ඩොමිනිකන් ජනරජය
ජීවිතයට අරමුණක් සොයාගත්තා
හෝසේ එස්ටේවස්
- ඉපදුණේ 1968 
- බව්තීස්ම වුණේ 1989 
- තොරතුරු ජීවිතය සාර්ථක කරගන්න නගරයට ආපු යෞවනයෙක්. ඔහු සත්‍යය දැනගත්තාට පස්සේ දේවරාජ්‍යයට මුල් තැන දීලා වැඩ කළා. 
අවුරුදු 11දී හෝසේ සැන්ටො ඩොමින්ගෝවලට ආවා. ඔහු මුදල් හම්බ කළේ සපත්තු පොලිෂ් කරන එක, දොඩම් විකුණන එක වගේ පොඩි පොඩි රැකියාවල් කරලයි. කාලයක් යද්දී ඔහු වෙහෙස මහන්සි වෙලා වැඩ කරන යෞවනයෙක් හැටියට කා අතරත් ප්‍රසිද්ධ වුණා. දවසක් ඔහුගේ අයියා එයාගේ ගේ බලාගන්න හෝසේට භාර දුන්නා. ඔහුගේ අයියා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. හෝසේ ඒ ගෙදරට ගියාම මේසේ උඩ ‘පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක’ කියන පොත තියෙනවා දැකලා ඒක අරන් කියවන්න පටන්ගත්තා. ඔහු එදා රෑ ඒ මුළු පොතම කියෙව්වා. ජීවිතයට වටිනා දෙයක් හම්බ වුණා කියලා එදා ඔහු තේරුම්ගත්තා.
හෝසේ ඊළඟ සති අන්තයේ නමස්කාර මධ්‍යස්ථානයට ගිහින් එහේ හිටපු අයට කිව්වේ ඔහුත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කියලයි. රැස්වීම් එන එක, ශුභාරංචිය දේශනා කරන එක ගැන විතරක් නෙමෙයි ක්‍රිස්තියානීන් වැළකිලා ඉන්න ඕන දේවල් ගැනත් ඒ පොතෙන් ඔහු දැනගත්තා කියලා සහෝදරයන්ට කිව්වා. ඒ පොතේ වැරදියි කියලා සඳහන් වෙන දේවල් ඔහු කරන්නේ නැහැ කියලත් ඔවුන්ට කිව්වා. දවස් 15කට පස්සේ හෝසේ ප්‍රචාරකයෙක් වුණා. මාස 6කට පස්සේ ඔහු බව්තීස්ම වුණා. එතකොට ඔහුට අවුරුදු 21යි.
හෝසේ කරකර හිටපු රස්සාවෙන් රැස්වීම්වලට හා සේවයට බාධා ඇති වුණ නිසා ඔහු වෙන රස්සාවකට ගියා. ඒකෙන් ඔහුට ලැබුණේ කලින් රස්සාවෙන් හම්බ වුණු පඩියෙන් හතරෙන් එකක් වුණත් ඔහුට රැස්වීම් යන්නත් ස්ථාවර පුරෝගාමි සේවය කරන්නත් කාලය ලැබුණා. ඒත් විවාහ වුණාට පස්සේ ඔවුන්ට පුත්තු දෙන්නෙක් ලැබුණු නිසා හෝසේට පුරෝගාමි සේවය නවත්වන්න වුණා.
තමන්ගේ දරුවන්ට ළදරු වයසේ ඉඳන්ම සත්‍යය කියලා දෙන්න හෝසේ අධිෂ්ඨාන කරගෙන හිටියා. ඒ නිසා බිරිඳ පළවෙනි දරුවා හම්බ වෙන්න මාස තුනක ගැබිනියක්ව ඉන්න කාලේ ඉඳන්ම කුසේ ඉන්න දරුවාට ඇහෙන්න ඔහු ‘මගේ බයිබල් කතන්දර පොත’ කියෙව්වා. ඒගොල්ලන්ගේ දෙවෙනි පුතා හම්බ වෙන්න ඉද්දීත් ඔහු ඒ දේම කළා.
කාලයක් යද්දී හෝසේට කළමනාකරුවෙක් හැටියට රස්සාවක් ලැබුණා. ඒකෙ පඩිය කලින් හම්බ වුණු එකට වඩා 10ගුණයකින් වැඩියි. ඒත් 2008දී ඒ කියන්නේ ඔහුගේ දරුවෝ දෙන්නා අවුරුදු 10ක් සහ 13ක් වෙද්දී ඔහු ඒ රස්සාවෙන් අස් වුණා. ඊටපස්සේ පවුලම එකතු වෙලා ස්ථාවර පුරෝගාමි සේවය කරන්න පටන්ගත්තා. ඔවුන්ගේ අදායම ගොඩක් අඩු වුණු නිසා පවුලේ හැමෝම වියදම් කළේ අරපිරිමැස්මෙන්. ඔවුන් හතරදෙනා මාසෙකට බයිබල් පාඩම් 30ක් විතර කරනවා. රාජ්‍යයට මුල් තැන දුන්නොත් යෙහෝවා දෙවි ආශීර්වාද කරනවා කියලා යේසුස් පොරොන්දු වුණා. (මතෙ. 6:33) දෙවි ඒ පොරොන්දුව ඉටු කරන ආකාරය හෝසේ සහ ඔහුගේ පවුලේ අය හොඳින්ම අද්දැකලා තියෙනවා.