පසුගිය වසරෙන්
නන් දෙසින් වාර්තා – ලොව වටා සිදුවීම්
තොරතුරු බෙදාගත්තා
කියුබාවේ හැම තැනකම අන්තර්ජාල පහසුකම් නැහැ. එක් දුරකථන ආයතනයක් මගින් අන්තර්ජාල පහසුකම් සපයන ස්ථාන පවත්වාගෙන ගියත් තොරතුරු ඩවුන්ලෝඩ් කරගන්න ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ නිසා jw.org වෙබ් අඩවියෙන් ප්‍රයෝජන ලබාගන්න කරන්න පුළුවන් දෙයක් ගැන ශාඛා කාර්යාලයෙන් සභාවන්ට යෝජනා කළා. ඔවුන් කිව්වේ සභාවේ එක් ප්‍රචාරකයෙක් ප්‍රකාශන, වීඩියෝ සහ පටිගත කරලා තියෙන දේවල් ඩවුන්ලෝඩ් කරගෙන ඇවිත් අනිත් අයත් එක්ක බෙදාගන්න කියලයි. ඒ ක්‍රමය හරිම සාර්ථකයි.
නමස්කාර මධ්‍යස්ථානයට මුල් තැන
අවුරුදු 10ක් හා 8ක් වයස ටෙඕනා සහ ටාමුනා ජීවත් වෙන්නේ ජෝර්ජියාවල. මේ අක්කටයි නංගිටයි ඕන වුණා ෆෝන් එකක් ගන්න. ඒ නිසා එයාලගේ ආච්චි, හැම මාසයකම ලැබෙන විශ්‍රාම වැටුපෙන් ගාණක් ඒ දෙන්නට දෙන්න පොරොන්දු වුණා. හදිස්සියෙම ආච්චි මැරුණත් පවුලේ අය ආච්චිගේ අන්තිම විශ්‍රම වැටුප මේ ළමයි දෙන්නට දුන්නා. ඒත් ළමයි දෙන්නා සභාවට මෙහෙම ලියුමක් එවලා තිබුණා. “තව සති දෙකකින් අපේ ගමේ අලුත් නමස්කාර මධ්‍යස්ථානයක් හදන්න පටන්ගන්නවා කියලා අපි දන්නවා. අපේ ආච්චිට ලොකු ආසාවක් තිබුණා ඒකට උදව් කරන්න. ෆෝන් එකක් ගන්නවට වඩා ආච්චිගේ විශ්‍රාම වැටුප සම්පූර්ණයෙන්ම සභාවේ වැඩවලට සම්මාදම් කරන්න අපි හිතුවා. අපිට ලස්සන නමස්කාර මධ්‍යස්ථානයක් හදලා දෙන්න.”
ග්‍රීක ලියවිලි ටෙටුම් භාෂාවෙන්
2014 ජනවාරි 17වෙනිදා නැඟෙනහිර ටිමෝරයේ ඩිලිවලදී පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වන ජෙෆ්රි ජැක්සන් ‘ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ නව ලොව පරිවර්තනය’ ටෙටුම් භාෂාවෙන් මුදාහැරියා. ඒ රටේ වැඩියෙන්ම කතා කරන භාෂාව ඒකයි. මීට කලින් ටෙටුම් භාෂාවෙන් ග්‍රීක ලියවිල්ල පරිවර්තනය කරලා තිබුණේ කතෝලික පල්ලියයි. ඒත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ටවත් ඔවුන් එක්ක බයිබලය ඉගෙනගන්න අයටවත් පල්ලියෙන් බයිබල් විකුණන්න කැමති වුණේ නැහැ. කතෝලික පල්ලියෙන් පරිවර්තනය කරපු බයිබල්වල හුඟක් වැරදි තිබුණා. සමහර අදහස් අයින් කරලා තිබුණා. ගොඩක් පරණ වචන වගේම මුද්‍රණ දෝෂත් තිබුණා. ‘නව ලොව පරිවර්තනය’ ගැන මිෂනාරි සහෝදරයෙක් වන ඩැරන් කිව්වේ මෙහෙමයි. “ටිමෝරයේ ඉන්න අය ‘නව ලොව පරිවර්තනය’ කියවලා ඒකෙ නිවැරදිකම දැක්කම ඒ අයත් බයිබලයක් ඉල්ලනවා. ඒක කියවන්න ලේසියි කියලත් ඔවුන් කියනවා. ඒ ගෙවල්වල රෑට එතරම් ආලෝකයක් නැති නිසා ලොකු අකුරින් තියෙන බයිබලය කියවන්න එයාලා හරිම කැමතියි. බයිබල් ගත්ත හුඟදෙනෙක් දැන් බයිබල් පාඩම් කරනවා.”
‘යෙහෝවා දෙවිට මාව වටිනවා’
මැසිඩෝනියාව: සේවයේදී රෝමානි භාෂාවෙන් තියෙන ප්‍රකාශන යොදාගනිමින්
2014 ජනවාරිවල ඉඳලා මැසිඩෝනියාවේ රෝමානි භාෂාව කතා කරන අය වෙනුවෙන් කරන පරිවර්තනවල ලොකු වෙනසක් වුණා. දැන් ඒ භාෂාවට ප්‍රකාශන පරිවර්තනය කරන්න ස්ථිර පරිවර්තන කණ්ඩායමක් ඉන්නවා. ඒ අයට රෝම අකුරුවලින් විතරක් නෙමෙයි සිරිලික් අකුරුවලිනුත් ප්‍රකාශන පරිවර්තනය කරන්න අවසර ලැබුණා. රෝමානි භාෂාව කතා කරන අයට වැඩියෙන්ම හුරු සිරිලික් අකුරු නිසා මේක ඔවුන්ට ලොකු සහනයක්.
තමන්ට හුරු භාෂාවෙන් පොත් පත් කියවන්න ලැබුණු එක ගැන රෝමානි කතා කරන හුඟදෙනෙක්ට දැනෙන්නේ ලොකු සතුටක්. සහෝදරියක් ඒ ගැන මෙහෙම කිව්වා. “රෝමානි භාෂාව කතා කරන නිසා මාව අනිත් අය පහත් කරලා සලකනවා කියන එක මට දැනිලා තියෙනවා. ඒත් මගේම භාෂාවෙන් පොත් පත් දීලා යෙහෝවා දෙවි මාව වටින කෙනෙක් විදිහට සලකන එක ගැන මං දෙවිට ස්තුති කරනවා. මං දැන් ඉස්සරට වඩා දෙවිට ළං වෙලා.”
“මගේම භාෂාවෙන් පොත් පත් දීලා යෙහෝවා දෙවි මාව වටින කෙනෙක් විදිහට සලකන එක ගැන මං දෙවිට ස්තුති කරනවා”
අලුත් අධීක්ෂණයක්
2014 පෙබරවාරි 1වෙනිදා සිට ජැමෙයිකාවේ හා කේමන් දූපත්වල තියෙන සභාවන් අධීක්ෂණය කරන්නේ එක්සත් ජනපදයේ ශාඛා කාර්යාලයෙනුයි. ඒ කාර්යාලය යටතේ තියෙන ප්‍රදේශවල ප්‍රචාරකයන් මිලියන 1.2කට වඩා ඉන්නවා. එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50ක, බහමාස්වල, බර්මියුඩාවල, පෝටෝ රිකෝවල, බ්‍රිතාන්‍යයට හා ඇමරිකාවට අයත් වර්ජින් දූපත්වල ඉන්න අය මෙන්ම ටර්ක්ස් හා කායිකෝස් දූපත්වල ඉන්න අයත් ඒකට අයිතියි.
ජපානයේ පුරෝගාමීන්
ජපානයේ ඉන්න සහෝදර සහෝදරියන් තුළ පුරෝගාමි සේවය කරන්න තියෙන්නේ පුදුම උද්යෝගයක්. ලෝකේ වැඩිම ස්ථාවර පුරෝගාමීන් සංඛ්‍යාවක් ඉන්න රටවල් අතරින් 4වෙනි තැන ඉන්නේ ජපානයයි. 2014 සේවා වසර මුලදී 2,646දෙනෙක් අලුතින් පුරෝගාමි සේවය පටන්ගත්තා. දැන් පුරෝගාමීන්ගේ සංඛ්‍යාව 65,668 දක්වා වැඩි වෙලා තියෙනවා. 2014 මාර්තු මාසයේදී ප්‍රචාරකයන්ගෙන් අඩකටත් වඩා වැඩිදෙනෙක් යම් ආකාරයක පුරෝගාමි සේවයක නිරත වුණා කියලා වාර්තා වෙනවා.