත් නැහැ.

එදායින් පස්සේ ඒ මුරපොළෙන් යන හැම වතාවකදීම මගේ ඉස්කෝලේ යාළුවා මට යන්න අවසර දෙන්න කියලා සෙබළුන්ට කියනවා. ඒ සෙබළුන්ට අපේ සඟරා දුන්නම එයාලා හුඟක් ආසාවෙන් ඒ සඟරා කියෙව්වා. එයාලා මට කිව්වේ මුරටැඹ මනුස්සයා කියලයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න