ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb15 2-3 පි.
  • 2015 වාර්ෂික පදය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 2015 වාර්ෂික පදය
  • 2015 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වී ආශීර්වාද ලබන්න
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “යෙහෝවා දෙවිට ස්තුති කරන්න”
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “සියලු සැනසිල්ලේ දෙවි” කෙරෙහි විශ්වාසය තබන්න
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා ඔයාට පෙන්නන ආදරය හරිම විශේෂයි!
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2015 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb15 2-3 පි.
2, 3වන පිටුවල පින්තූරය

2015 වාර්ෂික පදය

“යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු යහපත්ය.”—ගීතාවලිය 106:1

රතු මුහුද ළඟදී පාරාවෝගෙන් හා ඔහුගේ හමුදාවෙන් ඊශ්‍රායෙල්වරුන්ව බේරාගත්තම යෙහෝවා දෙවිට ස්තුති කරන්න ඔවුන්ට ගොඩක් හේතු තිබුණා. අද අපිටත් යෙහෝවා දෙවිට ස්තුති කරන්න හුඟක් හේතු තියෙනවා. විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙද්දී කලකිරීම් ඇති වෙන එක සාමාන්‍යයි. ඒත් ඒ වගේ වෙලාවලදී යෙහෝවා දෙවි අපිට කරලා තියෙන ආශීර්වාද ගැන හිතනවා නම් සහනයක් හා ශක්තියක් ලබාගන්න ඒක අපිට උදව් වෙනවා.

ළඟදීම මේ දුක් වේදනා නැති කරන එක යෙහෝවා දෙවි අපිට කරන ලොකුම ආශීර්වාදයයි. ඒ වෙන කල් අපිට මොන වගේ දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වුණත් දෙවි කවදාවත් අපිව අත්හරින්නේ නැහැ කියලා අපි දන්නවා. අපේ ප්‍රේමණීය පියාණන් ඔහුට විශ්වාසවන්තව සේවය කරන්න හැම අතින්ම අපිට උපකාර කරනවා. මොකද ඔහු “අපේ රැකවරණයය. අපේ ශක්තියය. දුක් කරදරවලදී අපිට පිහිට වීමට ඔහු සූදානමින් සිටින්නේය” කියලා බයිබලයේ කියනවා. (ගීතා. 46:1) අපි නිතරම දෙවි අපි වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන හිතනවා නම් මොන තරම් දුෂ්කරතා ආවත් ඒවාට හොඳින් මුහුණ දෙන්න අපිට පුළුවන්. ඒ නිසා අපි මේ වසර පුරාම දෙවි කරලා තියෙන ආශීර්වාද මතක් කරගමු. එතකොට “යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න, යෙහෝවා දෙවිට ස්තුති කරන්න” අපිට පුළුවන් වෙයි. “මන්ද ඔහු යහපත්ය.”—ගීතා. 106:1.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න