ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g05 1/8 3 පි.
  • පෙනුම ගැන ලතවීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පෙනුම ගැන ලතවීම
  • 2005 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ජීවිතයට අරමුණක් සොයාගත්තා
    2015 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • “සිංහයෙක් වගේ සටන් කළා”
    2015 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • ලස්සන වීමට ගොස් සිදු වන හදියක්
    2005 පිබිදෙව්!
  • පීඩා විඳදරාගන්න අයට ආශීර්වාදවලින් අඩුවක් නැහැ
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2005 පිබිදෙව්!
g05 1/8 3 පි.

පෙනුම ගැන ලතවීම

මාරියාa හොඳ පවුල් පසුබිමක් තිබෙන සාර්ථක යුවතියක්. ඒත් ඇය සතුටෙන් නොවෙයි කල් ගෙවන්නේ. එයට හේතුව ඇය ඇගේ පෙනුම ගැන සෑහීමට පත් නොවන නිසයි. ඇගේ පවුලේ අය ඇයව සනසන්න උත්සාහ දැරුවත් මාරියා සිතන්නේ ඇය ලස්සන නැහැ කියලායි. ඒනිසා ඇය සිටින්නේ කනස්සල්ලෙන්.

හෝසේ වැදගත් පවුලක තරුණයෙක්. බැලූ බැල්මට සන්තෝෂයෙන් සිටීමට ඔහුට අවශ්‍ය හැම දෙයක්ම තිබෙනවා. ඒත් ඔහු සිතන්නේ කවමදාකවත් ඔහුට බිරිඳක් සොයාගැනීමට බැරි වෙයි කියලා. එයට හේතුව මොකක්ද? හෝසේ හිතන්නේ තමන්ට හොඳ පෙනුමක් නැහැයි කියලා. ඔහු අවලස්සනයි කියලා හිතන අවස්ථාවලුත් නැතුව නෙවෙයි. ඒවගේම ගැළපෙන කාන්තාවක් ඔහුට කැමති වෙන එකක් නැහැයි කියා ඔහු නිගමනය කොට හමාරයි.

අට හැවිරිදි ලූයිස් පාසැල් යෑමට සහ අන් අය සමඟ ඇසුරට ප්‍රියතාවක් දක්වනවා. ඔහු පාසැල් මිතුරන් සමඟ සෙල්ලම් කිරීමටත් කැමතියි. නමුත් ඔහු මහතයි කියා ඔහුගේ මිතුරන් විහිළු කරන නිසා ඔහු නිතර අඬනවා.

මෙවැනි අද්දැකීම් අසාමාන්‍ය දේවල් නොවෙයි. මාරියා, හෝසේ සහ ලූයිස් යන අයට තිබෙන්නේ ආත්ම විශ්වාසයේ අඩුවක් කියලා ඔවුන්ව සුළුවෙන් තැකීම හොඳ දෙයක් නෙවෙයි. ඔවුන්ගේ ගැටලුව තමන්ගේ පෙනුම නිසා කොන් වීමට තිබෙන අකමැත්තයි. එය අප කොයි කාටත් තිබිය හැකි ගැටලුවක්.

කෙසේනමුත් සමාජය පෙනුමට අනවශ්‍ය තැනක් දී තිබෙනවා. ඇත්තටම සමාජයේ ඉහළට නඟින්න නම් බොහෝවිට හොඳ පෙනුමක් අවශ්‍ය බවයි පෙනීයන්නේ. උදාහරණයකට කඩවසම් සහ ප්‍රියකරු පෙනුමක් තිබෙන අයට වැඩි රැකියා ප්‍රස්තා ලැබෙන බව පෙනෙන්න තිබෙනවා. ලතින් අමෙරිකානු හා කැරිබියානු කාන්තා සෞඛ්‍ය සංගමයේ අධ්‍යක්ෂකවරියක වන පීලාර් මූරුයේඩාස් පවසන ආකාරයට “ඉහළට නඟින්න අත්‍යවශ්‍ය දේවල් අතුරින් වැදගත් දෙයක් වන්නේ ප්‍රසන්න පෙනුමක්.” ආචාර්යවරියක් වන ලෝරා මාටිනස් කියන විදිහට නම් කාන්තාවන් ගැන සලකා බැලීමේදී “හැම දෙයකටම වඩා ඔවුන්ගේ පෙනුමට තමයි මුල් තැනක් හිමි වන්නේ.”

බොහෝ පුරුෂයන්ද “පිරිපුන් දේහයක්” අත් කරගැනීමට අනවශ්‍ය ලෙස කරදර වෙනවා. ඇත්තටම ගැහැනු පිරිමි දෙපාර්ශ්වයේම සිටින බොහෝදෙනෙකු ලස්සන වීම පසුපස වියරුවෙන් හඹා යනවා. ලස්සන මුහුණක් හෝ සිහින් නාරි දේහයක් ලබාගැනීම සඳහා බොහෝදෙනෙක් නොකා නොබී සිටීමට හෝ වේදනාකාරී ප්‍රතිකාර පවා කරගැනීමට පෙලඹෙනවා. මෙම හඹා යෑම ප්‍රයෝජනදායකද? යම් අනතුරු තිබෙනවාද?

[පාදසටහන]

a නම් වෙනස් කර තිබෙනවා.

[3වන පිටුවේ පින්තූරය]

ශාරීරික පෙනුම කෙනෙකුගේ ඉදිරි ගමනට බලපෑ හැකියි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න